කල් තබනු ලැබූ මහ මැතිවරණය මාර්තු 28 වන දා පැවැත්වීමට ගැසට් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
මේ බව අනාවරණය වන්නේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් විසින් අද (20) මාධ්‍ය වෙත යොමු කර ඇති ලිපියක් හරහා ය.
එම ලිපියේ සඳහන් වන්නේ, අප්‍රේල් මස 14 වැනි දා කොමිසමේ සභාපතිවරයා තමා වෙත දුරකතන ඇමතුමක් දී අද පැවැත්වෙන කොමිෂන් සභාවේ රැස්වීමට සහභාගී වන්නේදැයි විමසා, මැයි මස 28 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවය.
තමා එය ප්‍රතික්ෂේප කරමින් මෙම ලිපිය කොමිෂන් සභාව වෙත යොමු කරන බව මහාචාර්ය රත්නජීවන් හුල් සඳහන් කර තිබේ.
මැයි මස 28 වැනි දා මැතිවරණය පැවැත්වීම සඳහා තමා එකඟනොවන බව සාධාරණීකරණය කිරීමට මහාචාර්යවරයා කරුණු 7 ක් යටතේ සිය මතය ඉදිරිපත් කර තිබේ.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද අද (20) සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් "1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයකුට පක්ෂයකට ,කණ්ඩායමකට විශේෂ පක්ෂපාතිත්වයක් දක්වා නැත . ඉදිරියට දක්වන්නේද නැත." යනුවෙන් සඳහන් කර තිබේ.
කොමිසමේ සභාපති තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වේ.
අද 2020 අප්රේල් 20 රැස්වීමේදී මැතිවරණ දින නියම කිරීම සම්බන්ධයෙන් මැකොස කුමක් කරන්නේද යන්න දේශපාලන ක්‍රියාකාරීහු , මාධ්‍යවේදීහු ඇතුළු අපගේ මිතුරෝ මගෙන් විමසති.
මැකොස මතය ගැන මට කිසිවක් නොහැකිය . මක්නිසාද යත් එය තිදෙනකුගෙන් සමන්විත බැවිනි . එමෙන්ම මැකොස තුළ කතා කළ යුතු දේ , විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු , කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම මා හෝ මැකොස අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බැවිනි .
එහෙයින් මා දරණ මතය මට දැන් පුකාශ කිරීමට නොහැකිය
කෙසේවුවද පවත්නා තත්වය හා අදාළ සියලුම කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයක් පිළිබඳව මැකොස සාකච්ඡා කරනු ඇත . කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැකොස සතුය .
ඒ පිළිබඳව විවිධ අදහස් ජන මාධ්‍ය තුළ පළවූ නමුත් එම දින වකවානු තීරණය කිරීම පිළිබඳව එනම් කල් තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්,තැබීමට හෝ පැවැත්වීමට හෝ මැකොසට නියම කිරීමේ බලපෑම් කළ නොහැකිය එසේවුවද අප වෙත සංනිවේදනය කරන ලද සෑම කරුණක් කෙරෙහිම හා රටේ තත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සදහා පනවා ඇති නියම පිිළිබඳව මෙන්ම නිදහස් , සාධාරණ , විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්දවිමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද තරගය සම භූමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බවද අප විසින් සලකා බලනු ලැබේ .
COVID 19 වෛරසයේ බලපම හා එහි පාලනය පිළිබඳව මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අදාළ ක්ෂෙත්‍රවල ප්‍රවීණයන්ගේ මෙන්ම නිසි බලය සහිත රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් මෙන්ම අපගේ නිලධාරීන්ගේ අදහස් මැකොස විමසා බලනු ඇත .
එමගින් වඩාත් සුදුසු තීරණය ගැනීමට මැකොසට හැකිවන ඇතැයි අපේක්ෂිතය . මා 1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයකුට පක්ෂයකට ,කණ්ඩායමකට විශේෂ පක්ෂපාතිත්වයක් දක්වා නැත .
ඉදිරියට දක්වන්නේද නැත . මාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය . අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය , ජනතාවට පමණක්ය . ජනතාවට පමණක්මය .
COVID 19 ට පරාජය !!!
ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය !!!
මැකෝ හිරවෙලාද ?
මේ අතර දේශපාලන පක්ෂ පමණක් නො ව මාධ්‍යවේදීන් , සිවිල් සමාජ සහ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් අද මැතිවරණ කොමිසමේ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව සම්බන්දව අවධානයෙන් සිටින බවක් පෙන්නුම් කරයි. අද උදෑසන නීතිඥ ශිරාල් ලක්තිලක සිය ෆේස්බුක් ගිණුමේ පහත සටහන තබා තිබිණ.

