රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන රන් ආලේපිත පෞරාණික හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට සැකපිට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ලබන අගෝස්තු මස පස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන නියෝග කර ඇත.
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගේ නම භාවිතා කරමින් පෞද්ගලික නාලිකාවක විකාශය වූ හඬ පටයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කර ඇත.
මහේස්ත්‍රාත්වරුන්ට කෝටි 100ක්, පොලිසියට කෝටි 100ක් සහ නියෝජ් ඇමතිවරයාට කෝටි 300ක්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා පොලිස්පතිතුමාට සිදු කළ පැමිණිල්ල ප්‍රකාරව පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
මහේස්ත්‍රාත්වරුන්ට කෝටි 100ක් පොලිසියට කෝටි 100ක් නියෝජ් ඇමතිවරයාට කෝටි 300ක් ලෙස මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටයක ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් කොට්ඨාස අපරාද විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ මෙම හනුමන්තා පිළිමය ජාඇල ප්‍රදේශයේ තැනක වළ දමා ඇති බවත් එය ධනවත් පූසාරිවරයකුට එය විකිණීමට සූදානමින් සිටින බවට සංසරණය වූ වීඩියෝ පටයකට අදාළව බම්බලපිටියේ දී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඔහු ගෙන් ප්‍රශ්න කිරීමෙන් හෙළි වූ කරුණුවලට අනුව තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙක් නුගේගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හනුමන්තා පිළිමය එල්.ටී.ටී. යුද සමයේ යාපන ප්‍රදේශයේ තිබී ඇති බවත්, රන් ආලේපිත හනුමන්තා පිළිමය ජාඇල මෙල්වත් ප්‍රදේශයේ වළදමා ඇති බවටත් සංසරණය වූ හඬ පටය කරුණු ඇතුළත් බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කළ ඇති බවත් අධිකරණයට දන්වා සිටි පොලිසිය මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් අධිකරණයට පැවසුවේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
