සෝමරත්න රාමනායකගෙන් රන්ජන්ට සටහනක් !

සෝමරත්න රාමනායකගෙන් රන්ජන්ට සටහනක් !

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක වරයකුවන සෝමරත්න රාමනයක මහතා විසින් නිෂ්පාදිත 'ජයකොතැනද' චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට රංගන දායකත්වය ලභාදුන් හිටපු පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක මහතා පිළිබඳ සංවේගාත්මක අවුරුදු සුභපැතුම් සටහනක් තබා ඇත…

අදාළ සටහන පහත දැක්වෙයි.

IMG 20210414 WA0035             

තවද සෝමරත්න රාමනායක මහතාට ගෞරවය පිණිස රන්ජන් විසින් ඔහුගේ නමේ අගට සෝමරත්න රාමනායක මහතාගේ 'රාමනායක' යන කොටස භාවිතා කරන බව ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී ඔහු ප්‍රකාශ කළේය.        

'මාගේ ජයකොතැනද චිත්‍රපටයේ මුල්වරට රඟපෑ සන්ධ්‍යා සොයුරියට නීරෝගී සුව සම්පත් පතන අතර ඇය සමග ප්‍රධාන චරිතය රඟපෑ රන්ජන් රාමනායක මාගේ හෘදයාංගම සොයුරා මුහුණදී ඇති දුක්ඛ දෝමනස්සයන් දූරීභූතවී නැවත ජයග්‍රාහී මාවතට පිවිසේවා'        

සත්‍ය වෙනුවෙන් හා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ජනතාවාදීව නිරන්තරයෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් හඬක් නැගූ ජනප්‍රිය නළු පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක මහතා අද නිදහසේ සිටියා නම්, බක් මගේ අසිරිමත් මංගල්‍යය වෙනුවෙන් පවත්වන ප්‍රධාන පෙලේ රූපවාහිනී වැඩසටහන් හරහා ප්‍රේක්ෂක ජනතාව සමග අවුරුදු අසිරිය බෙදා ගැනීමට තිබිණ….

සුමුදු මද්දුමආරච්චි.

මිලානෝ,ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න