කල් ඉකුත් වූ ආනයනික ආයුර්වේද ඖෂධ විකිණීම සඳහා අනෙකුත් භාණ්ඩ සමග: ගබඩා කිරීම, ඒවා විනාශ කිරීම සම්බන්ධ ලේඛන පවත්වා නොගැනීම සහ උපරිම සිල්ලර මිල හෝ ආනයනකරු ගේ තොරතුරු සඳහන් නොකළ: ආයුර්වේද ඖෂධ, සුවඳ සබන් සහ ආලේපන වර්ග සන්තකයේ තබා ගැනීම මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කළ කොළඹ 13, ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේ පිහිටි “Orience International Business (Pvt) Ltd” ආයතනයට සහ එහි අධ්‍යක්ෂවරයාට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා 05ක් යටතේ නඩු පවරා තිබුණි.
භාණ්ඩ 920කට ආසන්න තොගයක් අත්අඩංගුවට
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.05.20 දින සිදුකරන ලද විශේෂ වැටලීමක දී මෙම ආයතනයේ තිබී කල් ඉකුත් වූ Nephrofit, Dolacare, Asparose, Triphala සහ Ashwagandha ඇතුළු ආයුර්වේද ඖෂධ කැප්සියුල සහ පෙති 640කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
එමෙන්ම, නිසි ලේබල් තොරතුරු නොමැති: සබන්, Face Wash, Shampoo, Day/Night Creams, Hair Oil සහ Juice ඇතුළු ආලේපන සහ අනෙකුත් නිෂ්පාදන 280කට අධික ප්‍රමාණයක් ද සොයාගත් අතර, සමස්තයක් ලෙස භාණ්ඩ 920කට ආසන්න තොගයක් මුද්‍රා තබා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නඩුව 2026.08.04 දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී, විත්තිකාර සමාගම සහ එහි අධ්‍යක්ෂවරයා එල්ල වූ චෝදනා 05ටම වරද පිළිගෙන ඇත. ඒ අනුව, ගරු අධිකරණය විසින් විත්තිකරුවන් දෙදෙනාට එක් චෝදනාවක් සඳහා රුපියල් 10,000/- බැගින්, සමස්තයක් ලෙස රුපියල් 100,000/-ක (ලක්ෂයක) දඩ මුදලක් නියම කරන ලදී. ඊට අමතරව, අත්අඩංගුවට ගත් අදාළ ඖෂධ, ආලේපන සහ අනෙකුත් භාණ්ඩ තොගය වහාම විනාශ කර දමන ලෙසද ගරු අධිකරණය විසින් නියෝග කරන ලදී.
මහජනතාව ගේ සෞඛ්‍යයට හානි කළ හැකි කල් ඉකුත් වූ: ඖෂධ, බාල ප්‍රමිතියේ ආලේපන හෝ අනිවාර්ය තොරතුරු සඟවා නීතිවිරෝධී ලෙස භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාව තුළ 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
