Image

බෞද්ධ උරුම සහ ගෘහ නිර්මාණ ශිල්ප පිළිබදව බ්‍රික්ස් සංවිධානයේ නියෝජිතයෝ මවිතයට පත් වෙති

බෞද්ධ උරුම සහ ගෘහ නිර්මාණ ශිල්ප පිළිබදව  බ්‍රික්ස් සංවිධානයේ නියෝජිතයෝ මවිතයට පත් වෙති

ක්‍රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා පැමිණි (BRICKS) බ්‍රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුම, ඓතිහාසික කතාන්දරවලින් සහ ගෘහ නිර්මාණ ශිල්ප දැක මවිතයට පත් වුහ.

බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය  ඇතුළු බ්‍රික්ස් රටවල් 11ක නියෝජිතයින් 42ක ගෙන් යුත් කණ්ඩායමක් මෙම චාරිකාවට එක් වූ බව සාංචි චේතියගිරි විහාරාධිකාරී  බානගල විමලතිස්ස හිමියෝ පවසති.

Sanchi

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධානාන සංඝනායක  බානගල උපතිස්ස නා හිමියන්ගේ උපදෙස් පරිදි මෙම නියෝජිත පිරිස අති උත්කර්ෂවත් අන්දමින් පිළිගෙන, 74 වසරක සාංචි ඉතිහාසයේ ප්‍රථම වතාවට භූගත ධාතු ගර්භයෙන් සර්වඥ ධාතූන් වහන්සේලා ඉහළ මාලයට වඩමවා විශේෂ සර්වඥ  ධාතු ප්‍රදර්ශනයක් සහ තේවා පූජාවක් මෙදින එම නියෝජිත පිරිස වෙනුවෙන් පැවැත් වූ බව සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ තේවාව භාර පූජ්‍ය පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට BRICS රටවල සංස්කෘතික ක්‍රියාකාරීන්, පුරාවිද්‍යා බලධාරීන් සමඟ ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං ෂෙකාවත්, මධ්‍ය ප්‍රදේශ් රජයේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ධර්මේන්ද්‍ර ලෝදි රයිසන් දිසාපති ශ්‍රී අරුන් කුමාර් විශ්වකර්ම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් ශිවශේකර් ශුක්ලා  මධ්‍ය ප්‍රදේශ් සංචාරක මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඉලයියා රාජා ටී ඇතුළු ඉන්දීය නිලධාරීහු ද එක්වූහ.

පුරාණ ඉන්දියාවේ සංස්කෘතිය සමඟ ලෝක සාමයේ පණිවිඩය ද මූර්තිමත් කරන ඓතිහාසික උරුම ස්ථානයක් ලෙස සාංචි පුදබිම අර්ථ නිරූපණය කළ BRICS නියෝජිතයෝ වසර දහස් ගණනක් බෞද්ධ හා ඉංදීය පැරණි උරුම සාක්ෂි තම දෑසින් දැකීමට ලැබීම අමතක නොවන අත්දැකීමක් බව පැවසූහ.

sanchi22

මෙම නියෝජිත සමුළුව බෝපාල් හි කුෂාබාහු තක්රේ (Kushabhau Thakre) ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථාන අගෝස්තු 05 සිට 08 දින දක්වා පැවැත්වුණි. 18 වන BRICS රාජ්‍ය නායක සමුළුව සැප් 12-13 ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර දී පැවැත් වේ.

-ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න