මේ අතර නිවුස් ටියුබ් වෙබ් අඩවිය සමඟ නිතර සංවාදයේ යෙදෙන දේශපාලන විචාරකයන් කිහිප දෙනෙකුම මැතිවරණ කොමිසමේ අද තිබෙන සාකච්ඡාව සඳ හා බැසිල් රාජපක්ෂ සහභාගි නොවීම විශේෂ කොට අවධාරණය කරන බවක් දක්නට ලැබිණ.
එසේ ම දේශපාලන වාර්තාකරුවන් විසින් අවස්ථා කීපයක දී මහ මැතිවරණය මැයි මස අවසන් සතියේ පැවැත්වීම සඳහා සාකච්ඡා සිදු වෙමින් පවතින බව දැනුම් දෙනු ලැබිණ. කෙසේ වුවත් ගෝලීය වසංගත තත්ත්වයක් සහ මෙරටත් ඇති අවදානම සැලකිල්ලට ගෙන එනම් "දේශපාලන වාද විවාද - ස්වාධීන රාජකාරි - මිනිස් ජීවිත අවදානමේ වැටීම" සලකා ප්‍රචාරය නොකළ නමුත් ඇතැම් මාධ්‍ය මේ සම්බන්ධ ව ඉඟි පළ කර තිබිණ.
දිනයක් නියම කරන්න ඕනෑ බව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කියලා !

මේ අතර අනිද්දා පුවත්පත වෙබ් අඩවියේ පළමු අනාවරණය සඳහන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා අතරින් එක් සාමාජිකයෙකු අපේ‍්‍රල් 20 වැනිදා රැස්වන කොමිෂන් සභාව හදිසි මැතිවරණයට දිනයක් නියම කළ යුතු බවට තීරණාත්මක අදහසක සිටින බවත් තම හිතවතුන් සමඟ ඒ අදහස මත පදනම් වෙමින් තර්ක කර ඇති බවත් අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වන බවය.
දිනයක් නියම කරන්න ඕනෑ බව මැතිවරණ කොමිසම සාමාජිකයෙක් කියලා යන ශීර්ෂයෙන් යුතුව එම පුවතේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබිණ ගැනීමට නියමිත තීන්දුව ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් කිසිම අදහසක් නිල වශයෙන් ප‍්‍රකාශ කර නැතත්, ඒ ආරංචි මාර්ග අනුව ඉහත කී සාමාජිකයා මැතිවරණයට දිනයක් නියම කළ යුතුයැයි අපේ‍්‍රල් 20 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර සාකච්ඡාවේදී බලපෑම් කරනු ඇතැයි වාර්තා වේ.
ඉතිහාසයේ අන් කවරදාටත් වඩා මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් වෙත රටේම අවධානය යොමුවී ඇත. ඒ නිසාම, අපට වාර්තා වන කරුණ ගැන වචනයක් සඳහන් කිරීම ඉතා වැදගත්ය.මේ වන විට ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, රජයේ වෘත්තිය සමිති, ආණ්ඩු හිතවාදී දේශපාලන පක්ෂ හැර අනෙකුත් දේශපාලන පක්ෂ, හිටපු කථානායකවරයා, හිටපු විපක්ෂ නායකයා සිවිල් සංවිධාන ඇතුළු මේ තීන්දුවට අදාළ පාර්ශ්වයන් සියල්ලම පාහේ අවදානම පහව යන්නට පෙර හදිසි මැතිවරණයක් පැවැත්වීම අනුවණකමක් බව කියා ඇත.
ආණ්ඩුව මේ හදිසියේ මැතිවරණයක් ඉල්ලන්නේ දැනට විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව ඉදිරි මාස කිහිපය දක්වා රැුස්කරන්නට පුළුවන්කම තිබියදීය. මේ මැතිවරණය ඉදිරි මාස කිහිපයට අදාළ මාතෘකාවක් නොවේ. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට 19 වැනි සංශෝධනයෙන් ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණයටත් වඩා රටට තීරණාත්මක බව තර්ක කළ හැකිය.
රටේ වැදගත්ම මැතිවරණයක් වන මෙය හැමදාම උදා වන අවස්ථාවක් නොවේ. ඉදිරි වසර හතරහමාරක්වත් ගෙවෙන තුරු මේ මැතිවරණයේදී ජනතාව ගන්නා තීන්දුව ඍජුව බලපානු ඇත. ඉන්පසුව වසර සීයකටත් එහා අනාගතය දක්වා මේ මැතිවරණයේදී ජනතාව ගන්නා තීන්දුව බලපානු ඇත.නැවත කොමිෂන් සභාව දෙසට හැරෙමු. මේ මොහොතේ කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත විශාල පීඩනයක් ඇති බව පැහැදිලිය.
