පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ නමැති සැකකරු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ: හිටපු ඇමති විමල් වීරවංශ, උදය ගම්මන්පිල, හිටපු ජනාධිපතිවරයෙකු ගේ ලේකම්වරයකු වන සුගීශ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජේෂ්ඨ කථිකාචාර්යවරයකු වන මහින්ද පතිරණ සහ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති සුසන්ත දිලිත් ජයවීර යන අයට එරෙහිව අධිකරණයට අපහාස කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 05 තීරණය කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.
ඉදිරි නෛතික පියවර ගැනීමට ඒ බව අභියාචනාධිකරණය ට දන්වා යැවීමට කටයුතු කරන බව ද නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ය.
සුරේෂ් සලේ නැමැති සැකකරුට ඇති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීමට 2026.06.10 දින නියම කර තිබිය දී 2026.06.07 දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් සිදුකරමින් මෙලෙස ප්‍රකාශ සිදු කරමින් ඔවුන් අධිකරණයට අපහාස කර ඇති බවට මහේස්ත්‍රත්වරයා තීරණය කළේය.
සැකකරුවන් විසින් 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ල්ලඝනය කරමින් අදහස් ප්‍රකාශ කර ඇති බවට දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සාක්ෂි ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විස්තරයක් අධිකරණය හමුවේ කළේ ය.
මහේස්ත්‍රාත්වරයා තෙවන සැකකරු මාසිකව නිරීක්ෂණය කරමින් සිටින අවස්ථාවක වධකාරයක රඳවා සිටිනවා. සලේ පරීක්ෂා කරන්න ජේවීපී සෙට් එකක් දාලා, ආණ්ඩුව කරන බොරුව පේනව, වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබිය දී වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීම බාල වැඩක්, යනාදි විවිධ ප්‍රකාශ සිදු කරමින් මොවුන් අධිකරණයට අපහාස කළ බව බැලූ බැල්මට පෙනී යනවා යැයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළ අවස්ථාවේ පැවසී ය.
ස්වාධීන රූපවාහිනී ය, සියත, සිරස, ස්වර්ණවාහිනී, දෙරණ ඇතුළු විද්‍යුත් මාධ්‍ය 10ක සංස්කරණය නොකළ දර්ශන සහ එම ආයතනවල මාධ්‍ය කළමණාකරුවන්, අධ්‍යක්ෂකවරුන් සහ මාධ්‍යවේදීන් කළ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
