මිලිටරි රජයක ප්‍රමාණ මුද්‍රා මතුවෙමින් පවතී : රත්නජීවන් හූල් ලියයි !

මිලිටරි රජයක ප්‍රමාණ මුද්‍රා මතුවෙමින් පවතී : රත්නජීවන් හූල් ලියයි !

මහ  මැතිවරණය කල් තැබීම සහ නැවත පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධව ජනාධිපති ඇතුළු ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම අතර විවාදාත්මක තත්ත්වයක් උද්ගතව ඇත.

ඒ තුළ සුවිශේෂී චරිතයක් වන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් රචිත ලිපියක පරිවර්තනයක් රාවය පුවත්පතේ පළව තිබු අතර එහි උපුටා ගැනීම පහත දැක්වෙයි.

ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු දෙවැනි දින අංක 2165/8 දරන ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව යුක්තිසහගත ලෙස විසුරුවා හරිමින් 2020 අප්‍රේල් 25 වැනි දින මහ මැතිවරණය පැවැත්වීමට දිනයද ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

එම ප්‍රකාශනය නීත්‍යනුකූල වුවද කෝවිඩි 19 පැතිරයාම ආරම්භ වී තිබීම තුළ එය දුර්වල තීරණයකි. කුවේට් මෙන් බොහෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළවලදී ගුවන් මගින් රටට ඇතුළුවීමට පෙර ඔවුන් උණ රෝගයෙන් පෙළෙනු ඇතිදැයි පරීක්ෂා කරමින් සිටි තත්ත්වයක් තුළ, අපේ ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම කෙරෙහි උනන්දු වූ අයුරු දැකිය හැකිය. එපමණක් නොව, වසංගත අර්බුදය හෑල්ලුවට ලක් කරමින් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරිණ.

මාර්තු 11 වැනි දින මැතිවරණ කාර්යාංශයට රැස්වූ අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කාර්ය මණ්ඩලය කොමිෂන් සභාවට දන්වා සිටියේ අප්‍රේල් 25 වැනි දින මැතිවරණය පැවැත්වීමට තීරණයක් කිරීම කාලෝචිත නොවන බවය. ඔවුන් කියා සිටියේ අපගේ කාර්ය මණ්ඩලය පැමිණියද, අලුත් අවුරුදු සහ වෙසක් සමය හේතු කොටගෙන  අනෙකුත් රජයේ සේවකයන්ට නිවාඩු ගැනීමෙන් වැළකී සිටිය නොහැකි බවය. මැතිවරණ දිනය වෙනස් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින ලෙසට ඔවුහු අපගෙන් ඉල්ලා සිටිනු ලැබූහ. එසේ වුවද මැතිවරණ කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් දෙදෙනාගේ සහභාගිත්වයකින් තොරව රජය සමග බොහෝ සාකච්ඡාවක් සිදු කොට ඇති එහි සාමාජික සහ සභාපති වන දේශප්‍රිය මහතා දැඩිව සිටියේය.

මාර්තු 16 වැනි දින සේවයට පැමිණි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය අපගෙන් ඉල්ලා සිටියේද මැතිවරණ දිනය කල් දමන ලෙසට රජයෙන් ඉල්ලා සිටින ලෙසය. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වූ නලින් අබේසේකර සහ මම ඊට එකඟ වුවද සාමාජික සභාපති දේශප්‍රිය එකඟ නොවීය. ඔහු තර්ක කරමින් කියා සිටියේ මැතිවරණය කල් දමනු ලැබුවහොත් මිනිස්සු කුලප්පු විය හැකි බවය.

16 වැනි දින පැවති බොහෝ විවාදවලින් අනතුරුව, අප්‍රේල් 25 වැනි දින මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති අතර නාමයෝජනා භාර ගැනීම කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැත. එය ජනාධිපතිවරයාට පමණක් ඔහු විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් කළ හැකි වුවද දේශප්‍රිය මහතා උදක්ම කියා තිබුණේ අප්‍රේල් 25 එය සිදුකිරීමට හැකි බවය. එමගින් පෙන්නුම් කරනුයේ ඔහු ජනාධිපති සමග එකඟ නොවීමට බියක් දක්වන බවය.

