රනිල්ගේ මීළඟ 'කුමන්ත්‍රණය' මෙන්න ! - (ජනාධිපති කාර්යාල නිලධාරියාගේ විග්‍රහයකි )

රනිල්ගේ මීළඟ 'කුමන්ත්‍රණය' මෙන්න ! - (ජනාධිපති කාර්යාල නිලධාරියාගේ විග්‍රහයකි )

ඊයේ (21) දිනයේ නියමිතව තිබූ කැබිනට් සංශෝධනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රමිකව අදට කල් දැමූ අතර අදටත් එය සිදුනොවන ලෙස අද ඔහු කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක සඳහන් වේ.

විශේෂ දේශපාලන විග්‍රහයක් ලෙස පළකර ඇති එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

''මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවේ අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙර ජනාධිපතිවරයාට එකඟ වූ පරිදි කැබිනට් සංශෝධනය සිදු නොකෙරෙන තැනට වැඩ කරමින් සිටී.

අද රනිල් වික්‍රමසිංහ විසින් යොමු කර ඇති කැබිනට් සංශෝධන මඟින් ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු බව කියූ කිසිඳු අමාත්‍යංශයක් හෝ විෂය පතයක් වෙනස් කිරීමට එකඟතාවයක් දක්වා නොමැති බවට වාර්තාවේ.

අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු බව සඳහන් කළ නීතිය හා සාමය, මුදල්, ආයෝජන වැනි අමාත්‍යංශ පෙර පරිදිම තබාගැනීමට රනිල් විසින් සැලසුම් කර ඇති අතර මෙය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට හරවා යවා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ජනාධිපතිවරයා විසින් සිදුකරන බව කියූ රැඩිකල් කැබිනට් සංශෝධනයටද රනිල් විසින් උපක්‍රමශීලි ලෙස පහර දෙමින් රට සහ ආණ්ඩුව දිනෙන් දින අරාජිකත්වය කරා ගෙන යමින් සිටී.

රනිල් දෙන්න සැරසෙන අලුත්ම ගේම:

රනිල් මේ උපක්‍රමශීලීව කාලය කමින් පහර ගසන්නට සැරසෙන්නේ වෙන කිසිවෙකුට නොව, ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටය.

රනිල්ව අගමැති පුටුවෙන් ඉවත් කරගැනීමට නොහැකි වී ඇති තත්වයක් තුල මේ වන විට ජනාධිපතිවරයාට තමන් සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ඔහු සමඟ ශ්‍රීලනිප ආණ්ඩුවක් විශ්වාස කළ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයාගෙන් දුරස් වීමේ අවදානමක් පවතී.

රනිල් මෙසේ කල්මරමින් ජනාධිපතිවරයාගෙන් දුරස්වෙමින් සිටින මන්ත්‍රීවරුන් එජාපය වෙත බා ගැනීමේ සැලැස්මක් සිදුවිය හැකි අතර එයින්ද කඩා වැටෙන්නේ ජනාධිපතිවරයාය.

එම නිසා රනිල් විසින් කාලය කා දමමින් සිදුකරන මෙම කූට උත්සහය පරාජය කිරීම ආණ්ඩුවේ පමණක් නොව රට අරාජිකත්වයෙන් මුදා ගැනීමේ මෙහෙයුමක්ද වනු ඇත. ''

reeead

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න