සැකසහිත රෝගීන් සංඛ්‍යාවත් ඉහළට : මැතිවරණය දැන් එපා - ජාතික භික්ෂු පෙරමුණ

 සැකසහිත රෝගීන් සංඛ්‍යාවත් ඉහළට : මැතිවරණය දැන් එපා - ජාතික භික්ෂු පෙරමුණ

අද (20) දින මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු නොවු නමුත්  වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වාර්තා අනුව  එම ප්‍රමාණය 192 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ආසාදිතයින් අතුරින් 96 දෙනෙකු  සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මරණ 7 ක් වාර්තා වී ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වාර්තා තහවුරු කරයි.

භික්ෂු පෙරමුණ වෙතින් ජනාධිපතිට ඉල්ලීමක් !

මේ අතර මැතිවරණය  කල්දමා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජාතික භික්ෂු පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එම පෙරමුණෙහි සභාපති හඳුගල රතනපාල හිමියෝ අද (20) තංගල්ලේදී පැවසූහ.

ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල හිමියන්, ලේකම් ශාස්‍රපති වකුමුල්ලේ උදිත හිමියන් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල හිමියෝ මෙසේ පැවසූහ.

ජනාධිපතිවරයා පාරිලමේන්තුව විසිරුවද්දි පැවැති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි දැන් තිබෙන්නේ. සෞඛ්‍ය අංශය විසින් පැහැදිලි කරන ආකාරයට අපේ රටේ ඉදිරි කාලය මොනවගේ තත්ත්වයකට පරිවර්තනය වෙයිද කියන්න බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ.ආණ්ඩුව විසින් ඉක්මන් මහ මැතිවරණයක් දක්වා යෑමට අවහ්‍ය වටපිටාව සකස් කරගෙන ඒ අවශ්‍ය කරුණු සපයමින් සිටින ආකාරයක් දක්නට තිබෙනවා.

ඇති වී තිබෙන වසංගත තත්ත්වය තම දේශපාලන අරමුණු ඉටු කරගන්න ඔවුන් සූදානම් වී තිබෙන ආකාරයක් තමයි දකින්නට තිබෙන්නේ. මේ වෙලාවේ අපිට මැතිවරණයක් අවශ්‍යද.

එයට සුදුසු පරිසරයක් තිබෙනවාද .සෞඛ්‍ය අංශ පවසන පරිදි අපේ රට තවමත් යථා තත්ත්වයට පත් වුණේ නැහැ. මේ වෙලාවේ පාර්ලිමේන්තුව අක්‍රීය වී තිබෙන්නේ.

කැබිනට් මන්ඩලය සහ ජනාධිපතිවරයා පමණයි මේ වෙලාවේ කටයුතු කරන්නේ. මේ නිසා රටේ බරපතළ ගැටළු සහගත තත්ත්වයක් ඇති වී තිබෙනවා.

කොරෝනා උවදුර මැඩපැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම බරපතළ බාධාවක් වී තිබෙනවා. රජය මූල්‍යමය ගැටළුවකටත් මුහුණ දී තිබෙනවා.

විවිධ තීන්දු තීරණ ගැනීමේදී තනි තීරණ ගැනීමේ තත්ත්වය රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබෙන අනවබෝධය නිසා ඇතැමුන් විවිධ කතා කියනවා. මේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු අවස්ථාවක් නෙවෙයි.

ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අහෝසි කරන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න