V2025

ආර්ථික

කිරිපිටි මිල යළිත් ඉහළට !

කිරිපිටි මිල ඉදිරි දින කිහිපයේ දී අනිවාර්යයෙන් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බව වෙළඳ පොළ ආරංචි මාර්ග පවසයි .

ඒ පසුගිය 31 වැනිදා සිට බදු වර්ග කිහිපයක ඉහළ නැංවීම මත කිරිපිටි මිල ඉහළ දැමීමට දේශීය මෙන්ම විදේශීය ආනයන කිරිපිටි සමාගම් ගෙන ඇති තීරණයක් නිසා බවත් වාර්තා වෙයි.

දැනට වෙලදපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් අලෙවි කරන්නේ රුපියල් 1020 ක මිලකටත් කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 කට දැනට අලෙවි වෙයි.

රුපියල හාන්සියි : ඩොලරය 320 ට !

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය තවදුරටත් ඉහළ යමින් තිබේ.

පෞද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් හා ගැණුම් මිල රුපියල් 300ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 308ක් හා ගැණුම් මිල රුපියල් 298ක් ලෙස සදහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ කෘතිම ලෙස පාලනය කළ ඩොලරය , පාවීමට ඉඩදීම නිසි වෙලාවේ සිදුනොවූ බවත් , එය නිදහස් සරණය වෙනුවෙන් අත්හල අවස්ථාව ගැටලු සහගත බවයි.

ආර්ථික සහ මූල්‍ය කටයුතු වලදී ගතයුතු තීන්දු තීරණ නිසි වෙලාවට ගතයුතු බවත් ඒ හැර කල් ඉකුත්වූ තීන්දු තත්ත්වය තවදුරටත් බරපතළ කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

රුපියල සතෙන් සතේ හැදෙන ලකුණු !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (01) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 65 කින් පහල ගොස් ඇත .

ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365.09 ක් ලෙස සටහන් විය. ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 355.12 ලෙසය.

කෙසේ වුවත් මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ මෙරට තත්ත්වය තවමත් බරපතළ බවය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 මිල දර්ශක අගය 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ ය.

බදු වැඩිවෙන හැටි මෙන්න !

එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ.

කඩිනමින් සහ ආසන්න කාලීනව හඳුන්වා දීමට යෝජිත බදු සංශෝධන පිළිබඳව නිවේදනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ විදුලි සංදේශ බද්ද සියයට හෙට 11.25 සිට 15% දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවයි.

ලබන ඔක්තෝම්බර් පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු යෝජනා ලෙස පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන තුනේ සිට රුපියල් මිලියන 1.8 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

බදු අය කළ හැකි ආදායම මත බදු කාණ්ඩ රුපියල් මිලියන තුනේ සිට රුපියල් මිලියන 1.2 දක්වා අඩු කිරීම සහ එක් එක් බදු කාණ්ඩයට සියයට හතරේ සිට සියය⁣ට 32 දක්වා බදු අනුපාත පැනවීමට ද සේවා නියුක්ති ආදායම මත රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීමට ද යෝජනා කර තිබේ.

රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීම, පොලී හා ලාභාංශ මත රඳවා තබා ගැනීමේ බදු අවසානාත්මක ගෙවීම් ලෙස සැලකීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන 1.5 ක පොලී අදායම මත සහනය නැවත හඳුන්වා දීමට ද යෝජනා කර ඇත.

වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදුකරන මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවන සේවා ගෙවීම් මත රඳවා ගැනීමේ බද්දක් පැනවීම ද එම යෝජනා මාලාවේ ඇතුළත්ය.

සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 30 දක්වා වැඩි කිරීම සහ සහනදායී බදු අනුපාතය සියයට 14 සිට 15% දක්වා වැඩි කිරීම,එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට වසරකට රුපියල් මිලියන 120 දක්වා අඩු කිරීම,පදිංචියට යෝග්‍ය සහාධිපත්‍ය තට්ටු නිවාස සඳහා ලබාදෙන ලද එකතු කිරීම මත බදු නිදහස් කිරීම ඉවත් කිරීමටද යෝජනා කර ඇත.

සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා වැඩි කිරීමට ද ඔට්ටු ව්‍යාපාර සම්බන්ධයෙන් වාර්ෂික බද්ධ අනු නියෝජිතයකු මගින් සිදුකරන අවස්ථාවකදී රුපියල් මිලියන හතර සිට රුපියල් මිලියන 5 දක්වා ද සජීවී විකාශන පහසුකම් භාවිතා කරමින් සිදුකරන ගෙන යන අවස්ථාවක දී රුපියල් මිලියන 0.6 සිට රුපියල් මිලියන 1 දක්වා ද,සජීවී විකාශන පහසුකම් භාවිතා නොකරමින් සිදුකරගෙන යන අවස්ථාවකදී රුපියල් 50000 සිට රුපියල් 75000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත.

2023 වසරේ අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇති අතර වාසික සමාගමක් විසින් නිර්වාසික තැනැත්තෙකු වෙත ගෙවනු ලබන ලාභාංශ ආදායම් බද්දට යටත් කරන බව එහි දක්වා තිබේ.

Lankadeepa

ලොව උද්ධමනය වැඩිම රටවල් : 06 වෙනි තැන ලංකාවට !

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ස්ටීව් හැන්කි ගේ උද්ධමන වගුවට අනූව 14.2% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

මහාචාර්ය ස්ටීව් ට අනූව ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකි බව ස්ටීව් හැන්කි මහතා පෙන්වා දෙයි.

විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කි ගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබිමයි.

image 37fa886788

 - Lankadeepa

මිල 70% කින් ඉහළ යයි : එළවළු කාලා හමාරයි !

උඩරට සහ පහතරට එළවළු මිල මේ වනවිට 70%කින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආරථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳපොල සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසයි .

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.

දරාගත නොහැකි අන්දමින් පොහොර මිල ඉහළ නැගීම හා ඉන්ධන අර්බුධය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතිවීම ඇතුළු තවත් ගැටළු රැසක් මේ මිල ඉහළ යාමට හේතු වී ඇතැයිද ඔහු පවසා ඇත .

පවතින තත්වය හමුවේ තක්කාලි කිලෝවක් 600ත් 700ත් අතර මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 500ත් 550ත් අතර මිලකටත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 650ත් 700ත් අතර මිලකටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 480ත් 500ත් අතර මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකටත්, බීට් රූට් කිලෝවක් රුපියල් 160ත් 190ත් අතර මිලකටත් අලෙවි වන බවත් සභාපතිවරයා පවසා තිබේ.

පවතින තත්වය හමුවේ තවත් මාසයක් යනවිට දැඩි එළවළු හිඟයක් ඇතිවන බවද ඔහු අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇත .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ රසායනික පොහොර ආනයනය තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනුලැබූ වැරදි තීන්දුව හේතුවෙන් එළවළු මිල මෙසේ ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකි බවයි .

එසේම ඉදිරියට ආහාර අහේනියක් රටේ ඇතිවීමේ අවාසනාවන්ත තත්ත්වයක පෙරලකුණු දක්නට ඇති බවත් ඔවුන් පවසයි .

මෙය රටේ ජනතාවගේ වත්මන් අසහනකාරීත්වය තවත් වර්ධනය කරන්නක් විය හැකි බැවින් , කඩිනමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇති 2022 දෙසැම්බර් දක්වා වන සහන අයවැය කඩිනම් කළ යුතු බවත් ආර්ථික විශ්ලේෂකයන් අවධාරණය කර සිටියි.

චීන ණය ගෙවන්න : චීනයෙන් ඩොලර් බිලියනයක තවත් ණයක් !

චීනයෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සදහා තවත් ඩොලර් බිලියනයක ණයක් ලංකාවට ලබා දීමට චීන රජය තීරණය කර ඇත.

චීනයෙන් ලබාගෙන ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කරදෙන ලෙස ලංකාව ඉල්ලා තිබුණු අතර, ඒ වෙනුවට තවත් ණයක් ලංකාවට ලබා දීමට චීනය මෙසේ තිරණය කර තිබේ.

