සමාජ සත්කාරයක් ලෙස පවසමින් ජනප්‍රිය කලාකරුවන් පිරිසක් යොදා ගෙන නොමිලේ පටිගත කළ කොරෝනා වෛරසය සම්බන්ධ සමාජ දැනුවත් කිරීමක් අනතුරුව වෙළඳ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.
වාර්තා වන ආකාරයට මෙම කටයුත්ත සිදු කර තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී ආයතනය විසිනි.
එහි දී සමාජ සත්කාරයක් බවට ආරම්භයේ දී සිදු කළ දැනුම් දීම අනුව මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය , බුද්ධදාස විතානාරච්චි, මීනා කුමාරි, සුරාජ් මාපා ,
චන්දික නානායක්කාර, උද්දික ප්‍රේමරත්න , සතිස්චන්ද්‍ර එදිරිසිංහ, දෙව්මිනි නයනතරා යන කලාකරුවන් අදාළ කටයුත්ත සඳහා නොමිලේ සිය දායකත්වය ලබා දී ඇත.
නමුත් පසු ව ස්වාධීන රූපවාහිනි ආයතන විසින් මෙය ප්‍රචාරය කර ඇත්තේ මොබිටෙල් සමාගමේ කටයුත්තක් ලෙස ය. එනම් මොබිටෙල් වෙළඳ දැන්වීමක් වශයෙන්ය.
ඒ අනුව කලා ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දෙන්නේ මේ වන විට කලා ක්ෂේත්‍රයේ කටයුතු මුනින්ම ඇනහිට ඇති පසුබිමක ඔවුන් යොදවා සමාජ සත්කාර ලෙස සිදු කරගනු ලබන කටයුතු පසු ව මූල්‍ය ගනුදෙනු බවට පත් කරනවා නම් එහි දී අදාළ කලාකරුවන්ට ද සාධාරණයක් ඉටු විය යුතු බව ය.
ඒ සම්බන්ධව රාජ්‍ය ආයතනයක් ලෙසත් කලාකරුවන් සමග නිතර කටයුතු කරන මාධ්‍යයක් ලෙසත් ස්වාධීන රූපවාහිනි ආයතනය සංවේදී නොවීම නො වීම සම්බන්ධව ද අදාළ පිරිස් කණගාටුව පල කර සිටී.