කෙසේ වුවද, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) ප්‍රකාරව මැතිවරණ කොමිසම විසින් ඡන්දය පවත්වනු ලබන දිනය කල් දමනු ලැබිණ. මෙම ක්‍රමවේදය පොදු ජනතාව විසින් පිළිගනු ලැබුවද සභාපතිවරයා පුන පුනා පැවසුවේ කෝවිඞ් 19 හේතුවෙන් ඊට මුහුණපා ඇති තත්ත්වය නොවන්නට මෙලෙස ප්‍රකාශ කිරීමක් සිදු නොවන බවය.

ගැටලු:

අප විසින් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරියකු වූ නාමල් තලංගමගේ උපදෙස් පිළිපදිනු ලැබුවේ නම් මෙවැනි තත්ත්වයක් අපට උදා නොවනු ඇත. ඒ ගැටලු මොනවාද?

(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) (අ) හි මෙසේ දැක්වේ:
(ii) පාර්ලිමේන්තුව විසුරුවා හරින ප්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගන්නා දිනය හා් දින නියම කොට තිබිය යුත්තේය. එසේම එකී ප්‍රකාශනය නිකුත් කළ දින සිට මාස තුනක් ගතවන්නට පෙර දිනයක අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීම ඒ ප්‍රකාශනයෙන්ම කැඳවිය යුත්තේය.

ඒ අනුව පාර්ලිමේන්තුව ජූනි 2 වැනි දින රැස්විය යුතුය. ඒ සඳහා මැයි මස අවසානයේ මැතිවරණ පවත්වා ප්‍රතිඵල නිකුත් කොට අභිනවයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට රැස්වීමට අවස්ථාවක් ලබාදිය යුතුය. එපමණක් නොව, අලුත් අපේක්ෂකයන්ට ප්‍රචාරක කටයුතු සිදු කරමින් මැතිවරණ පැවැත්වීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වන හෙයින් ඒ සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කළ යුතුව ඇත.

කෙසේ වුවද, මෙම කටයුතු සිදු කිරීම සඳහා කෝවිඞ් 19- වසංගත තත්ත්වය නියමිත කාලයට පෙර අවසන් වේවිදැයි අප නොදනිමු.

ප්‍රවාද:

මේ අතර, අපේක්ෂකයන් කුලප්පු කරමින් බොහෝ ප්‍රවාද ප්‍රචාරයවෙමින් පවතී. ඉන් එකක් වන්නේ බැසිල් රාජපක්ෂ විසින් කැඳවන ලද පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙන්නේ නොවැම්බර් මස අවසානයේදී මැතිවරණය පැවැත්විය යුතු බවය. එය මැතිවරණ කොමිසමේද තීරණය විය.

කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබූ බව මාධ්‍ය වාර්තා කරනු ලැබිණ. මම යාපනයේ කොටුවී (LOckdown) සිටියදී, කොමිෂන් සභාවෙන් මේ පිළිබඳ කරුණු දැනගැනීමෙන් පසු මම එය ප්‍රතික්ෂේප කළෙමි.

යූඇන්පිය යටතේ වංචා:

ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මැතිවරණ වංචා සත්කාර කිරීම් සහ අල්ලස් ලබාදෙමින් එය අපේ නීති බව හඳුන්වනවා. මා විසින් මෙවැනි සිද්ධි ඇතුළත් ලිපි මීට පෙර පළකර තිබෙන අතර ඒවා නැවත සඳහන් කිරීම අවශ්‍ය නොවේ. නීතියට අනුව රාජ්‍ය දේපළ පාවිච්චිය හෝ නාමයෝජනා භාරදීමෙන් පසු පත්වීම් ලබාදීම් සිදුකිරීම වැනි දේ ප්‍රධාන ආණ්ඩුකරණ පක්ෂ දෙක විසින් ඔවුන්ගේ පාලන සමය තුළදී ආරම්භ කරනු ලැබූ අතර මැතිවරණ සමය තුළ රැකියා ලබාදීම අරමුණු කරගෙන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට දින කිහිපයකට පෙරාතුව පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය පටන් ගනී. වික්‍රමසිංහ රජය විසින් ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර එම ක්‍රියාවලිය පටන් ගැනීමේදී පොදු ජන පෙරමුණ විසින් පැමිණිලි කරනු ලදුව අප විසින් අදිමදි කරමින් කියා සිටියේ මැතිවරණ දිනට පෙර ඔවුන් විසින් දැන්වීම් පළකර තිබූ බවය. අවසානයේදී, මැතිවරණ නීතිවලට අනුගතවෙමින් මැතිවරණ සමය තුළදී පත්වීම් ලබාදීම් සිදුකළ නොහැකි බව අප ඔවුන්ට දන්වා සිටියෙමු.

පොදු ජන පෙරමුණ යටතේ වංචා : කොමිසමේ පත්වීම්වලට ඇති කෙරෙන බලපෑම්:

මෙම අවස්ථාවේදී පසුබිම් වන්නේ උතුරේ දිසාපතිවරු සහ අතිරේක දිසාපතිවරු මාරුකිරීම් පිළිබඳවයි. යාපනයේ දිසාපතිවරයෙකු වන එන්. වෛදනායගම් විශ්‍රාම යෑමට මාස තුනක කාලයක් ඉදිරියෙන් තිබියදී මාරුවීමක් ලබාදී තිබේ. ඔහු යාපනයේ තේරීම් භාර නිලධාරියා විය හැකිය. වෙදනායගම් විසින් ඊට විරෝධය පාමින් ඔහුගේ විශ්‍රාමික පත්‍රිකා යවා තිබේ.

දූෂණ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබූ කෝපායිහි දිසා ලේකම්වරයා පුදුකුඩියිරුප්පු දිසා ලේකම්වරයා වශයෙන් මාරුවීමක් ලබාදී තිබේ. එතැන් සිට මුලතිව් අතිරේක දිසාපතිවරයකු ලෙස ඔහු මාරුවීමක් ලබාදී තිබේ. මැතිවරණවලට පෙර මහා පරිමාණයේ මාරුවීම් සිදුකිරීම් තුළ, පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු යාපනයෙන් අතිරේක දිසාපතිවරයා මාරුකර යවා තිබේ. ඔහු දැනට යාපනයේ මැතිවරණ ආරාවුල් නිරාකරණ මධ්‍යස්ථානයේ (EDRC) ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

මගේ තර්කය වන්නේ ක්‍රිෂ්ණාගේ කතාන්දරයෙන් සනාථ කෙරෙන දූෂණ ආවරණය කිරීමේ උචිතත්වය ගැනය. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එවකට අතිරේක දිසාපතිවරයා යටතේ යාපනයේ මැතිවරණ ආරාවුල් නිරාකරණ මධ්‍යස්ථානයේ (EDRC) සිටි දෙවැන්නා ඔහු විය. ඔහු විසින් ඖෂධ පෙති බහාලන කුඩා පැකැට්ටු හරහා රජයේ ඖෂධ දැන්වීම් යොදා ගනිමින් ඔහුගේ පක්ෂය සඳහා ප්‍රචාරයක් ලබා ගන්නා බවට බොහෝ වාරයක් අනාවරණය වූ මන්ත්‍රීවරයකු වන අංගජන් රාමනාදන්ට අයත් චුන්නාකම්හි පැවති පිරවුම් හලක සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සොයා ගන්නා ලදි. මන්ත්‍රීවරයාට කිසිවක් සිදුවූයේ නැත. සියල්ලට පසුව, ඔහු මන්ත්‍රීවරයෙක්! ඒ කරණ කොටගෙන ඔහුට අවවාද කෙරිණ. එය සත්‍යයක් වුවද මම එය නොදන්නා බව කීවෙමි. ක්‍රිෂ්ණා විසින් පිරවුම්හල් සිද්ධිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ අතර පොදු ජන පෙරමුණු කවය තුළ ඔහු පිළිගත නොහැකි පුද්ගලයකු බවට පත්විය.

