ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළකලේ අද (08) පාර්ලිමේන්තුවේ පැවති 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්‍යාබාධිත කාන්තා සංසදයේ කොඩි පැළඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර යනද සහභාගී වී ඇත.
මෙහිදී තවදුරත් අදහස් දැක්වූ අගමැතිනිය,
දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් තමන්ගේ වෘත්තීන් රැකගැනීමටත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම අයිතිවාසිකම් රැකගැනීමටත් දෛනිකව අරගල කරමින් සිටිනවා .
සමාජය ආබාධයට ලක්ව සිටීම හේතුවෙන් මෙලෙස එම කාන්තාවන්ට අරගල කිරීමට සිදුව ඇති බවත් එම තත්ත්වය වඩාත් හොඳින් හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුව මැදිහත්වී කටයුතු කරනවා .
අනතුරුව මෙහිදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්‍යාබාධිත කාන්තා සංසදයේ සාමාජිකාවන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමිය සහ මන්ත්‍රීවරියන් ඇතුළු පිරිස සඳහා 2025 ජාත්‍යන්තර කන්තා දිනය සැමරීම වෙනුවෙන් නිර්මාණය කෙරුණු කොඩි පැළඳවීම සිදුකර ඇත.

