සැමන් හා පරිප්පු මිල අඩු කිරීමේ නොකී කතාව..

සැමන් හා පරිප්පු මිල අඩු කිරීමේ නොකී කතාව..

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වුන දා ආත්මාර්ථකාමී පොහොසත් ජනතාව වැල නොකැඩී සුපිරි වෙලඳසැල් වෙත ආහ..

එදා වේල හොයන දුප්පත් මිනිසුන් දුකෙන් බලා සිටින විට පොහොසතුන් කලේ සුපිරි වෙලඳසැල් වල තිබූ සියලු දේ තමන්ගේ ධනය භාවිතා කර මිලදී ගැනීමයි.

එදා මේ අසාධාරනය දෙස ජනාධිපතිතුමා උපේක්ෂවෙන් බලා සිටින්නට ඇත්තේ නිසි වෙලාව ආ විට මෙමෙ ආත්මාර්ථකාමී මිනිස්සුන්ට නිසි පාඩමක් ඉගැන්වීමට විය යුතුය..

සුපිරි වෙලඳ සැල්වල කිලෝව රු.150 ක් වූ පරිප්පු මිටි ගණන් හිස්විය.

රුපියල් 250 ක් වූ සැමන් ටින් අතුරුදහන් විය.

පොහොසත් මිනිස්සු තමන්ගේ ධනයෙන් දුප්පතුන් එදිනෙදා මිලදී ගන්නා සියලු භාණ්ඩ එක රැයින් අත්පත් කර ගැනීමට සමත්වූහ..

නමුත් දින කිහිපයකින් සැමන් හා පරිප්පු නැවත වෙලද සැල්වලට එන බව ඔවුන් නොසිතන්නට ඇති..

නිසි වේලාව උදාවිය.

සැමන් හා පරිප්පු නැවත වෙලඳ සැල් වලට ඇති තරම් ලැබී තිබුනි.

ආත්මාර්ථකාමී පොහොසතුන් කලාන්තෙ දමන ආකාරයේ තීරණයක් රජය ගැනීමට නියමිත බව ඔවුන් හීනෙකින් වත් නොසිතන්නට ඇත..

150 ක් වූ පරිප්පු කිලෝව 65 කටත් 250 ක් වූ සැමන් ටින් එක 100 කටත් අලෙවි කිරීමට රජය නිවේදනය කලේ ජාතියම අමතමිනි..

දැන් පරිප්පු මිටි ගනන් සැමන් කේස් ගණන් නිවෙස් වල පුරවා ගත් පොහොසතුන්ට සිදුව ඇත්තේ රුපියල් දහස් ගණනක ලක්ෂ ගනනක එකතුව ගත්කල කෝටි ගණනක පාඩුවකි.

අසරන දුප්පත් ජනතාව හෙට සිට සහන මිලට සැමන් මිලදි ගනුඇත.

පොහොසත් ආත්මාර්ථකාමී මිනිස්සුන්ට මේ තීරනයෙන් බඩ යනු ඇත..

දුප්පතා යලිත් සහන මිලට පරිප්පු කනු ඇත..

පොහොසතා පරාජය වී දුප්පතා ජය ගන්නා දිනයක් එළඹ ඇත්තේ කාලයකට පසුවයි..

මෙසේ පරිප්පු වලින් හෝ දුප්පතාට සහනයක් වන්නට රජය ගත් ක්‍රියාමාර්ගයට ජාතියේ උත්තමාචාරය

-මැණ්ඩි- (උපුටා ගන්නා ලදී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න