සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා : ලංකාදීප බොරු දැම්මේ ඇයි ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා : ලංකාදීප බොරු දැම්මේ ඇයි ?

කොවිඩ් 19 වසංගතය ලංකාවේ අවසන් බවට  මුළුමනින්ම සාවද්‍ය  සිරස්තලයක් සහිත පුවතක්  අද (18)  ලංකාදීප පුවත්පත විසින්  වාර්තා කර ඇත.

 "කොරෝනා  අවදානම ඉවරයි " ලෙස එහි ශීර්ෂය  සඳහන් අතර අදාළ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  බවත් උප සිරස්තලයකින් දක්වා ඇත.
 
මෙම පුවත වාර්තා කර ඇත්තේ සුජිත් හේවාපුලිගේ විසින් වන අතර සිරස්තල යෙදීම සහ උප සිරස්තල සම්බන්ධව වගකීම ප්‍රධාන කර්තෘ වරයා දැරිය යුතු ය.
 
ලංකාදීප සාවද්‍ය ප්‍රචාරය මෙන්න !
 
Screenshot 20200418 111417
 
 අදාළ පුවත බැලූ බැල්මටම  සකස්කර ඇත්තේ "සිරස්තලයට ගැලපෙන ආකාරයට පුවත" ක්‍රමයට බව පෙන්නුම් කරන අතර මාධ්‍ය සාක්ෂරතාව දුර්වල ඕනෑම අයෙකු මේ සමග නොමග යන බවත් අවිවාදිතය.
 
කෙසේ වුවත් අද විද්‍යුත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම පුවත ප්‍රතික්ෂේප කර සිටියේය.

වීඩියෝ

 ආණ්ඩුවේ අවශ්‍යතාව !

මේ වන විට ආණ්ඩුවේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ කෙසේ හෝ මහ මැතිවරණය පැවැත්වීම බව පෙන්නුම් කරයි.

ඒ අනූව ලංකාදීප වාර්තාව ද සකස්කර ඇත්තේ ඊට සහයක් දැක්වෙන ආකාරයටය.  මේ වන විට කොවිඩ් 19 වෛරස වසංගතය සම්බන්ධව සාවද්‍ය ප්‍රචාර යැවීම ගැන චෝදනා කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති නමුත් ජනතාව නොමග යවන මෙවැනි ප්‍රකාශ ගැන කිසිදු විමර්ශනයක් සිදුවන බවක් පෙනෙන්නට නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න