කොරෝනා සමග කරන සටන වගේම සටනක් කොරෝනා අවසානයේ : සූදානම් වෙමු - මහේෂ් සේනානායක

කොරෝනා සමග කරන සටන වගේම සටනක් කොරෝනා අවසානයේ : සූදානම් වෙමු - මහේෂ් සේනානායක

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19  වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීමට මේ මොහොතේ  කරන සටනට සමාන සටනක්  කොවිඩ් පසු තත්වය තුළ  ආර්ථිකය වෙනුවෙන්  කිරීමට සිදුවන බව මාධ්‍යවේදියකු මෙන්ම තරුණ දේශපාලනඥයකු වන  මහේෂ් සේනානායක අවධාරණය කරයි.

 සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ අවධාරණය සිදුකරන අතර පාට පක්ෂ බේද පසෙක තබා ආර්ථිකය යළි සකස්කර ගැනීම වෙනුවෙන් කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් සහිතව එක්විය යුතු මොහොතක් නිර්මාණය වෙමින් ඇති බවත් පවසයි.
 
මේ වන විට ලෝකයේ බොහෝ රටවල ආර්ථික ක්ශේත්‍රයේ එවැනි තත්ත්වයක් ඇතිව තිබෙණ බවත් එබැවින් මෙරට  ආර්ථිකයද  යථාතත්ත්වයට පත්කර ගැනීමට එය අත්දැකීමක් කරගත යුතු බව ඔහු පවසයි.
 
එසේම මෙරට අතිවිශාල ණය බරකින් පෙළීම , මේ වසරේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන ආකාරයේ ණය වාරික සහ පොලී ගෙවීමට තිබීම, ආර්ථික වර්ධන වේගයේ පසුබෑම, ආනයන වැඩි අපනයන අඩු ආර්ථිකයක් ඇති රටක් වීම තුළ ඩොලරයේ අගය ඉහළ යාමේ  බලපෑම, පෞද්ගලික අංශයේ රැකියා අහිමි වීම් සහ වැටුප් ආදී ලෙස ප්‍රශ්න රැසක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
 
මහේෂ් සේනානායක අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න