හිටපු කතානායක කරූ මෙවරත් සූදානම් !

හිටපු කතානායක කරූ මෙවරත්  සූදානම් !

පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් රැස් නොකර සිටියත්, කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් ඇති බවට ඉදිරිපත්ව තිබෙන නීති තර්කය පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නොත්, හිටපු කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව කැකැඳවීමට සූදානම් බව සඳහන් වෙයි.

අනිද්දා පුවත්පතේ වෙබ් අඩවිය මේ සම්බන්ධව වාර්තා කරන අතර අදාළ සූදානම හිටපු කතානායක වෙතින් ඔහුගේ  හිතවතුන් කළ විමසීම්වලදී දැක්වූ ප්‍රතිචාරයක් ලෙසත් වාර්තා කර ඇත .

එම පුවතේ  වැඩිදුරටත් මෙසේ ද දැක්වෙයි.

හිටපු කතානායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ උක්ත නීති තර්කය පාවිච්චි කරමින්, තමන් මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු නොවන බවය. එසේ වුවහොත් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවනු ඇති බව ඔහු කියා තිබේ. කෙසේ වෙතත්, එම නීති තර්කය මත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමක් සිදුකළොත් ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව ඇති බව ඔහු කියා තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ගෙවී යෑමට පෙර දිනයක් නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය ලෙස ජනාධිපතිවරයා නියම කළ යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇති අතර, වසංගත තත්වය නිසා මාස තුනක් ගෙවී යෑමට පෙර නව පාර්ලිමේන්තුව රැස් කළ නොහැකිය. එම නිසා මීට පෙර පැවති පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවට නීති තර්කයක් ඉදිරිපත් වී තිබේ.

මීට පෙර 2018 නොවැම්බර් මාසයේදී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධීව ගැසට් පත‍්‍රයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ මොහොතේද එම තීන්දුව ව්‍යවස්ථා විරෝධී බවත්, කතානායකවරයාට පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවත් නීති තර්ක ඉදිරිපත් විය. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරන තෙක් පාර්ලිමේන්තුව රැස් නොකරන බව ඒ මොහොතේ කරු ජයසූරිය මහතා කියා තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න