මැතිවරණ සමයේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ලෙස නරේන්ද්‍ර සිල්වා නැමැති අයෙකුව පත් කර ඇති බවත් එම පත්කිරීම නීති විරෝධී බැවින් ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇති වන කොමිසමට පැමිණිලි කර තිබේ.
එම ලිඛිත පැමිණිල්ල අද (22) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපති විසින් සිදු කර ඇත.
මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත යොමු යොමුකළ ලිපිය පහත දැක්වේ.
2020-04-22
මහින්ද දේශප්‍රිය මහතා
සභාපති
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව
සරණ මාවත, රාජගිරිය
සභාපතිතුමණි,
මැතිවරණ සමයේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ වැඩබලන සාමන්‍යාධධිකාරිවරයා ලෙස නරේන්ද්‍ර සිල්වා නැමැති අයව පත් කිරීම.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාවේ අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලංකා විදුලි පුද්ගලික සමාගමේ වැඩබලන සාමාන්‍යධිකාරිවරයා ලෙස නරේන්ද්‍ර සිල්වා නැමැති අය පත් කර ඇත. මෙසේ පත් කිරීම එම පුද්ගලයාට උසස්වීමක් ලබා දීමකි.
මෙම පුද්ගලයාට මෙසේ උසස්වීමක් ලබා දීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් වන බැවින් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔබ කොමිසමෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.
මෙයට, විශ්වාසි
රංජිත් විතානගේ - සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
පිටපත: මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්

