කොවිඩ් වසංගතය මැඩීමට සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යෑම වෙනුවෙන් පනවා ඇති ඇඳිරිනීතිය මීට පෙර බලාත්මක කර තිබූ ආකාරය සංශෝධනය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ඊට අනූව පෙර නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ.
සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.
අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට මේ දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා බලාත්මකව පවතී.
ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදාත් මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරේ.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
ඇඳිරි නීතිය ක්රිහයාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතී.
කවුරු කවුරුත් මීටරය ගැන මීටරයෙන්ද ?
හදිසියෙම මෙලෙස ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කෙරෙන දිනයන් සහ වේලාවන් වෙනස් කර ඇත්තේ වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීම සමග විය යුතුය.
විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාගත වැඩි වීමක් පෙන්නුම් කළ අතර එහෙම මෙතෙක් එක් දිනක් තුළ වාර්තා වූ ප්‍රමාණය ඉක්මවා යාමක් විය.
එසේ ම රටේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය අද (20) ඉවත් කෙරුණත් ඒ සමඟ පවත්වාගත යුතු සමාජ දුරස්ථ භාවය නිසි ලෙස සිදු වනු දක්නට ලැබුණේ නැත.
පහත ඇති ඡායාරූප ඊට සාක්ෂි දරනවා නොඅනුමානය.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ගාල්ල - මාතර මාර්ගයේ ඡායාරූපයකි. එය අද දිනය තුළ ගෙන අප වෙත යොමු කර ඇති අතර මේ තුළ ඇති අවදානම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
මේ සාමාන්‍ය දෛනික කටයුතු සඳහා ලබා දී ඇති අවස්ථාව ජනතාව භුක්ති විඳින ආකාරයයි. අනෙක් අතට සමාජ දුරස්ථ භාවය පවත්වා පවත්වා ගැනීමට රජු නිකුත් කළ නිර්ණායක ප්‍රායෝගික ව ඇගයීමේ සීමාවයි.
ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය තත්ත්වයේ දී මෙසේ නම් මහා මැතිවරණයක් කැඳවා තිබියදී සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම සඳහා වන නිර්ණායක කොතරම් දුරට ප්‍රායෝගික වනු ඇද්ද යන්න ය.
මේ වන විටත් සෞඛ්‍ය අංශයේ බලධාරීන් අනතුරු අඟවා සිටින්නේ මැතිවරණ පැවැත්වීම කෙසේ වෙතත් දැනට පවත්වා ගෙන ඇති සමාජ දුරස්ථ භාවය ඉක්මනින් අහෝසි වී ගිය හොත් කෝ ලිහිල් කෙරුණ හොත් වසංගතය දැඩිව ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව ය.

