මහින්ද දේශප්‍රිය නම් කීර්තිමත් රාජ්‍ය සේවකයා : ජනයාව මරාට බිලි දෙයිද ? මරික්කාර් (වීඩියෝ )

මහින්ද දේශප්‍රිය නම් කීර්තිමත් රාජ්‍ය සේවකයා : ජනයාව මරාට බිලි දෙයිද ? මරික්කාර්  (වීඩියෝ )

මේ එළඹෙමින් තිබෙන්නේ මේ රටේ ජනතාව මාරයා කරා කැන්දගෙන යාමේ හෝරාව පිළිබඳව මැතිවරණ කොමිසම තීන්දුවක් ගනිමින් සිටින අවස්ථාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

අද (20) මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙහි බව සඳහන් කළ අතර මේ රටේ බිහි වූ විශිෂ්ටතම   රාජ්‍ය නිලධාරීයකු බව කියැවෙන මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රජාතන්ත්‍රවාදය  විනාශකර මේ රටේ ජනතාව මාරයාගේ හෝරාව ට කැන්දාගෙන යාමට සූදානම් ද යන්න දැනගන්න ලැබෙනු ඇති බවත් ඔහු  පවසයි.

එහි දී හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ මැතිවරණ කොමිසමේ සභාපති ආන්ඩුවේ බලපෑමට යටත් වෙයිද , මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ට හානි දෙන යමක් සිදුවේද , කොවිඩ්  වසංගතය සම්බන්ධව ලැබෙන වාර්තා අනුව මේ මැතිවරණයක් සඳහා සුදුසු අවස්ථාවක් ද යන කරුණු සම්බන්ධව ය.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය  රත්නජීවන් හූල් විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති ලිපියත්, එහි දී මැයි 28 වන දා මැතිවරණය පැවැත්වීමට දක්වා ඇති විරෝධයක්  හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කර සිටියේ ය.

එසේ ම අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 24 ක් සහ ඊයේ 18 ක් ලෙස රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් ඇති බවත් එ බැවින් මෙවැනි මොහොතක මැතිවරණයක් පැවැත්වීම මාරයාගෙ හෝරාව ට ජනතාව කැඳවා යන මරා ගේ මැතිවරණයක් බවත් ඔහු පැවසී ය.

මෙහිදී එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ දැන් අවශ්‍ය මැතිවරණයක් නො ව ජනතාවගේ ජීවිත බේරා ගන්නා , මට ගින්නට විසඳුම් දෙන ආර්ථිකය සකස් කිරීම බවය.

තමන් මැතිවරණ පැවැත්වීමට  විරුද්ධ නැති බවත්  නමුත් මැතිවරණයට යා යුතු ව ඇත්තේ වසංගත තත්වය අවසන් කර ගැනීමෙන් පසුව බවත් ඔහු පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න