මහ මැතිවරණය සඳහා දඬුවමකින් නිදහස් කිරීම සහ ff නොමැති බව දැකීමට කොමිසමට අවශ්‍ය පරිදි, යාපනයේ EDRC කාර්යාලයෙන් ක්‍රිෂ්ණා ඉවත් කරනු ලැබිණ. ඒ අනුව කොමිසමේ පත්කිරීම් වුවද දූෂිත විය. අණ ලබාදීමට වෛදනායගම් එහි නොමැත. සල්පිලෙන් ලැබෙන කුවිතාන්සි මෙන්, අපේ EDRC හැම කටයුත්තක්ම පිළිවෙළකට ඇත.

සිදුවෙමින් පවතින සංවර්ධිත කතාව: කොරෝනා ක්‍ෂමාව 

මාර්තු දෙවැනි දින ගැසට් පත්‍රය ප්‍රකාශ කිරීමෙන් පසුව පොදු ජන පෙරමුණ විසින් උපාධිධාරීන් 45,000කට (ඔහුගෙන් බොහෝ දෙනා උපාධිධාරීන් ලෙස සලකනු ලැබිණ.) පත්වීම් ලබාදීමට උත්සාහ කෙරිණ. ඔවුන් ග්‍රාම නිලධාරිවරුන්ට සහායකයන් වශයෙන් යොදා ගැනීමට නියමිතව තිබිණ. පොදු ජන පෙරමුණ විසින් යූඇන්පියට 2019 නොවැම්බර් මාසය තුළ කළාක් මෙන් යූඇන්පිය විසින් මීට විරෝධය පළ කරනු ලැබිණ. පොදුජන පෙරමුණ තර්ක කරමින් කියා සිටියේ මාර්තු දෙවැනි දිනට පෙර එම ක්‍රියාවලිය පටන් ගෙන තිබූ බවය. ඒත් සහතික පරීක්ෂා කරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් තිබිණ. මැතිවරණ කොමිසමේ තර්කය වූයේ ඔවුන් බඳවා ගැනීම සිදුකර තිබෙන බවය.

අප කියා සිටියේ ඔවුන්ගේ බොහෝ දෙනා මාර්තු දෙවැනි දිනට පසුව වාර්තා කර තිබූ බවත්, ඔවුන්ගේ සහතික පරීක්ෂා කිරීමට ලක්ව නොතිබූ බවත්ය.

යාපනයේ කොටුවීම තුළ, මට සියලු විස්තර නොලැබිණ. ඒත්, දේශප්‍රිය මහතාට කතා කිරීමෙන් පසුව, පත්වීම් ලබා නුදුන්නද ඔවුන්ට ගෙවීම් සිදු කරන බවට රජය ප්‍රකාශයට පත් කර තිබූ බව මට දැනගැනීමට ලැබිණ. අප කියා සිටියේ සේවයට වාර්තා නොකරන අයට ගෙවීමට රජයට නොහැකි බවය.

නැවතත් දේශප්‍රිය මහතාට අනුව රජය විසින් ඔවුන්ගේ කතාන්දරය වෙනස් කරනු ලබමින් කියා සිටිනු ලැබුවේ කෝවිඞ් – 19 වසංගතය දුරලීම සඳහා කටයුතු කරනු පිණිස වෛද්‍ය  නිලධාරි කාර්යාලවලට අනුයුක්ත කරමින් මෙම බඳවා ගැනීම් සිදුකර ඇති බවය. සභාපතිවරයා සිතා සිටියේ අප විසින් එය වළක්වනු ලැබුවහොත් කෝවිඞ් – 19 උවදුර නතර කිරීමට අපට වුවමනාවක් නැති බව පවසමින් මහජනතාව කොමිසමට එරෙහිව චෝදනා කරනු ඇති බවය. ඔහු විසින් අපට එය නොදන්වා තිබුණු බැවින් රජය වරදකට පමුණුවා ඇති අතර යම් හෙයකින් අපට දන්වා තිබුණේ නම් මෙම සැලකිල්ල මැතිවරණ අල්ලසක් ලෙස නෛතික වශයෙන් සලකනු ලැබීමට නියමිතව තිබිණ.

