Language Switcher

V2025

ටෝකියෝ ඔලිම්පික් පළමු රන් පදක්කම චිනයට

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩිකා ක්යාන් යාංග් සමත් විය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය අද සමත් විය. ඒ කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කට වෙඩි තැබීමේ කාන්තා ඉසව්වෙනි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රිදී පදක්කම එම වෙඩි තැබීමේ ඉසව්වට එක් වූ ස්වාධීන ක්‍රිඩිකාවක් වන රුසියාවේ අනස්ටීසියා ගලෂිනා විසින් දිනා ගත්තාය. ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විට්සර්ලන්ත ක්‍රීඩිකාවක් විසිනි. අද අලූයම 5 ට ආරම්භ වූ මෙම කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කට වෙඩි තැබීමේ ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙලද එක් විණි. එහි දී ඇයට මූලික වටයේදී ක්‍රීඩිකාවන් 50 දෙනෙකු අතරින් හිමි වුණේ 49 වන ස්ථානයයි.