කඩින් කඩ ඡන්ද තිබීමත් හබක් : පොළොන්නරුවෙන් පළමු කොවිඩ් රෝගියා හමුවෙයි !

කඩින් කඩ ඡන්ද තිබීමත් හබක් : පොළොන්නරුවෙන් පළමු කොවිඩ් රෝගියා හමුවෙයි !
කඩින් කඩ හෝ දිස්ත්‍රික්ක  වශයෙන් මැතිවරණය පැවැත්වීම කෙරෙහි  අවධානය යොමු කර සිටියත් එම ප්‍රයත්නය ද අසාර්ථක වන තත්ත්වයක් පෙනෙන්නට ඇත.
 
ඒ මෙතෙක් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා නොවූ  දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වාර්තා වෙමින් ඇති නිසාය.
 
ඒ අනූව අද (22)   කොවිඩ් 19 වෛරසය ආසාදනයවූ රෝගියකු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්  හමුවී ඇති අතර ඒ එම දිස්ත්‍රික්කයේ වාර්තා වූ පළමු රෝගියාය.
 
මෙම රෝගියා   32 හැවිරිදි  වැලිසර නාවික හමුදා කඳවුරේ විදුලි හා  විද්‍යුත් අංශයේ සේවය කර ඇති භටයෙකු  වන අතර මෙතෙක් ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආකාරය සොයාගෙන නොමැති බවත් වාර්තා වේ.
 
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන ආකාරයට මෙම සෙබළා පසු ගිය අප්‍රේල් 17 වන දා නිවාඩු ලබා වැලිසර කඳවුරෙන් පොළොන්නරුව පුලස්තිගම පිහිටි  නිවසට ගොස් ඇත.
 
පසුව මතු වූ රෝගී තත්ත්වය හේතුවෙන් අප්‍රේල් 20 වන දා ඔහුව රෝහල් ගත කර ඇත. මෙම නාවික හමුදා සෙබලාට කොවිඩ් 19  වෛරසය  ආසාදනය වී ඇති බව සොයා ගෙන ඇත්තේ අද එම රෝහලේ  සිදු කළ පරීක්ෂණයේ දී ය.
 
එසේ ම මේ වන විට නාවික හමුදා සෙබළාගේ නිවස ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12ක් වසා දැමීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.
 
තවද  කොවිඩ් 19 ආසාදිත හමුදා සෙබළා වැලිසර නාවික හමුදා කඳවුරේ දී ආශ්‍රය කළ සහ සමීපව ඇසුරු ඇසුරු කල අය  සම්බන්ධව  මේ වන විට සොයා බලමින් සිටින බවද වාර්තා වන අතර කඳවුර තුළ  විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නගා ඇති බව ද වාර්තා වෙයි.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න