Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

උමාරියාගේ ලයිෂන් කැන්සල් !

රාජගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ඇප මත මුදා හැර ඇත.

රාජගිරිය ගුවන් පාලම අසලදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් ඇයව ඊයේ (31) අත්අඩංගුවට ගනුලැබූ අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

ඇප මත නිදහස් කලද ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

උමාරියා විසින් පදවන ලද මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.