කොවිඩ් මඩින්න : සජිත්ගේ ජන සුවයෙන් ලක්ෂ 32ක ආධාර !

කොවිඩ් මඩින්න : සජිත්ගේ ජන සුවයෙන් ලක්ෂ 32ක ආධාර !
කොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීම අරමුණු කොටගෙන සමගි ජනබලවේගය නායක  සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද  සමාජ සත්කාර වැඩසටහනෙහි දෙවැනි පියවර ලෙස ලක්ෂ 32ක් වටිනා අත්‍යාවශ්‍ය  රෝහල් උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ.
 
මේ හරහා රට පුරා කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට ජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
 
මීට පෙර ඉකුත් 8 වෙනිදා මෙහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කට්ටලයක් (Syringe Pump 3ක්, Multi para monitor 2ක්) සජිත් ප්‍රේමදාස  ගේ මූලිකත්වයෙන් නැගෙනහිර කොළඹ මූලික (මුල්ලේරියාව) රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න  වෙත පරිත්‍යාග කරනු ලැබීය.
 
මාතෲ භූමියේ සියලුදෙනා සුවපත් නිරෝගී පිරිසක් ලෙස සිටිනවා දැකීම සිය ප්‍රාර්ථනය බවත් ප්‍රායෝගිකව මේ මොහොතේ කළයුතු දේ සිදුකිරීමට තමන් කැපවෙන බවත් සජිත් ප්‍රේමදාස පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න