ඊයේ (20) පිලියන්දල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලින් හමු වූ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනා මෙතෙක් තිබෙන නිරෝධායන ක්‍රියාවලියට පිටතින් හමුවූවන් බව corona මැඩීම සඳහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා වන හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත.
මෙම රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණය කර ගත නොහැකි වී ඇති බවත් වාර්තා වෙයි.
එහෙත් මෙම මාළු ව්‍යාපාරිකයා සිය වෙළඳ කටයුතු සඳහා ගිය ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒ ඔස්සේ විමර්ශන සිදු වන බවත් වාර්තා වෙයි.
එසේම මේ වන විට පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15 ක පුද්ගලයන් 71ක් නිරෝධායනය ට ලක් ලක් කර ඇති බවත් වාර්තා වෙයි.
මැනිං මාර්කට් එක වහයි !
පිළියන්දල ප්‍රදේශයේ මෙම මාළු ව්‍යාපාරිකයන් පැලියගොඩ මැනිං මාළු වෙළඳ පොළටද ආව ගිය අයෙකු බව අනාවරණය වීමත් සමග එම වෙළෙඳ පොළ වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර ඇත.
වෙළෙඳ සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කර සිටියේ දින තුනක කාලයක් සඳහා මෙසේ මාළු වෙළෙඳ පොළ වසා දමන බවය.
එසේම සෞඛ්‍ය බලධාරීන් මේ වන විට සියලු දෙනාට ෆිට් පරීක්ෂණය සිදුකර ගන්නා ලෙස දැනුම් දී ඇති බව ද ඔහු පැවසූ අතර ඉදිරියේදී ඒ කටයුතු සිදුකරන ගන්නා බව ද පැවසී ය.
තව ද බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමු වූ රෝගියා ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සිදු ව ඇත්තේ කෝට්ටේ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් බව සෞඛ්‍ය අංශ සැක කරයි.
මේ වන විට සෞඛ්‍ය අංශ අනාවරණය කර ගෙන ඇත්තේ මෙරටින් හමු වූ 114 වන ආසාදිතයා ගොස් තිබූ කොට්ටාව ප්‍රදේශයේ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය ට රුධිර පාරවිලන කටයුතු සඳහා සතියට තෙවරක් මෙම බොරලැස්ගමුවේ හමුවූ ගියා රෝගියා ගොස් ඇති බවයි.
ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් වාර්තා වෙයි.
බණ්ඩාරනායක මාවතේ 1010ක් හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලට !
මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති කොළඹ 12 , බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පවුල් දෙසිය හතළිස් දෙකක පුද්ගලයන් 1010ක් හමුදා විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.
මේ වන මේ ප්‍රදේශය මුළුමනින් ම හුදෙකලා කර ඇති අතර එයින් රෝගීන් පනස් හතක් (57) හමු වී ඇත. එයින් රෝගීන් 32ක් වාර්තා වූයේ ඊයේ දිනයේ ය.
රෝගීන්ගේ වැඩි වීමක් !
ඒ අනුව අද (21) මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 309ක් වන අතර සුවය ලැබූ ප්‍රමාණය සීයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන ප්‍රමාණය 200 ඉක්මවන බවත් මරණ හතක් දැනට වාර්තා වී ඇති බවත් වාර්තා වී තිබේ.

