පින්නවල අලි ජාත්‍යන්තරය හමුවේත් අනාථයි

පින්නවල අලි ජාත්‍යන්තරය හමුවේත් අනාථයි

ආසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් අලි අනාථාගාර පහ අතර අපකීර්තිමත්ම ආයතනය පින්නවල අලි අනාථාගාරය බව ලෝක සංරක්ෂණ සංගමයේ ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් සඳහන් කර තිබේ.

ආසියාවේ අලි අනාථාගාර පිළිබඳ විවිධ රටවල සංචාරකයන්ගෙන් අදහස් ඇසුරින් කරන ලද අධ්‍යනයේ ප්‍රථිපලයක් ලෙස මෙම පරීක්ෂණ සටහන ලියැවී තිබේ.

එම සමීක්ෂණය සඳහා රටවල් 35 ට අයත් සංචාරකයින් 279 දෙනෙකු යොදාගෙන ඇති අතර ඉන් 37% ක් පින්නවල අලි අනාථාගාරයේදී ලැබූ අත්දැකීම් අසතුටු දායක බව සඳහන් කර තිබේ.

මෙම අසතුටුදායක තත්ත්වයට හේතුව ලෙස අලි ඇතුන්ට අකාරුණික ලෙස සැළකීම, අත්ගොව්වන්ගේ අකටයුතුකම්, සංරක්ෂණය සම්බන්ධ උනන්දුව මද වීම, අධික ගාස්තු අයකිරීම ඇතුළු හේතු දහයක් දක්වා තිබේ.

එම දත්ත අතර වැඩිම පිරිසක් අකමැත්ත පළකර තිබෙන්නේ අලි ඇතුනට හිංසාකාරී ලෙස සැලකීම සහ අත්ගොව්වන්ගේ නොමනා හැසිරීම පිළිබඳවයි.

මෙම සමීක්ෂණය සඳහා දත්ත ලබාගෙන තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ සංචාරක කර්මාන්තයට අදාල වෙබ් අඩවියක් වන TripAdvisor හරහායි.

මෙහි සංචාරකයන් සඳහා ඔවුන්ගේ අත්දැකීම් සටහන් කිරීමට මෙන්ම එය අංකනය කිරීමටද අවස්ථාව ලබාදී තිබේ. මෙම දත්ත 2016 වසරේ අගෝස්තු පළමුවෙනිදා සිට 2017 ජනවාරි 31 දක්වා සංචාරකයන් සඳහන් කර ඇති විස්තරයි.

පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර තිබෙන්නේ 1975 වර්ෂයේදී වන අතර මෙය දැනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයතනයකි.

පර්යේෂණ පත්‍රිකාව පහත සඳහන් දිගු මගින් බාගත හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න