අජිත් රෝහණ කෝ : ඊළඟට ශවේන්ද්‍ර සිල්වා ද ?

අජිත් රෝහණ කෝ : ඊළඟට ශවේන්ද්‍ර සිල්වා ද ?

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ හිටි හැටියේ 'අතුරුදන්' වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙමින් තිබේ.

කොරෝනා මැඩලීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ පෙරමුණට ගැනීමත් සමග යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ ජනතාව අතර වීරයින් බවට පත්විය.

ආණ්ඩුවේ හා පෞද්ගලික මාධ්‍යවලින් සිදු කළ එම ඔසවා තිබීම කොතෙක් ද යත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එය වාර්තා කර තිබුනේ, කොරෝනා විසින් රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයා ප්‍රමුඛ ප්‍රබල ඇමතිවරුන් 'ශීරෝ' කරමින් ශවේන්ද්‍ර හා අජිත් රෝහණ 'හීරෝ' කර ඇති බවටයි.

කොරෝනා මර්ධන මෙහෙයුම ආරම්භයේ සිට පසුගිය සති කිහිපය දක්වා සම්ප්‍රදායික මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍ය තුල ද අතිශයින්ම ජනප්‍රිය චරිත වී සිටියේ මොවුන් දෙදෙනා සහ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලය.

මෙසේ දේශපාලනික නොවන චරිත කිහිපයක් 'වීරයින්' ලෙස ඉස්මතුවීම රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැමුන්ගේ බලවත් කනස්සල්ලට හේතුවී තිබු අතර ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලය හරහා ජනාධිපතිවරගේ උපදේශකයින් කිහිප දෙනෙකුට මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකුට දැනුවත් කිරීම් ද සිදුකර තිබු බව වාර්තාවේ.

Dr. Seetha Arambepolaපළමු 'ගොදුර' බවට පත්වුයේ 'වියත්මග' විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලය

ඒ අනුව පළමු 'ගොදුර' බවට පත්වුයේ දැඩි ගෝඨාභය වාදිනියක වන 'වියත්මග' විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලය. ඇයට එරෙහිව ක්‍රියාත්මක වුවන් අතර ආණ්ඩුවේ ප්‍රබල කාන්තා චරිතයක් ද සිටි බවට රාවයක් පැතිර තිබිණ.

එසේම, යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහිවද ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ම එවැනි බරපතල විරෝධයක් එල්ලවී ඇතැයි මාධ්‍ය වාර්තා වල සඳහන් විය. ඒ, ඔහු 2025 ජනාධිපතිවරණයට සුදුසුබවට ආණ්ඩුවට සහයදෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද පොස්ටු පළකරමින් සිටි තත්වයක් තුලය.

ඒ අතර පසුගිය දින කිහිපයෙහි මාධ්‍යවලට නැතිවම බැරි චරිතයක් බවට පත්ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන අජිත් රෝහණ මේදිනවල මාධ්‍යවල පෙනී නොසිටීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පලවන විවිධාකාරයේ අදහස් පලවෙමින් තිබේ.

ලලිත හේවාගමගේ සිය FB පිටුවේ පළකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ.

lalitha post

අජිත් රෝහණ 'කපා දමා' ඇද්දැයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රධානියකු ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, එය දේශපාලනික තීන්දුවක් නොව පොලිසියේ අභ්‍යන්තරයෙන්ම ගෙන ඇති රාජකාරිමය තීන්දුවක් බවයි.

'' පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ නෙමෙයි. ඔහු හිටපු මාධ්‍ය ප්‍රකාශක. කලක සිටම ඔහු මාධ්‍යවේදීන්ට සමීප ජනප්‍රිය චරිතයක්. ඒ නිසා කොරෝනා මර්ධනයට ආරක්ෂක හා පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග ඔහු මාධ්‍ය ඉදිරියේ පැහැදිලිව ප්‍රකාශ කළා. එක ශාවේන්ද්‍රටත් ලොකු හයියක් වෙලා තිබුනා.

ඇත්තම කිවොත් වැඩබලන පොලිස්පතිට වඩා ඔහු ජනප්‍රියයි. මීළඟ පොලිස්පති වීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර තියුණු සටනක් තියනවා. අජිත් රෝහණ කැපියාම එහි ප්‍රතිපලයක්. ආණ්ඩුවේ දේශපාලනඥයින් ගත් තීන්දුවක් නෙමෙයි.'' එම මාධ්‍ය ප්‍රධානියා කියා සිටියේය.

(ද ලීඩර් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න