ඒ පීඩනය මත කොමිෂන් සභාව ස්වාධීන සහ ස්වාධීන බව මහජනතාවට පෙනෙන තීන්දුවක් ගත යුතු බවත් පැහැදිලිය. එම සාමාජිකයන් තිදෙනාම පසුගිය වසර කිහිපය තිස්සේ අඩු වැඩි වශයෙන් තමන්ගේ වගකීම ඉටු කර ඇති බවත් පැහැදිලිය.එහෙත් දැන් ඔවුන් ඉදිරියේ අලූත් අභියෝගයක් ඇත. අපි සියලූදෙනාම ඒ දෙස බලා සිටින්නෙමු.
මේ සටහනේ මුලින්ම සඳහන් කළ කරුණ නැවත සිහිපත් කළ යුතුය. අපට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ එක් කොමිෂන් සභා සාමාජිකයෙකු මැතිවරණයට දිනයක් නියම කළ යුතු බව අදහසක සිටින බවය.ඔහු හිතවතුන් සමඟ කියා ඇත්තේ මීට පෙර මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු අපේ‍්‍රල් 25 වැනිදා වන විට කොමිෂන් සභාව මැතිවරණ දිනයක් නියම නොකළහොත් ජනාධිපතිවරයා ඉන්පසුව මැතිවරණ දිනයක් නියම කරනු ඇති බවය.
ඉන්පසුව ජනාධිපතිවරයා තමන්ගේ නිලධාරීන් යොදවා මැතිවරණය පවත්වනු ඇති බවය.ජනාධිපතිවරයාට එවැන්නක් කිරීමට බලය ලැබුණේ කෙලෙසදැයි එම කොමිෂන් සභා සාමාජිකයා පැහැදිලි කර නැත. මැතිවරණ දිනය ජනාධිපතිවරයාට නියම කළ හැකි බව පැහැදිලිය. හදිසි තත්වයක් ඇතිවුවහොත් කොමිසමට දිනය කල් දැමීමට බලය තිබෙන බවත් පැහැදිලිය.එහෙත් කොමිසම මැතිවරණය කල් දැමීමෙන් පසුව ජනාධිපතිවරයාට දින නියම කරන්නට බලය ලබාදුන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ කුමන වගන්ති යටතේදැයි පැහැදිලි නැත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ එවැනි ප‍්‍රතිපාදනයක් තිබේයැයි ලියුම්කරුට නම් දකින්නට ලැබුණේ නැත.එම කොමිෂන් සභා සාමාජිකයාගේ බිය සාධාරණ යැයි සිතමු.ඔහු හිතවතුන් සමඟ කියා ඇති පරිදි කොමිසම දිනයක් නියම නොකළහොත් ජනාධිපතිවරයා දිනයක් නියම කොට, කොමිසමේ සාමාජිකයන්ගේ තීන්දුවට පිටින් මැතිවරණය පවත්වනු ඇතැයි මොහොතකට අනුමාන කරමු.තත්වය එසේ වුණත්, කොමිසම එම කාරණයට බියෙන් තීන්දුවක් ගත යුතු නැත. කොමිසම ගත යුත්තේ මේ මොහොතේ තර්කානුකූල තීන්දුවය. ජනාධිපතිවරයා ගනු ඇතැයි අනුමාන කරන තීන්දුවකට ප‍්‍රතිචාර දැක්වීමක් කිසිවෙකු ඔවුන්ගෙන් අපේක්ෂා නොකරනු ඇත.
ජනාධිපතිවරයා කොමිසමටත් පිටින් ගොස්, ඒ ආකාරයට ඡන්දය පවත්වන්නට උත්සාහ කළහොත් එයින් සිදු වනු ඇත්තේ ජනාධිපතිවරයාගේ සැබෑ අරමුණ ජනතාව ඉදිරියේ හෙළිදරව් වීමය. එමෙන්ම, කොමිසමේ තීන්දුවට පිටින් එලෙස මැතිවරණය පවත්වන්නට උත්සාහ කළොත් එයට එරෙහිව අධිකරණයේදී සටන් කිරීමේ හැකියාවක්ද පුරවැසියන්ට ඇත.මේ ජනාධිපතිවරයාට බයෙන් සියලූ තීන්දු ගත යුතු ඒකාධිපති රටක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකි.
මෙවැනි මොහොතක මැතිවරණයක් පැවැත්වීම නම් අවදානම් සහගත තීන්දුවට ස්වාධීනත්වයක් සහ යුක්ති සහගත බවක් ආරෝපණය කිරීම මැතිවරණ කොමිසමේ කාර්යභාරය නොවේ.
