කරූ අගමැති කරන්න ආගමික නායකයින් පෙරට !

කරූ අගමැති කරන්න ආගමික නායකයින් පෙරට !
 
එජාප මන්ත්‍රීවරයකු වන කතානායක කරු ජයසුරිය මහතා අගමැති කරවීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇති බවත් ආගමික නායකයින් ඒ සඳහා ක්‍රියාකාරිව මැදිහත්ව සිටින බවත් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
 
පවතින දේශපාලන තත්වය හමුවේ පුජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ නාමයෙන් අගමැතිකම භාරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ කෘතහස්ත දේශපාලනඥයෙකු වන කරු ජයසුරිය මහතාට මේ වන විට  දසතින් බලපෑම් එල්ල වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මෙහෙයවන වෙබ් අඩවියක ද සඳහන් වේ. 
 
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස තබාගනිමින් මෙම යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් දීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් පැහැදිලි ලෙසම දැනුම් දෙන ලදැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි.
 
එහෙත් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්නොවී බලහත්කාරයෙන් අගමැතිධුරයේ රැඳී සිටීම හේතුවෙන් මේ වන විට රටේ අස්ථාවර තත්වයක් මෙන්ම එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යෑමටද ආසන්න තත්වයක පවතින බව පවසන එම වෙබ් අඩවිය,  මේ හේතුවෙන් මෙම දේශපාලන අර්බුදය සමනය කොට යහපාලන ආණ්ඩුව දිගටම පත්වාගෙන යෑම සඳහා කරු ජයසුරිය මහතාට වහාම අගමැතිධුරය ලබාදිය යුතු බවට එජාපයට සහ රනිල් වික්‍රමසිංහ මහතාට දසතින් බලපෑම් එල්ලවෙමින් තිබෙන බවට වාර්තා කර තිබේ.
 
මෙම දේශපාලන අර්බුදය නිමාකිරීමටත්, වත්මන් යහපාලන ආණ්ඩුව පවත්ගෙන යෑමටත්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය තබාගැනීමටත් ඇති එකම විසඳුම මෙය බව එම වෙබ් අඩවිය අවධාරණය කර තිබේ.
 
 karu web read
 
කරුගේ ස්ථාවරය මෙන්න :
 
 ජනාධිපතිවරයාගේ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙන්ම එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ද පසුගිය දින කිහිපයෙහි කරු ජයසුරිය මහතා හමුවෙමින් හා දුරකතනයෙන් අමතමින් අගමැති ධුරය බාර ගන්නැයි ඉල්ලීම් කර තිබේ. 
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ එහි ප්‍රමුඛතම කාර්යයක් ඉටුකරමින් සිටින බව වාර්තාවේ. 
 
ඒ අතර විදෙස් රාජ්‍යතන්ත්‍රීක නිලධාරීන් කිහිප දෙනෙකුද ජයසුරිය මහතාගේ ස්ථාවරය විමසා ඇති අතර ශ්‍රී ලංකාව මාලදිවයිනක් වීමට ඉඩ නොතබා දැනට මතුවී ඇති දේශපාලන අර්බුදය සමනය කිරීමට මැදිහත්වන්නැයි ඉල්ලීම් කර ඇත.
 
කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂය විසින් ගන්නා ලද තීන්දුවක් අනුව මිස ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයක් මත අගමැති ධූරය භාර නොගන්නා බව කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය වී ඇතැයි දැනගන්නට ඇත.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා එම ධූරයෙන් ඉවත් කර එජාපයේම වෙනත් අයෙකු අග්‍රාමාතත්‍යවරයා වශයෙන් පත්කර ආණ්ඩුව ඉදිරියට ගෙන යායුතු බවට වූ ජනාධිපතිවරයාගේ මතය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් කතානායකවරයාගෙන් කරන ලද විමසීම්වලදී ඔහු එම ස්ථාවරය ප්‍රකාශ කර ඇතැයි 'රාවය' පුවත්පත තිබේ.
 
එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නොවන වෙනත් අමාත්‍යවරයෙකු පත්කිරිමේදී ඒ සඳහා මුලින්ම ජනාධිපතිවරයාගෙන් පාර්ශවයෙන් යෝජනා වූ නම් අතර කතානායක කරු ජයසූරිය මහතාගේ නම කියැවුණි.
 
  
 ''ඒකාබද්ධ ආණ්ඩුවේ ජයග්‍රහණ සියල්ල ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා බෙදාගන්නා තත්ත්වය තුළ පරාජයන් පමණක් රනිල් වික්‍රමසිංහ මහතා භාරගත යුත්තේ ඇයි ? - රන්ජන් අසයි
 
  එජාපයේ අමාත්‍යවරුන් මහගමසේකර මාවතේ පිහිටි සිය නිවසට පෙබරවාරි 14 දින කැඳවා සාකච්ඡා කරමින් ජනාධිපතිවරයා ඔවුන්ට පවසා තිබුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර එජාපයේ වෙනත් අග්‍රාමාත්‍ය වරයෙකු යටතේ ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමට තමා සූදානම් බවය. 
 
එහෙත් ජනාධිපතිවරයාගේ එම යෝජනායට එජාප අමාත්‍යවරුන් කිසිවකු එකඟතාව පළකර නැති අතර අමාත්‍යවරුන්ට අමතරව ජනාධිපතිවරයා විසින් එම සාකච්ඡාට කැඳවා තිබූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊට එකඟතාව දක්වා නැත.
 
එමෙන්ම සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ වත්මන් ඒකාබද්ධ ආණ්ඩුවේ ජයග්‍රහණ සියල්ල ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා බෙදාගන්නා තත්ත්වය තුළ පරාජයන් පමණක් රනිල් වික්‍රමසිංහ මහතා භාරගත යුත්තේ ඇයි ද යන්නයි.
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න