කොවිඩ් ආසාදිතයින් 248ක් දක්වා ඉහළට: හමුදා සෙබළෙකුටත් වැළඳිලා !

කොවිඩ් ආසාදිතයින්  248ක් දක්වා ඉහළට: හමුදා සෙබළෙකුටත් වැළඳිලා !

කොවිඩ් 19 වෛරසය වැළදුණු මෙරට  රෝගීන් සංඛ්‍යාව අද (18)වන විට 248ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම අද දිනයේ කොවිඩ් 19  ආසාධිත රෝගීන් සිව් දෙනෙක් වාවාර්තාවූ බව සෞඛ්‍ය අංශ නිල වාර්තා පවසයි.

මේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් 4න් තිදෙනෙක් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර අනෙක් රෝගීයා රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර ඇත.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචි එම කාන්තාවගේ කිට්ටුතම ඥාතිවරයෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවත් ඒ හේතුවෙන් ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආවේක්ෂණය යටතේ තබා තිබු බවත් අමාත්‍යවරිය වැඩිදුරටත්  කියා තිබේ.

එසේම සෞඛ්‍ය  අමාත්‍යංශ නිල වාර්තා අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 164ක් වේ.

හමුදා සෙබළෙකුටත් කොවිඩ් !

මේ අතර පාදුක්ක, වග මාබුල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හදුනාගැනිමත් සමග ඔහු සමග සමීපව ඇසුරු කළ පුද්ගලයින් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

 එම ආසාදිතයා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

 වැඩිදුරටත්  වාර්තාවන පරිදි එසේ කොවිඩ් ආසාදනය වී ඇති පුද්ගලයා පණ්ඩුලගම හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන යුධ හමුදාවේ ලාන්ස් කොපල්වරයෙකි.

සිය දියණිය මල්වරවීමේ උත්සවය සඳහා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති මොහු පසුගිය දිනකිහිපයෙහි හිතවතුන් බොහෝ පිරිසක් සමග සමීපව කටයුතු කර ඇතැයි ද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න