අද (14) වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 218 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (113) දිනය තුළ රෝගීන් අට දෙනකු වාර්තා වී ඇත.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 155 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
එසේම මේ වන විට කළුතර ප්‍රදේශයේ පන්නිල සහ චීන කොටුව යන ගම් හුදෙකලා කිරීම ට බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අද උදෑසන සිට ය.
ඒ අනුව මෙම ගම් දෙකට ඇතුල් වීම සහ පිටවීම මුළුමනින්ම තහනම් කර ඇති අතර ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ යොදවා ඇත.
ලෝක ව්‍යාප්තිය !
තව ද මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය ලෝක මට්ටමින් මිලියන දෙකට ආසන්න වෙමින් පවතී. මෙම පුවත සකසන අවස්ථාව වන විට එම ප්‍රමාණය වාර්තා වූයේ 1925384ක් ලෙසිනි.
එසේ ම කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා මිය ගිය ප්‍රමාණය 119718 ක් ලෙස වාර්තා වන අතර සුවපත් වූ ප්‍රමාණය වාර්තා වන්නේ 447976ක් ලෙසය.

