රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට  විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ලබන සඳුදා (20 වැනි දා) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදෙන බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි සඳහන් කළේය.

ඉන් අනතුරුව රාජ්‍ය ආයතනවල රාජකාරී යළි ආරම්භ කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති අතර, මුල් අදියරේදී අත්‍යවශ්‍ය සේවා සීමිත කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න