කොහොම හරි ජන්දය තියන්න : තිලංග ඩෙංගු සහ කොරෝනා සමාන කරයි !

කොහොම හරි ජන්දය තියන්න : තිලංග ඩෙංගු සහ කොරෝනා සමාන කරයි !
ඩෙංගු උණ  හේතුවෙන්  පසුගිය වසරේ 109 ක් මිය ගියත් ලංකාව වසා නොතිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සිහිපත් කර සිටියි.
 
ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එහි දී මතු කළ කරුණ වූයේ  කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවත් මහ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය යි.
 
 ඔහු ඒ බව සඳහන් කර සිටියේ  මේ මොහොතේ මැතිවරණය නොපැවැත්වීම නිසා ඇතිවන  ප්‍රශ්නය මැතිවරණය පැවැත්වීමෙන් එන ප්‍රශ්නය ට වඩා විශාල බව පවසමින් ය . එසේ ම මැතිවරණයක් පැවැත්වීමට ඇති බාධා හඳුනා ගෙන ඊට මුහුණ දිය යුතු බව ද පැවසීය.
 
මේ  වන විට ලංකාවේ කොවිඩ් 19 හේතුවෙන්  හත් දෙනකු මිය ගොස් ඇති බවත් මෙහි ප්‍රශ්නය එන්නේ  ව්‍යාප්ත වන වේගය වැඩිවුවහොත් බවත් එහෙත් ආණ්ඩුව මේ වන විට ඊට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බවත් ඔහු පැවසී ය.
 
මේ මොහොතේ රටේ ස්ථාවර කිරීමට මැතිවරණය පැවැත්වීමට ඇති බාධා හඳුනා ගෙන කටයුතු කළ යුතු බවත් අසංගතය අවස්ථාවේ වෛද්‍යවරුන් රෝගීන් සමඟ කටයුතු කරන ආකාරය ට මැතිවරණ කොමිසමේ නිලධාරීන්  ද කටයුතු කළ යුතු බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
 
ඩෙංගු සහ කොවිඩ් 19 සමානවීම !
 
තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ආණ්ඩු  පාර්ශ්වය  නියෝජනය කරන අතර මෙම ප්‍රකාශය හරහා  පෙන්නුම් කරන්නේ කෙසේ හෝ කඩිනමින් මැතිවරණයකට යෑම ඔවුන්ගේ  අපේක්ෂාව වන බවය.
 
ඒ වෙනුවෙන් මදුරුවන් හරහා ව්‍යාප්තිය සිදුවන , සමාජ දුරස්ථභාවය වැන්නක් අනවශ්‍ය , මිනිස් සමීපත්වය මත ව්‍යාප්තවීම නොවන, එසේම මේ මොහොතේ කොහෙත්ම වසංගතයක් නොවන ඩෙංගු  රෝගය සමග කොවිඩ්19 සංසන්දනය කරන තැනට ඔවුන් පත්ව ඇත.
 
එය මුලුමනින්ම ජනතාව නොමග යවන ප්‍රකාශයක් වන අතර ජනතා නියෝජිතයෙකු වෙතින් කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි ප්‍රකාශයක් බව දේශපාලන විචාරක අදහස වෙයි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න