මැතිවරණ රස්නේ වැඩිවෙයි : සෞඛ්‍ය වෘත්තීය සමිති මැකෝ සමග සාකච්ඡා ඉල්ලයි !

මැතිවරණ රස්නේ වැඩිවෙයි : සෞඛ්‍ය වෘත්තීය සමිති මැකෝ සමග සාකච්ඡා ඉල්ලයි !

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව  පළ වන වාර්තා සහ කොරෝනා  වසංගත තත්ත්වයට අදාළව  සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙස පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

 අද (18) මැතිවරණ කොමිසමේ සභාපති වෙත යොමු කළ ලිපියක් හරහා මෙම සාකච්ඡාව ඉල්ලා ඇති අතර ඊට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය වෙනුවෙන්  එහි සභාපති රවි කුමුදේශ් සහ  අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ  අත්සන් තබා ඇත.
 
අදාල ලිපිය තුල මෙම  සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති  මෙකී මොහොත හඳුන්වා ඇත්තේ "කොරෝනා ලෝක වසංගත තත්වය යම් ප්‍රමාණයකට පාලනය කරන ලදැයි උපකල්පිත මොහොතක්" ලෙසය.
 
පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය මැතිවරණ කොමිසම වෙත යොමුකළ ලිපිය පහත දැක් වේ.

Screenshot 20200418 194814

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න