V2025

ආර්ථික

ලෝක වෙළෙදපොලේ තෙල් මිල පහතට

ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදය යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැතිරෙද්දී ආයෝජකයන් තුළ මතු කරන අවිනිශ්චිතභාවය හමුවේ ලෝක වෙළෙදපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක 3.2%කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 71යි ශත 10ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව් ටී.අයි. තෙල් බැරලයක මිල 3.9%කින් පහත වැටී ඩොලර් 68යි ශත 7ක් ලෙස සටහන් වී ඇත.=

ලොවෙත් නැති අර්බුදයක් ලංකාවේ : ගෑස් ඇත්තේම නැත !

මේ වන විට ගෑස් වෙළඳ පොළ දැඩි අර්බුදයකට පත්ව ඇත.

ගෑස් බෙදාහැරීම සිදුකරන ලිට්‍රෝ මෙන්ම ලාෆ් ඒජන්තවරුන් සිය ව්‍යාපාරික ස්ථාන වල "ගෑස් නැත" යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කිරීම දෛනික අංගයක් වී තිබේ.

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ලාෆ් ගෑස් හිඟයක් ඇතිවීම නිසා වෙළෙඳ පොල හිඟය පෙන්නුම් කරන බවයි.

ලාෆ් ගෑස් සමාගම පවසන්නේ තමන්ට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව ඇති නිසා නිශ්පාදන කටයුතු ඇණහිට ඇති බවයි.

කෙසේ වුවත් මේ හේතුවෙන් විශේෂයෙන් නාගරික ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත. මේ වන විට ඉන්ධන හිඟයක් ගැනත් තොරතුරු වාර්තා වන අතර එහිදී භූමිතෙල් පවා සොයා ගැනීම දුෂ්කර වුවහොත් නාගරික ප්‍රජාව කබලින් ලිපිට වැටෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මේ හුදු ඉන්ධන හිඟයක් නොව බලශක්ති අර්බුදයක් ලෙස වෙළෙඳ පොල කියවාගෙන ඇති බවයි.

ඒ අනුව විදෙස් ආයෝජන සම්බන්ධයෙන් මේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය දැඩිව බලපෑම් කරනු ඇති බවත් ඔවුන් පවසයි.

ෆිච් රේටිං ලංකාව පහතට දායි : මහ බැංකුව නහයෙන් අඬයි !

ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතනය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CC දක්වා පහත හෙළා ඇත.

වාර්තා වල දැක්වෙන ආකාරයට CCCහි සිට මෙම පහත හෙළීම කර ඇත.

ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන බාහිර ද්‍රවශීලතා තත්ත්වය අනුව ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හේතුවෙන් විදේශ විනිමය සංචිතවල පහත වැටීමක් පෙන්වන ඔවුන් ඉදිරි මාසවලදී ණය පැහැර හැරීමේ සිදුවීමක වැඩි සම්භාවිතාවක් ඇතැයිද කියා සිටී.

මූල්‍ය ආතතියේ බරපතලකම රජයේ බැඳුම්කර ඵලදාව ඉහළ යාම සහ මුදල් ඒකකයේ පහළට යන පීඩනය මගින් නිරූපණය කරනු ඇතැයිද වාර්තාව සදහන් කරයි.

මීට අදාළ ෆිච් රේටිං වාර්තාව පහත සබැඳියෙන් කියවිය හැකිය.

https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-foreign-currency-idr-to-cc-17-12-2021

මහ බැංකුව නහයෙන් අඬයි !

කෙසේ වුවත් ෆිච් රේටින් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ‍්‍රී ලංකාව පහළට හෙළීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය නොසතුට පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධනයන් හඳුනා ගැනීමට මෙම ශ්‍රේණිගත කිරීම අසමත් වී ඇති බවයි.

ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත හෙලීම සිතාගත නොහැකි බවද මහ බැංකු විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම් පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

https://www.cbsl.gov.lk/si/node/11624

සිගරැට් මිලත් ඉහළට !

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (12) ඉදිරිපත් කළ අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කර තිබේ.

