
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් , මාධ්‍යවේදීන් , දේශපාලන පක්ෂ මෙන් ම මිනිස් සමාජ ක්‍රියාකාරීන් ද ඒ අතර වෙයි.
අප්‍රේල් 25 වන දාට යෙදී තිබූ මහ මැතිවරණය නිමිත්තෙන් නාම යෝජනා භාර ගන්නා අවසාන දිනය වූ පසුගිය මාර්තු 19 වන දා වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 60ක් පමණ විය. ඒ වන විට කිසිදු මරණයක් ද වාර්තා වී තිබුණේ නැත. නමුත් ජුනි 20 මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස මැතිවරණ කොමිසම නම් කරන විට කොවිඩ් ආසාදිතයින් 304ක් වාර්තා වී තිබූ අතර මියගිය ගණන හතක් ලෙස සඳහන්ව තිබිණ.
එසේම මහ මැතිවරණය ජුනි 20 ලෙස නම් කළ අප්‍රේල් 20 වනදා යනු රෝගීන් 33ක් වාර්තාවූ එක් දිනක් තුල වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා කළ දිනය ද විය.
බොහෝ දෙනෙකු විවේචනය කර සිටින්නේ මේ තත්ත්වයයි.
මාර්තු 19 නාමයෝජනා බාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියේ මැතිවරණය පවත්වන්නේ මැයි මසද, ජූනි මසද, ජූලි මසදැයි කිව හැක්කේ කොරෝනා වෛරසයට පමණක් බවත්, මැතිවරණය පවත්වන දිනය කවදාදැයි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශයට පත් කරන බවය.
දැන් ජුනි 20 මැතිවරණ දිනය විවේචනය කරන්නන් ප්‍රශ්න කර සිටින්නේ එදින වන විට කොවිඩ් 19 වසංගතය අවසන් බවට සහතිකය දුන් සෞඛ්‍ය බලධාරීන් කවුද යන්න ය. එසේ ම විවේචකයන් බහුතරයක අදහස වී ඇත්තේ මැතිවරණ දිනයක් ප්ර කාශයට පත් නොකර සිටීමට මැතිවරණ කොමිසමට අවස්ථාව තිබූ බව ය.
ඊට ප්‍රධානම කරුණු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය පමණක් නොව මහ මැතිවරණයක තිබිය යුතු ප්‍රජාතන්ත්‍රික වටපිටාව අහිමි වීම හේතුවෙන් එනම් ඡන්ද දායකයන්ට මැතිවරණ ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහ පක්ෂ සතු මැතිවරණයක් ආශ්‍රිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි වන පසුබිම මැතිවරණ කොමිසම සැලකිය යුතුව තිබූ බවය.
පාර්ලිමේන්තු හෝ වෙනත් ඕනෑම මැතිවරණයක් යනු කෙසේ හෝ පවත්වන මැතිවරණයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක එහි අයිතිවාසිකම් සමග කටයුතු කිරීමට සැලසිය යුතු අවස්ථාවක් බවත් ශිෂ්ට සමාජයේ ස්වාධීන මැතිවරණ කොමිසමක අපේක්ෂාව එය බවත් මෙම ජුනි 20 විවේචක මතය වී තිබේ.
ජුනි 20 තීන්දුවට සමගි ජනබලවේගය විරෝධය දක්වයි !

මේ අතර ව්‍යාකූල සහ අවිනිශ්චිත වටපිටාවක් තුළ අත්තනෝමතික ලෙස මැතිවරණයට දින නියම කිරීම පිළිබඳව තම බලවත් විරෝධය සහ නොසතුට පළ කරන බව සමගි ජනබලවේගය මහ ලේකම් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