මෙම ඩොලර් බිලියනයක මුදල සම්පූර්ණයෙන්ම චීන ණය ආපසු ගෙවීම සදහා යෙදවීමට සිදුවන බවද දැනගන්නට ඇත.

(මූලාශ්‍රය මව්රට )

නීත්‍යානුකූල නොවන ලෙස ඉපයූ ඩොලර් වලට : සහන කාලයක් !

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ළඟ තබා ගෙන සිටින ඩොලර් බැංකුවල තැන්පත් කිරීම සඳහා සති 02ක සහන කාලයක් ලබා දෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ මුදල් ප්‍රතිපත්ති විවරණයට අදාළව මහ බැංකුවේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදීය.

දැනට පවතින නීතිය අනුව අමෙරිකානු ඩොලර් 15,000කට වඩා වැඩි මුදලක් ළඟ තබා ගැනීම නීත්‍යනුකූල නොවන බවද ළඟ තබාගත හැකි එම ඩොලර් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

නීත්‍යනුකූල නොවන පරිදි ළඟ තබාගෙන ඇති ඩොලර් සම්බන්ධයෙන් වන මහ බැංකු නීති රෙගුලාසි යටතේ පියවර ගෙන ඒ සම්බන්ධව නීත්‍යනුකූලව කටයුතු කිරීම සඳහා අදාළ අංශවලට දැනුම් දීමට කටයුතු කරන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

Lanka truth

වැට් එක 18% කරන්න අනුමැතිය දීලා !

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධනවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ගේ ප්‍රධානත්වයන් රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතියන් දී ඇත.

ඒ අනුව මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට නියමිතව ඇත.

කෙසේ වුවත් වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණල යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමටත් මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත වී තිබේ.

 

කාලා හමාරයි : උද්ධමනයෙන් ලෝකයෙන්ම 3 වෙයි !

වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ තෙවන ස්ථානයට (119%) පත්ව සිටින බව ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් වන සමීක්ෂණ වාර්තාව ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ නිකුත්කර ඇති අතර ඒ ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමිනි.

වාර්තාව අනුව ශ‍්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ සිම්බාවේ හා ලෙබනනය පමණි.

මෙම යාවත්කාලිනව සදහා මුලාශ‍්‍ර කොටගෙන ඇත්තේ දැනට මාස දෙකකට පෙර දත්තයන් වීමද විශේෂත්වයක් වන අතර මූල්‍ය විශ්ලේෂකයන් පවසන්නේ ලංකාවේ ආර්ථිකය ඉදිරියට තවත් බරපතළ විය හැකි බවය.

FB IMG 1650871418125

කුවේට්වලින් එන්න ඕන සල්ලිවලට අතරමැදියෝ 'ගේම' දෙන්නේ මෙහෙමයි !

ශ්‍රී ලංකාවේ සිට ගෘහ සේවය සඳහා මෙරටට පැමිණෙන කාන්තාවක් සඳහා කුවෙට් ජාතිකයන් ඩිනාර් 2500කට ආසන්න මුදලක් ගෙවිය යුතුයි.

මේ මුදල් ඉස්සර කෝටි ගණනින් ලංකාවේ ගිණුම් වලට බැරවූ අතර විශාල ඩොලර් ප්‍රමාණයක් මවිබිමට බැර විය. නමුත් දැන් මේ සම්පූර්ණ මුදලම යන්නේ උන්ඩියල් හරහා ඩුබායි රාජ්‍යයටයි. ලංකාවට යවන මුදල ලංකාවෙන්ම ගිණුම් වලට බැර වෙන්නේ වැඩිපුර මුදලක්ද සමගයි.

ඒ හේතුවෙන් ලංකාවට හිමිවිය යුතු විශාල ඩොලර් ප්‍රමාණයක් මෙරට විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් හරහා ඩුබායි රාජ්‍යයට හුවමාරු වේ.

