Language Switcher

V2025

කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සදහා පිටත්ව යයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(03) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

තරගාවලියට යාමට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර ගණනාවකට පසු සර්ව ආගමික වතාවත් සිදු කර පිටත්ව යාම ද විශේෂත්වයකි.

ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් සහ පුහුණුකරුවෝ,නිලධාරීහු 10 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම " ඒ " කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. මෙහි පළමු තරගය මෙම 10 වැනිදා පැවැත්වේ.