ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඊයේ (30) රාත්‍රී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
වාර්තාවන පරිදි මෙම අවස්ථාවේදී දිමුත් කරුණාරත්න වාහනය පදවමින් සිට ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් පසුවය.
දිමුත් කරුණාරත්න අද (31) දවස ඇතුළත පොලිසියේ රඳවාගෙන සඳුදා (01) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
දිමුත් කරුණාරත්න මේ වසරේ ජුනි, ජූලි මාසවල එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා පත් කිරීමට තේරීම් කමිටුවේ අවධානයට ලක්වූ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටියෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