කම්කරු ඇමතිතුමා විසින් යම්කිසි නීතියක් තානාපති කාර්‍ය්ලය හරහා පැනවුවහොත් මෙය වලකා ගත හැකිය. හේතුව මේ සියලුම කාන්තාවන්ගේ වසර දෙකේ ගිවිසුම අනුමත කර ගැනීම සඳහා සියලුම ගිවිසුම් තානාපති කාර්‍ය්ලයට යැවිය යුතුයි.

එතනදී මේ අය වෙනුවෙන් හාම්පුතුන් ගෙවන මුදල මනි එක්ස්චේන්ජ් එකක් හරහා ලංකා ගිණුමකට යවා රිසිට් පත සමග තානාපති කාර්‍ය්ලයට යන ලෙස දන්වා නීතියක් සම්පාදනය කල යුතුයි. එවිට එම මුදල් මේ රටවලින් කෙලින්ම ලංකාවට යන ක්‍රමයක් වෙත ජනතාවට නැඹුරු වීමට සිදුවේ.

එමගින් නැවතත් අපේ ඩොලර් සංචිතය යථා තත්වයට ගෙන ආ හැකියි. මේ වනවිට සෑම වැටුපක්ම ලංකාවට යන්නේ උනිඩියල් හරහායි. මේ උන්ඩියල්කරුවන් හැමදාම ගෙන්ගෙට යමින් නිවෙස්වල සේවය කරන අයගේ වැටුප ඒ මොහොතේම ලංකාවට යවා මෙහෙන් ඔවුන්ගේ වැටුප ලබා ගෙන උන්ඩියල් හරහා ඩුබායි රාජ්‍යයට වැඩි මුදලට විකුනනු ලැබේ.

උද්ධමනය තවත් ඉහළට !

මේ වසරේ මාර්තු මාසයේ මෙරට උද්ධමනය 21.5% ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාර්තු මාසයට අදාළව නිකුත් කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශන (NCPI) වාර්තාවේ මේ බව සඳහන්ය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාව සඳහන් කරන්නේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල සිදුවූ සීඝ්‍ර මිල වැඩිවීම මෙම තත්වයට හේතු වූ බවයි. ආහාර කාණ්ඩයේ මිල වැඩිවීම 29.5% ක් වන අතර ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ මිල ඉහළයාම 14.5%ක් බව එහි සඳහන්ය.

මේ නවතම රජයේ දත්ත අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ උද්ධමනය 20% ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වුවද පසුගිය 20 වැනිදා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් පළ කළ ට්වීටර් සටහනක පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ අප්‍රේල් 20 වනදා දක්වා උද්ධමනය 120% ක ඉහළ අගයක් වාර්තා කර ඇති බවයි.

රුපියල දිගින් දිගටම පහළ බැසීම සහ බලශක්ති අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම මත ලංකාවේ උද්ධමනය ඉහළ නගිමින් ඇති බව ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

Government officials in #SriLanka have requested emergency financial help from the IMF. As long as Lanka retains its central bank, It will be caught up in an economic death spiral. Today, I measure inflation in LKA at a stunning 120%/yr. pic.twitter.com/o1NphedqXn

— Steve Hanke (@steve_hanke) April 21, 2022
මූලාශ්‍ර 01 – http://www.statistics.gov.lk/WebReleases/NCPI_March_2022

(Lanka truth )

ආසාවටවත් කාලා හමාරයි : ආහාර භාණ්ඩ 9 කට බදු පණවයි !

ආනයනික ආහාර භාණ්ඩ 09 කට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඊට අනුව යෝගට්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ භාණ්ඩ වර්ග කිහිපයකට මේ බදු පැනවෙයි.

මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු මස 10 වනදා සිට ක්‍රියාත්මක වී මාස 06ක කාලයක් බපැවැත්වෙනු ඇත.

ඒ සමඟම අදාළ බදු පනවන ලබන ආනයනික භාණ්ඩවල වෙළෙඳපොළ මිලගණන්ද ඉහළ යාමට නියමිතව ඇත.

අදාළ භාණ්ඩ සහ බදු ඇතුලත් ලේඛනය පහත දැක්වෙයි.

tax 2022.03.17

ඩොලරය රුපියල් 330 ට යයි !

