තව ද මෙම සිද්ධියට අදාළ පළමුවන සැකකරු වන උපාලි ලියනගේ නමැත්තාට අධි චෝදනා ගොනු නොකරන බවත් එම නිසා ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස ද නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙවන සැකකරුට අධිචෝදනා ගොනු කර අධිකරණයට වාර්තා කරන ලෙසත් පළමුවන සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් නියෝග කළේ ය.
සැකකරුවන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ දී වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ සැකකරුවන් දෙදෙනාට එරෙහිව කළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් බැවින් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බව ය.
නඩුව දෙසැම්බර් 4 යළි කැඳවිමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