කොමිෂන් සභාව නියම කළමහ මැතිවරණ දිනය අප්‍රේල් 17 ට කලින් තීන්දු කරගෙන හිටිය ද ? : මෙතෙක් දුටුවේ "ම" සංදර්ශන ද ? දිනයක මැතිවරණය පවත්වා වසංගතය පැතිර යෑමෙන් බරපතළ තත්වයක් උදා වුවහොත් කොමිසමට එහි වගකීම බාරගන්නට සිදුවනු ඇත.ජනාධිපතිවරයාට එතරම් හදිසියක් තිබෙනවා නම්, උක්ත මැතිවරණ කොමිෂන් සාමාජිකයා තර්ක කරන අන්දමේ බලයක් ජනාධිපතිවරයාට තිබේ නම්, (අප දන්නා ආකාරයට එවැනි බලයක් ජනාධිපතිවරයාට නැත.) ජනාධිපතිවරයාටම දිනයක් නියම කොට ඔහුට මැතිවරණයෙහි වගකීම ගත හැකිය.
අගමැති මහින්දගේ ලිපිය !
මේ අතර පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණේ " සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට විය හැකි හෝ විය නොහැකි දේවල් මත උපකල්පනය කර අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසලකා කටයුතු කළ නොහැකි" බවය.
එසේම "නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නම් වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවත් දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට කොමිසමට බලයක් නොමැති බවත්" අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහි සඳහන් කර තිබිණ.
තවද පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය කල් දමමින් යහපාලන ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් කටයුතු කිරීමට වත්මන් ආණ්ඩුව සූදානම් නොමැති බවත් දැනට කොවිඩ් 19 අවදානම පහව යමින් තිබෙන බැවින් මහ මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය ආරක්ෂා කළයුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
මහින්දලා දෙන්නම තීරණාත්මක තැනක !

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස ඉහත නිවේදනය නිකුත් කරන්නේ ඊලග අගමැති අපේක්ෂකයා ද ලෙස බව සිහි තබාගත යුතුව ඇත.
ඒ පසුබිමේ ඔහු කඩිනමින් මහ මැතිවරණයක් අපේක්ෂා කරන්නේ වසංගත තත්ත්වය සහ ඒ මත දිනපතා අගාධයට යන ආර්ථික තත්වය තව දුරටත් පැවතිය හොත් එය ආණ්ඩුවට අවාසියක් යන පූර්ව නිගමනය මත පිහිටා ය.
එහි සත්‍යතාවයක් ඇතත් වසංගතය පාලනය කර ගැනීමට සමාජ දුරස්ථ භාවය අඛණ්ඩව පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය බැවින් සහ එය කිසිසේත් උල්ලංඝනය කළ නොහැකි කොන්දේසියක් වන බැවින් දැන් මැතිවරණයක් වෙනුවෙන් සමාජය සූදානම් කරනවා කියන්නේ ම මාරාන්තික වසංගතය වැඩි වැඩියෙන් වැළඳ ගැනීමට සමාජය යොමු කිරීමකි.
ඒ අනුව අගමැති මහින්දට තිබෙන අභියෝගය වන්නේ මැතිවරණය පවත්වා එය ජයග්‍රහණ ලැබුවත් වසංගතය උත්සන්න වුවහොත් එල්ල විය හැකි සමාජ අපවාදය සුළු පටු නොවීමය. අනෙක් අතට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද අභියෝග රැසකට මුහුණ දී සිටී.
එක්පසෙකින් මේ මොහොතේ ආණ්ඩුවේ අපේක්ෂාව අනුව මහ මැතිවරණයකට ගොස් වසංගත තත්ත්වය උත්සන්න වුවහොත් සුලුපටු නොවන එම අපවාදය මුළුමනින්ම මැතිවරණ කොමිසමේ සභාපති හටය. අනෙක් අතට විපක්ෂය පමණක් නොව ආණ්ඩුව ද නියෝජනය කරන අතුරලිය රතන හිමියන් වැනි පාර්ශව මේ මොහොතේ මහ මැතිවරණය ප්‍රතික්ෂේප කරයි.
එපමණක් නොව අප්‍රේල් පලවෙනිදා මහ මැතිවරණය කල් තැබීම සඳහා තීන්දු කළ මොහොතේ ඊට සාධක ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දුන් සියලු සාධක මේ මොහොතේ අඩු වී නැත.
ආසාදිතයන් ප්‍රමාණයේ සිට මරණ සංඛ්‍යාව දක්වා පෙනෙන්නට ඇත්තේ වසංගතය වර්ධනයකි. ගෝලිය තත්ත්වය ද එසේය.

