යයි කියලා සැක හැමෝටම ගහන : සජබ තීන්දුවෙන් එරාන් දුක්වෙයි !

යයි කියලා සැක හැමෝටම ගහන : සජබ තීන්දුවෙන් එරාන් දුක්වෙයි !

සමගි ජනබලවේගය පක්ෂයට හිතවාදී මාධ්‍ය විසින් තමන්ව රනිල් හිතවාදියකු ලෙස නම්කර තිබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න බලවත් කණගාටුවෙන් පසුවන බව ඔහුට සමීප ආරංචිමාර්ග පවසයි.

තමන් කිසිම ආකාරයකට සජබ අත්හැර රාජපක්ෂ කඳවුරේ සහයෙන් පවත්වාගෙන ආණ්ඩුවකට නොයන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත්කර තිබියදී තම පක්ෂයටම හිතවත් මාධ්‍ය මේ ආකාරයට තමන්වද ඉලක්කයක් කර ගැනීම පසුපස ඇත්තේ තම කීර්ති නාමය පළුදු කිරීමේ බාල දේශපාලන උත්සාහයක්ද යන්න ගැන මන්ත්‍රීවරයා සැකකරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දිගින් දිගටම මෙවැනි කටයුතු සිදුවන්නේ නම් තමන්ටද දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව මන්ත්‍රීවරයා පවසා ඇතැයිද දැනගන්නට ඇත.

ආර්යාවයි - මාධ්‍ය කෙරුමෙක් සහ මිතුරු සමාගමේ වැඩක් !

මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ  සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වනු ඇතැයි මේ වන විටත් සැකසංකා පහළව ඇති මන්ත්‍රීවරුන් ඉලක්ක කර සජබ හිතවාදී  මාධ්‍ය විසින් දියත්කර තිබෙන මාධ්‍ය මෙහෙයුම ආර්යාව, සජබ මාධ්‍ය ප්‍රධානියකු සහ පක්ෂ නායකයාගේ හිතමිතුරන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත ක්‍රියාවට නැගුවක් බවයි.

ඒ වෙනුවෙන් මේ වන විට යෝදාගනෙමින් තිබෙන්නේ අදාළ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා ගේ ආර්ථික ප්‍රතිපත්තිය අගයමින් සිදුකළ ප්‍රකාශයන්ය.

ඒ සම්බන්ධව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් උපුටා ගැනීමක්ද සිදුකරනු දකින්නට ඇති අතර ආසන්නම උදාහරණයක් වන්නේ පසුගිය දිනක "රනිල් වික්‍රමසිංහ මහතා ඕනෑම කතාවක් කිරීමෙන් පසු හර්ෂ-එරාන්-කබීර්-රාජිත වැනි මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ ගෙන බැලීමේදී එකම කතාවක් සිදු කර ඇති බව" ට  ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක්ය.

මේ සියලු දෙනාටම ඇමැති සැප නැතිව විපක්ෂයේ සිටිය නොහැකි බවද එහිදී නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා පවසන අතර සජබ හිතවාදී මාධ්‍ය එම කොටස් පමණක් උපුටා දක්වමින් මෙසේ පුවත් නිර්මාණය කර ඇත. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න