රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා : රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මැතිවරණ නීති කඩලා !

රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා : රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මැතිවරණ නීති කඩලා !

මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය දේපොළ අවභාවිත කර ඇති බව අනාවරණය වෙයි.

මේ බව අනාවරණය වන්නේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් . ඒ. චූලානන්ද පෙරේරා විසින් යොමුකර ඇති ලිපියක් හරහා ය.
 
ඊට අනූව තොරතුරු සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ  ඔහුගේ කාර්‍ය මණ්ඩලය ඇතුළත් 6 දෙනෙකු වෙත  අමාත්‍යාංශය විසින් නිකුත්කළ වාහන 8ක් අප්‍රේල් 4 වනදා තෙක් භාරදීමට ඔහු කටයුතු කර නැත.
 
එබැවින් ඊට අදාළ ලිපි දෙකක් අමාත්‍යාංශ ලේකම් විසින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන වෙත යොමුකර ඇති අතර ඒ කිසිම අවස්ථාවක අමාත්‍යවරයා වාහන අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කර නැත.
 
ඒ අනූව 2020 අප්‍රේල් 04 යොමුකර ඇත්තේ තෙවන (03) සිහිකැඳවීමේ ලිපිය ය.
 
IMG 20200423 WA0008

IMG 20200423 WA0009

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ලබාගෙන ඇති වාහන !
 
 සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවේ කැබිනට් අමාත්‍යවරුන් හැර අන් කිසිවෙකුට, එනම් ඊට පෙර ඇමැති , රාජ්‍ය ඇමැති , නියෝජ්‍ය අමාත්‍ය , වැනි කිසිවෙකුට තනතුරට අදාළව ලබාදුන් වාහන පමණක් නොව කිසිදු රජය සතු දේපොළක් භාවිතා කළ නොහැකිය.
 
එබැවින් අමාත්‍යාංශ ලේකම් විසින්  රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන වෙත දන්වා ඇත්තේ රජයේ  නීතියට අනූව සහය දෙන ලෙසය. 
 
 ඕනෑම පාර්ලිමේන්තු නියෝජිතයකුට අවසර ඇත්තේ නිල නිවසේ මාස 3ක් රැඳෙන්නට පමණි. 
 
 ඒ මැතිවරණයෙන් පසුව  පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුවක් එන තුරුය. 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න