නිවසේ සිට වැඩ කරන කාලසීමාව අප්‍රේල් 20 දක්වා දීර්ඝ කෙරේ

නිවසේ සිට වැඩ කරන කාලසීමාව අප්‍රේල් 20 දක්වා දීර්ඝ කෙරේ

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට හඳුන්වා දුන්, නිවසේ සිට වැඩ කරන කාලසීමාව අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වෛරස ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක අතර එම දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ඇති.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් එහිදී ඇති වන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි, රජය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙස සහ අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙස අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

20 niwadu

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න