කොරෝනා අස්සේ අනියම් සේවකයන් දොට්ට දාලා : තරුණසේවා සභාවේ අමානුෂික වැඩක් !

කොරෝනා අස්සේ අනියම් සේවකයන් දොට්ට දාලා : තරුණසේවා සභාවේ අමානුෂික වැඩක් !
ගෝලීය ව්‍යසනය තුළම ජාතික තරුණ සේවා සභාවේ අනියම් සේවකයන් සියලු දෙනා සේවයෙන් ඉවත් කිරීමට සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් කේෂර ජයසිංහ කටයුතු කරමින් සිටින බවට සේවක පාර්ශවයන් චෝදනා නගයි.
ඒ සම්බන්ධව ලැබෙන තොරතුරු අනුව පවතින කොවිඩ්19 වසංගත තත්වය හමුවේ රටේ සියලුම යාන්ත්‍රණයන් අඩපණ වී ඇති පසුබිමක පවා ඒ කිසිවක් නොතකා ජාතික තරුණ සේවා සභාවට අනුයුක්ත කර ඇති සියලුම අනියම් පදනමේ බඳවාගැනීම් අහෝසි කරන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) ධම්මික සම්පායෝ සියලුම පළාත් අධ්‍යක්ෂවරුන්ට දුරකතනයෙන් දැනුම් දී ඇත.
 
එහිදී පළමුව පළාත් අධ්‍යක්ෂවරුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) ධම්මික සම්පායෝ ගේ නියෝගය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ  මෙම සේවකයින් ඉවත් කිරීම කටවචනයට  සිදු කළ නොහැකි බවත් ඒ සඳහා ලිඛිතව දැනුම් දීමක් සිදු විය යුතු බව දන්වමින්ය.
 
සේවය අහිමි වූ සේවකයෙක් ප්‍රකාශ කර සිටින ආකාරයට අනතුරුව තරුණ සේවා නිළධාරීන්, ලිපිකරුවන්, අරක්කැමියන් සහ කාර්‍යාල කාර්‍ය සහායකවරුන් ඇතුළු අනියම් සේවකයන් 90ක් මෙසේ ඉවත් කිරීමට අදාළ ලිපි සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඔවුන් වෙත යොමු කර ඇත.
එම ලිපිය අනුව සේවය ලබා ගැනීම සිදු නොකිරීම, කාර්‍යාලයේ අත්සන් ලේඛනවලින්  ඔවුනගේ නම් ඉවත් කිරීමද සිදු කරන ලෙස සියලුම නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, පළාත් සහ සහකාර අධ්‍යක්ෂ වරුන්ට මෙන්ම මධ්‍යස්ථාන භාර නිළධාරීන්ට ද දන්වා ඇති අතර එසේ නොකරන්නේ නම් එම සේවකයන්ට ගෙවනු ලබන වැටුප් තම පුද්ගලික වියදමෙන් සිදු කරන ලෙස සභාපති කේෂාර ජයසිංහ දැනුම් දී තිබෙන බවත් වාර්තා වෙයි.
.
කෙසේ වෙතත් 2019 වසරේ ඔකක්තෝබර් මාසයට පෙර මෙම බඳවා ගැනීම් සිදු කර තිබුණ බවත්  ආයතන සංග්‍රහයේ සේවක බඳවා ගැනීම හා ඉවත් කීරීම සම්බන්ධයෙන් වන නෛතික බලතල ප්‍රකාරව මෙසේ දින 180 සම්පූර්ණ කළ අනියම් සේවකයන්ව ඉවත් කිරීමට සභාපති කෙෂාර ජයසිංහට බලතල හිමි වූයේ කෙසේද යන්න මෙම සේවකයන් ප්‍රශ්න කර සිටියි.
එසේම ජීවිත අවධානමේ වැටී පමණක් නොව ජීවිත රැකගන්නා නමුත් එදා වේල කෑමට නොහැකි ආර්ථික මට්ටමක් මතුව තිබේ. අනියම් සේවකයන්ට පමණක් නොව වැටුප් ලබන ස්ථිර සේවකයන්ට පවා වැටුප් ගෙවීම පෞද්ගලික අංශය මුහුණදී ඇති බරපතල ප්‍රශ්නයක්ව ඇත. එවැනි පසුබිමක මේ කර ඇති ක්‍රියාව දේශපාලන පළිගැනීමක් පමණක් නොව ඒ මිනිසුන්ගේ ජීවිත වලින් වන්දි ගන්න උත්සාහ කරන ෂයිලොක් පන්නයේ ක්‍රියාව ඉතා අමානුෂික බව තරුණ සමිති සාමාජිකයන් රැසකගේ අදහස වී ඇත.
තරුණ සේවා සභාවේ සභාපති කොරෝනා අස්සේ සේවකයන් රැකියාවෙන් එළියට දැමීමට නිකුත්කළ ලිපිය පහත දැක්වෙයි.

IMG 20200407 WA0011

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න