කිං ඛාන් ලෝක බලවතුන් අතර බලවතා වෙයි !

කිං ඛාන් ලෝක බලවතුන් අතර බලවතා වෙයි !

ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කරනු ලබන අතර 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත.

මෙවර ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් මිෂෙල් යෝ, මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, සෙරීනා විලියම්ස්,හැරී කුමරු,මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ඇතුලත්ව සිටියත් ඒ සියලු දෙනා පරාජයට පත් කරමින් පෙරමුණ ගැනීමට ෂාරුක් ඛාන් සමත්ව ඇත.

ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් ෂාරුක් ඛාන් ලබා ගෙන ඇත.

දෙවන ස්ථානය සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නිදහස වෙනුවෙන් සටන් වදින ඉරාන ජාතික කාන්තාවක් හිමි කර ගෙන තිබේ.

තුන්වෙනි සහ හතරවෙනි ස්ථානය දිනාගැනීමට හැරී කුමරු සහ මේගන් කුමරිය හිමිකරගෙන ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 1.9 කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න