චීනයට ඕනම වෙලාවේ ශ්‍රී ලන්කන් ගුවන් යානා වැඩට දායි !

 චීනයට ඕනම වෙලාවේ ශ්‍රී ලන්කන් ගුවන් යානා වැඩට දායි !

කොරෝනා වසංගතය නිසා විවිධ රටවල අතරමංව අනාතව සිටින චීන ජාතිකයින් ගුවන් මගින් යලි චීනය වෙත රැගෙනයාමේ අවදානම් සහගත රාජකාරිය 'ශ්‍රී ලන්කන්' ගුවන් සමාගම විසින් බාරගෙන ඇතැයි වාර්තාවේ. 

එහි ආරම්භක පියවර ලෙස ලන්ඩන් නුවර අතරමංව සිටි චීන ජාතිකයින් සිය ගණනක් රැගෙන එම සඳහා ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපල බලා පිටව ගිය ශ්‍රී ලන්කන් UL 504 ගුවන් යානය අද උදැසන දිවයිනට පැමිණීමට නියමිතව තිබු අතර කටුනායක ගුවන් තොටුපලේ පැය කිහිපයක විවේකයකින් පසු UL 866 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් එම ගුවන් මගීන් පිරිස අද (අප්‍රේල් 13) දිනයේම චීනයේ ෂැන්හයි රැගෙන යාමට කටයුතු යොදා ඇත.

 එසේම, අප්‍රේල් 19 දා ද චීන ජාතිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් UL 504 ගුවන් යානය යළි ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත යාමට නියමිත අතර අනතුරුව කටුනායක ගුවන් තොටුපලට රැගෙන එන එම ගුවන් මගීන් අප්‍රේල්  20 දා UL 866 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයේ ෂැන්හයි වෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමගම මෙවැනි සද්කාර්යයකට අතගසා ඇත්තේ චීනය සතු එරට ලෝක ප්‍රසිද්ධ ගුවන් සමාගම 13ක් තිබියදීය.

මෙලෙසම බංගලී දේශයේ රැඳී සිටින පිරිසක් රැගෙන එම සඳහා අප්‍රේල් 16 දා UL 189 ගුවන් යානය ඩකා ගුවන් තොටුවලට යාමට නියමිත අතර එමගින් කටුනායක ගුවන් තොටුපලට රැගෙන එන මගීන් අප්‍රේල් 17 දා UL 604 ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාව වෙත රැගෙන යාමට කටයුතු යොදා ඇත.

ඇතැමුන්ගේ විවේචන !

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතගසා ඇති මෙම ගුවන් මෙහෙයුමට ඇතැම් පාර්ශව වලින් බලවත් විරෝධයක් එල්ලවී තිබුන බවද වාර්තාවේ. 

ඒ එසේ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපලෙන් රැගෙන එන ගුවන් මගීන්, කොරෝනා අසාදන නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කල බවට සහතිකයක් නොලැබෙන්නේ නම්, එමගින් 'ශ්‍රී ලන්කන්' ගුවන් කාර්ය මණ්ඩලය පමණක් නොව කටුනායක ගුවන් තොටුපලේ අනෙකුත් කාර්ය මණ්ඩල ද එමගින් අනතුරේ හෙලීමක් විය හැකි බවට කරුණු දක්වමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න