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (11) රුපියල් 330 ක අගයක් ගෙන ඇත.

ඒ බව ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු වල දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල දක්නට ලැබිණ.

මේ අතර මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.88වූ අතර විකුණුම් මිල 321.49 ලෙස සටහන් විය.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ස්ථිර නොවූ ගණුදෙනුව සිදු කරන අවස්ථාවේ විය හැකි විකුණුම් මිල ලෙස රුපියල් 311.67 ලෙස සටහන් වීම විශේෂත්වයක් විය.

ලෝක බොරතෙල් මිල පහලට : ඒත් ලංකාවේ ?

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක් දක්වා පහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයක පමණ කාලය තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ට්ස් ආසන්න විය.

ඊට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය තත්වය බවයි.

කෙසේ වුවත් මෙරට මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ මෙරට ඉන්ධන මිල පහල යාමක් සිදුවනු ඇතැයි මේ මොහොතේ අපේක්ෂා කළ නොහැකි බවය.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වී නම් අනිවාර්යයෙන් මාසයේ මැද ඉන්ධන මිල පහල යාමක් සිදුවිය යුතුව තිබුණත්, වත්මන් ආණ්ඩුව බලයට පැමිණි සැනින් එය අවලංගු කළ බවත් ඔවුන් සිහිපත් කරයි.

අනේ අපොයි - ලංකාවේ තත්ත්වය අවිනිශ්චිතයි : මූඩීස් කියයි !

අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හිඟයක් මෙන්ම ණය ගෙවීම සම්බන්ධයෙන් අර්බුදයක් තිබෙන මොහොතක අමාත්‍යවරුන් සහ නිලධාරීන් ඉල්ලා අස්වීම නිසා මෙලෙස ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව මූඩිස් ආයතනය සඳහන් කර ඇත.

පවතින දේශපාලන තත්ත්වය නිසා ප්‍රධාන සංවර්ධන පාර්ශවකරුවන්ගෙන් මුදල් ලබාගැනීමේ මෙන්ම විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමේ ක්‍රියාවලියට බාධා එල්ල වන බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව විදේශ ණය වගකීම් පියවීම සඳහා ප්‍රාග්ධන ගලා ඒම් මත යැපීම නිසා එලෙස මුදල් ගැනීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා එල්ල වනු ඇතැයි මූඩිස් ආයතනය පවසා ඇත.

මේ වසරේ පෙබරවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් දක්වා අඩු වී ඇතැයි ද එය රජයේ වාර්ෂික ණය ගෙවීම් වන ඇමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අගයටත් වඩා අඩු යැයි ද එම ආයතනය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සතුව ඇති සංචිත ප්‍රමාණය මාස දෙකක ආනයනය ආවරණය කරගැනීමට ද ප්‍රමාණවත් නොවන බව මූඩිස් ආයතනය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව 2025 දක්වා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර අගයක් ණය වශයෙන් ගෙවිය යුතු බව මූඩිස් ආයතනය පවසා ඇත.

ශ්‍රී ලංකාවේ උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී ඉලක්කම් දෙකේ අගයකට පත්වුණු බවත් මේ වසරේ පෙබරවාරි මාසයේ දී එය සියයට 17.5ක් දක්වා ළඟා වූ බව මූඩීස් වාර්තාවේ දැක්වේ.

- lankadeepa

රුපියල හොම්බෙන් යයි !

මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු හතර අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 275 ක් දක්වා අවප්‍රමාණය වී ඇත.

ඇමෙරිකානු ඩොලරයකට මහජන බැංකුව ලබාදෙන ගැනුම් අනුපාතිකය රුපියල් 264.33ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 274.99කි. ලංකා බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 265ක් වන අතර විකුණුම් අනුපාතිකය 275කි. කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය ඩොලර් 265.00ක් වන අතර විකුණුම් අනුපාතිකය 275.00කි. සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතිකය 265ක් සහ විකුණුම් අනුපාතිකය 275ක් වේ.

Page 5 of 8