කොවිඩ් ආසාදිතයින් 304 යි : පැතිරීම වැඩිවීම වගකීම ආණ්ඩුව ගත යුතුයි - වෛද්‍ය සංගමයක් කියයි

කොවිඩ් ආසාදිතයින් 304 යි : පැතිරීම වැඩිවීම වගකීම ආණ්ඩුව ගත යුතුයි - වෛද්‍ය සංගමයක් කියයි

කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය අද (20) මේ වන විට 304 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙතෙක් එක් දිනයක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වූ දිනය ලෙස අද සැලකෙන අතර එම ප්‍රමාණය 33කි.

තවද  මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් ප්‍රමාණය ද ඉහල ගොස් ඇති අතර එම ප්‍රමාණය 199ක් ලෙස සෞඛ්‍ය  අමාත්‍යංශ වාර්තා තහවුරු කරයි.

එසේම මේ වන විට 98 දෙනෙකු සුවය ලබා ඇති බවත් හත් දෙනකු මරණයට පත්ව ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.

කොරෝනා වැඩිවුණොත් වගකීම ආණ්ඩුව ගතයුතුයි - සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 

මේ අතර කොරෝනා පැතිරීම වැඩි වුණොත්, එහි වගකීම ආණ්ඩුව සම්පූර්ණයෙන් භාර ගත යුතු බවත්, එය ජනතාව සහ සෞඛ්‍ය අංශ පිට පැටවීමට සූදානම් නොවිය යුතු" බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පවසයි.

ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

තව දුරටත් අදහස් දක්වමින්  ඔහු මෙසේද පවසා ඇත.

"දවල්ට ඇදිරි නීතිය නොදා රෑට විතරක් ඇදිරි නීතිය දාන එක බොරු වැඩක්. කොරෝනා රෑට පමණක් බෝවෙන වෛරසයක් නෙමෙයි. මිනිස්සුන්ට කිව්වට මීටරයක් දුරින් ඉන්න කියලා, ඕක හැම තැනම වෙන්නේ නැති බව අපි අත්දැකීමෙන් දන්නවා...

ආණ්ඩුව උත්සාහ කරන්නේ රටේ කොරෝනා ප්‍රශ්නයක් නෑ කියලා අගවන්න.

ඇදිරි නීතිය ඉවත් කිරීමේදී ආණ්ඩුව සෞඛ්‍ය අංශයේ වැදගත් උපදෙස් සලකා නැහැ. මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාලය උපදෙස් දී තිබෙනවා මගී ප්‍රවාහනය නොකරන ලෙස. ඒත්, ආණ්ඩුව එය සැලකිල්ලට ගෙන නැහැ..

නිරෝධායතන වලින් පමණයි කොරෝනා රෝගීන් හමුවෙන්නේ කියන එක සුබවාදී දෙයක් නෙමෙයි. ඒක එහෙම වෙන්නේ අනික් තැන්වල කොරෝනා පරීක්ෂාව නොකරන නිසා. රෝග ලක්ෂණ පෙන්න්නුම් නොකරන රෝගීන් සිටීම භයානකයි. ඔවුන් නොදැනුවත්ව හෝ රෝගය පතුරුවනවා."

"හමුදා නිලධාරීයෙකුට කොරෝනා පොසිටිව් වුණ කතාව ආණ්ඩුව හැංගුවා. ආණ්ඩුව තොරතුරු වසන් කරනවා".

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න