කොමිසමට අවමන් කරමින් රැකියා ලබාදීම හරහා ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට කෝවිඞ් – 19 භාවිත කරමින් නිදහස් හා සාධාරණ නොවන අයුරින් මැතිවරණය පැවැත්වීමට ක්‍ෂමාවක් ලෙස කෝවිඞ් – 19 රජය භාවිත කරන බව ඉතා පැහැදිලිය. වෛද්‍ය  නිලධාරි කාර්යාලවලින් ලැබෙන අලුත්ම තොරතුරු අනුව එක් අයකුට හෝ දෙදෙනකුට පමණක් අවස්ථාවක් ඔවුන්ට ලබාදිය හැකි අතර වෙනත් තැන්වල 20ක පමණ දෙනෙකු බඳවා ගැනීම් සිදු කළ හැකිය. ඔවුන් විසින් 45,000කට ඉඩකඩ සලසන්නේ කෙසේද?

කවර කාරණාවකදී වුවද මෙම පුද්ගලයන් රජයේ සේවයට බැඳී වැඩ කිරීමට පැමිණෙන්නේද? යාපනයේ අද (මාර්තු 29) සිටින්නේ දිසාපති හෝ අතිරේක දිසාපති පමණි. එහි සිටින අපගේ නියෝජ්‍ය කොමසාරිස්ට ඇඳිරි නීති බලපත්‍ර ලබාදීම සහ ඔහුගේ ලිපි යතුරුලියනය කිරීමට පිටස්තර පුද්ගලයන්ගේ සේවය ලබා ගැනීමට සිදුව ඇත.

ඇත්ත වශයෙන්ම, රාජ්‍ය නිලධාරීන් දහස් ගණනක් නිවෙස්වල සිටියදී වැටුප් ලබති. ඔවුන් පෙළෙඹවීමට රජයට නොහැකි නම් මෙම 45,000ක පිරිසක් පෙළඹවීම සඳහා යෝජනා කරන්නේ කෙසේද? අපෙත් බොහෝ දෙනා නොඉපිද සිටියාක් මෙන් කටයුතු කරති.

මෝඩකම් ඇති !

පාර්ලිමේන්තුවකින් තොරව ඡන්ද අපේක්ෂාවෙන් රට පාලනය කෙරේ. හමුදාව පොලිසියට අදාළ රාජකාරිවල නිරත වෙයි. මිලිටරි රජයක ප්‍රමාණ මුද්‍රා මතුවෙමින් පවතී.

ඉඟි සහ අවවාද නොසලකා හරිමින් මාර්තු දෙවැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අත්වැරැද්ද අප සිදුකර තිබේ. මීට එක් විසඳුමක් වන්නේ දැන් පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) යටතේ පාර්ලිමේන්තුව කැඳවීමය. ඒත් එසේ කැඳවනු ලබන පාර්ලිමේන්තුව ‘හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන්වීම’ යන මෙයින් කලින් එළැඹෙන අවස්ථාවේදී විසිරෙන්නේය.

මාර්තු දෙවැනි දින ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඔහුට එය අවලංගු කිරීමට ඉඩ දෙමු. එවිට 2020 අගෝස්තු මාසයෙන් කාලය අවසන් වන පාර්ලිමේන්තුවකින් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් අපට පැවැත්විය හැකිය. ඒ වනවිට කෝවිඞ්-19 ඉතිහාසයට එක්වී තිබෙනු අපේක්ෂා කළ හැකිය.

Hoole.SRH439එස්. රත්නජීවන් එච්. හූල් [පරිවර්තනය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු]

සැ.යු. Colombotelegraph වෙබ් අඩවියේ පළවූ එස්. රත්නජීවන් එච්. හූල් විසින් විරචිත ‘Democracy in Crisis : Avoding Dictatiorship’ ලිපිය ඇසුරින් සැකසිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න