මෛත්‍රීගේ 'ඩබල් ගේම්'වලට අපි අහුවෙන්නේ නැහැ - ඒකාබද්ධය කියයි

මෛත්‍රීගේ 'ඩබල් ගේම්'වලට අපි අහුවෙන්නේ නැහැ - ඒකාබද්ධය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්පසෙකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ්‍රීලනිපයේ සුසිල් ප්‍රේමජයන්ත කණ්ඩායම උසි ගන්වන අතරේ, එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බවත් එවැනි 'ඩබල් ගේම්'වලට මහින්ද රාජපක්ෂ මහතා හසුනොවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට අත්සන් කරමින් ඇති දිවුරුම් ප්‍රකාශ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම අත්සන් තබා නොතිබීම ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණයක් බවද ඔහු කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ මෙහෙයුම කඩාවැටී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ අදහස කිසිඳු ලෙසකින් අත්හැර නැතැයි පැවසු එම මන්ත්‍රීවරයා, කෙසේවුවද සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි ඇතුළු ජනාධිපතිවරයාට හිතවත් ඇමතිවරුන් පිරිසක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරවීමේ ලියවිල්ලට මේ වන තෙක් අත්සන් තබා නැතැයි පැවසිය.

අගමැති හා එජාප මන්ත්‍රීවරුන් අතර සාකච්ජාවක්

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ජාවක් අරලිය ගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවැත්වේ.

පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතව ඇති බැවින් පවතින දේශපාලන තත්වය තුල ඉදිරි දින කිහිපය තුලදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න