මුස්ලිම් සිවිල් සමාජයෙන් : IDH රෝහලේ කාර්ය මණ්ඩලයට අවුරුදු තෑගි !

මුස්ලිම් සිවිල් සමාජයෙන් : IDH රෝහලේ කාර්ය මණ්ඩලයට අවුරුදු තෑගි !

COVID-19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදීම සඳහා වියළි ආහාර මළු ඇතුලු අලුත් අවුරුදු තෑගී පාර්සල් 1300 ක් සෞඛ්‍ය, හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ දින (10)  සිදුවිය.

ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජය විසින් එම පරිත්‍යාගයන් සිදුකර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජයේ සභාපති සුරේෂ් හෂීම් (Zurash Haisim) ව්‍යාපෘති සභාපති රිසාන් නාසීර් ඇතුළු පිරිසක් විසින් ලබාදුන් මෙම වියළි ආහාර පාර්සල් IDH රෝහලට පාර්සල් 570 ක් සහ මුල්ලේරියාව රෝහලට පාර්සල් 650 ක් වශයෙන් සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එහිදී උපදෙස් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජයේ නියෝජිතයින් අදාල රෝහල් දෙක වෙත ගොස් එහි කාර්ය මණ්ඩල වෙත අදාළ තෑගී පාර්සල් ප්‍රදානය කර තිබේ.

Mu 11
“සෞඛ්‍ය පිජාමා ඇදුම්” කට්ටල 4500 ක් 

ඒ අතර නේෂන් ට්‍රස්ට්  බැංකුව (Nations Trust Bank) හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සිදු කරන වෛද්‍ය, හෙද ඇතුලු ඇතුලු කාර්ය මණ්ඩල වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා රුපියල් ලක්ෂ 50 ක වටිනාකමකින් යුත් මසා නිම කරන ලද “සෞඛ්‍ය පිජාමා ඇදුම්” කට්ටල 4500 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද දින (11) ප්‍රදානය කර තිබේ.

 නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ නේෂන් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එම ප්‍රදානය ලබාදෙන ලද අතර, මෙහි මූල්‍ය වියදම නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් දරන ලද බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම ඇදුම් මසා නිම කිරිම සිදු කළ බවත් මෙහිදී ප්‍රකාශ කරන ලදි.

NSB Pic 11China State Construction සමාගමෙන් මුව ආවරණ:

එසේම, COVID-19 වෛරසය ආසාදිත වූවන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීමට China State Construction සමාගම විසින් මුව ආවරණ 4000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම ද ඊයේ (11) දින සිදු වූ අතර “අඹ සෙවණ” හෝල්ඩින්ස් ආයතනය විසින් පුද්ගලික ආරක්ෂක ඇදුම් කට්ටල  Personal Protective Equipment (PPE) 50 ක් පරිත්‍යාග කිරීම ඊයේ දින (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය. 

මෙම ඇදුම් කට්ටල සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිචි වෙත ප්‍රදානය කිරීම “අඹ සෙවණ” හෝල්ඩින්ස් ආයතනයේ යු.එච්.අයි.ටී හේවාවසම් අතින් සිදුවිය. ‍‍‍‍‍‍

මෙම අවස්ථාවන්ට අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, සබරගමුව පළාත් සභාවේ සභාපති, සෞඛ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න