ජනතාව අමාරුවෙන් : විදුලි ගාස්තුවෙන් සහනය දෙන්න !

ජනතාව අමාරුවෙන් :  විදුලි ගාස්තුවෙන්  සහනය දෙන්න !

නිෂ්පාදන පිරිවැය අඩුවීම නිසා විදුලි ගාස්තු අඩුකර විදුලි පාරිභෝගිකයන්ට සහනයක් දෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

අද (23) නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර පාරිභෝගිකයන්ට ගෙවීමට අපහසු නිසා මාර්තු සහ  අප්‍රේල් මස විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල් සදහා විදුලි ඒකකයක මිල සංශෝධනය කරන ලෙසත් ඉල්ලා ඇත.
 
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
නිෂ්පාදන පිරිවැය අඩුවීම නිසා විදුලි ගාස්තු අඩුකර විදුලි පාරිභෝගිකයාට සහනයක් ලබා දෙන්න.

මේ වන විට ඩීසල් විදුලි බලාගාරවලින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ලබා ගනු ලබන්නේ රුපියල් 35.00 - 40.00 වැනි මිලකටය. එසේ වැඩි මිල ගනනකට විදුලි ඒකකයක් ලබා ගැනීමට සිදුව ඇත්තේ විදුලිබල මණ්ඩලය හා පෞද්ගලික විදුලිබලාගාර අතර අත්සන් කර ඇති අසාධාරණ ගිවිසුම් නිසාය. එම අසාධාරණ ගිවිසුම් අහෝසි කරන බව ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම තුළ පැහැදිලිවම සදහන් කොට ඇත.ඒ අනුව එවැනි ගිවිසුම් අහෝසි කරන ලෙසද අපි රජයෙන් ඉල්ලා සිටිමු.

මෙම අවස්ථාවේ ඩීසල් ලීටරයකින් රජයට රුපියල් 90.00ක ලාභයක් ලැබෙන බව හිටපු අමාත්‍යවරයෙකු   ප්‍රකාශකර ඇත. එම නිසා විදුලි ඒකකයක නිෂ්පාදන වියදම විශාල මුදලකින් අඩු වී ඇත. එසේ අඩු වී මේ වාසිය පාරිභෝගිකයාට ලබා දෙන ලෙස අප සංවිධානය රජයෙන් ඉල්ලා සිටිමු.

මාර්තු සහ  අප්‍රේල් මස විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල් සදහා විදුලි ඒකකයක මිල සංශෝධනය කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේ විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල ගෙවීම අසීරුවන නිසාය. ඒ අනුව නිෂ්පාදන පිරිවැය අඩුවීමේ වාසිය විදුලි පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තවද විදුලි ඒකකයක මිල අඩු වීම නිසා එහි වාසිය මෙරට කර්මාන්තකරුවනට ලැබෙන අතර ඔවුන්ගේ නිෂ්පාදන වියදම අඩුවීමේ වාසියද පාරිභෝගිකයාට ලැබෙනු ඇත.

ස්තුතියි 

මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති - පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න