ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියන මාලිමා රජය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයම කඩාකප්පල් කරන ක්‍රියාවලියක නිරත ව සිටින බවත් පුරප්පාඩු වී තිබෙන උපරිමාධිකරණවල තනතුරු පුරවන්න රජය සහ ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
වර්තමානයේ රටේ සිටින ගරු විනිසුරුවරුන් මේ පුරප්පාඩුවලට පුරවන්න සුදුසු නැද්ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් මේ පුරප්පාඩු පිරවීම නතර කිරීම සේම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ ක්‍රියාවලියට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න රජය තීරණය කර මීට අදාළ ව කැබිනට් පත්‍රිකාවක් ද අනුමත කර ඇති බවත් මෙවැනි ක්‍රියාවකට රජය යොමු වන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
රජයකට ජනතා ආශිර්වාදය ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වුවත් රජය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා වෙනුවට ඒකාධිපති ආඥාදායකත්වය සහ එක් පක්ෂයක් රටම පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසී ය.
සජබ විසින් නීතිඥ සංගමයේ සභාපතිවරයාට පළාත් සභාවේ මහඇමති අපේක්ෂකත්වය ලබා ගන්න අල්ලස් ලබා දී ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට අදාළව සහයෝගය ලබා ගත් බවට රජයේ මන්ත්‍රිවරයකු බොරු චෝදනාවක් එල්ල කරමින් යන බවත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නායකත්ව මණ්ඩලයේ විජේනායක නීතිඥවරයා පවා රජයේ මේ යෝජනාවට විරුද්ධ වන්නේ සාලිය පීරිස් වැනි ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් රජයේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ සජබේ යෝජනා නිසාද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් දැන්වත් බොරුවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් රටේ ජනතාව නොරවටන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
රජය බොරු කියනවා කියා ප්‍රසිද්ධ වී ඇති නිසා දැන්වත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න උත්සාහ කරන අවස්ථාවල දී ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් පරාජය කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්න කළ හැකි උපරිම කාර්ය ඉටු කරන්න කැපවෙන බවත් ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කරන්න දරන උත්සාහය හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් දැන්වත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