ඒ මොහොතේ සිට සෑම වෙළඳ සැළකම මේ වනවිට සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කර ඇත.

එමෙන්ම සුරා බද්දද වැඩි කිරීමට පියවර ගන්නා බවද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැවසීය.

උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙලා !

මෙම වසර ආරම්භයේ ජනවාරි මස කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වැඩිවීම් අනුපාතය 3.0%ක් වී තිබූ අතර එය නොවැම්බර් මස අවසන් වනවිට 9.9%ක් දක්වා තුන්ගුණය ඉක්මවා ගිය වැඩි වීමක් සිදුවී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නොවැම්බර් 30 වෙනි දින නිකුත් කර තිබෙන නිවේදනයකින් මේ බව හෙළි වේ. ජනවාරි මාසයේ 3.0%ක තිබූ උද්ධමනය අප්‍රේල් මස අවසන්වනවිට 3.9% දක්වා උච්චාවචනයන්ට යටත්ව ඉහළ ගොස් තිබිණි. නමුත් අප්‍රේල් මාසයෙන් පසුව එය අඛණ්ඩව ඉහළ යමින් 9.9% දක්වා පැමිණ තිබේ.

උද්ධමණයට ප්‍රධාන වශයෙන්ම අතිවිශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසා වෙළඳපොළට නිකුත්කිරීම, රුපියල කඩා වැටීම සහ භාණ්ඩ හිගය යන මූලික කරුණු පදනම් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

සීනි මිල පාලනයත් ආනයනකරුවන් අතේ !

සීනි සම්බන්ධයෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කරනු ලැබූ බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට සීනි ආනයනකරුවන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ (02) පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇත.

පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ, ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩිවීම, නැව් ගාස්තු වැඩිවීම සහ ඩොලරයේ අගය පිළිබඳ පවතින ප්‍රායෝගික ගැටලු හේතුවෙන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

කෙසෛ් වෙතත් රුපියල් 150 ක මිලකට සීනි අලෙවි කිරීම සඳහා ආනයනකරුවන් එහිදී එකඟවී තිබෙන බවත් පැවසේ.

මේ අතර ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති සඳහා වූ පාලන මිල ගණන් ද පසුගිය ඔක්තෝබර් 07 වැනිදා ඉවත් කෙරිණ. ඒ අනුව වෙළෙඳ පොල මිල තීන්දු කිරීම මහාපරිමාණ ව්‍යාපාරික පැලැංතිය අතට පත්ව ඇත.

උද්ධමනය අහස උසට : එදා වේලත් ශුවර් නෑ !

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ඉහළ ගොස් ඇත.

2021 නොවැම්බර් මාසයේ සිටය.

රොයිටර්ස් මාධ්‍ය වාර්තාවක සඳහන් වන්නේ මෙය 2012 ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටම බවයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියේය.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මෙහිදී, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 12.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 17.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය.

ගෑස් හිඟයි : යළිත් මිල ඉහළ දැමීමට ඉල්ලීමක් !

නැවතත් දිවයින පුරා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරයි.

විශේෂයෙන් ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් අලෙවි සැල් ආශ්‍රිතව ගෑස් නැති බව නිතර ඒවායේ කාර්‍ය මණ්ඩල පවසයි. නැවත ගෑස් ලබාගන්නට හැකි දිනයක් විමසුවත් ඔවුන් ඊට නිසි පිළිතුරක් දීමට අසමත් ය.

මේ හේතුවෙන් පාරිභෝගිකයන් අසරණ වී ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ, මේ වන විට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ අදාළ ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම ප්‍රමාණවත් නොවන බවටයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසා ඇත්තේ , මේ වන විට සිය සමාගම ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කර තිබුණ ද, ඒ සඳහා මෙරට වාණිජ බැංකු සතුව ඩොලර් නොමැතිකම හේතුවෙන් අදාළ ප්‍රමාදය මතුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ වුව ද දිනකට ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හරින බව ඔහු පැවසූ බව ආණ්ඩු හිතවාදී ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අදාළ පුවත අනූව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වැගපිටිය සඳහන් කර පවත්නා තත්ත්වය යටතේ අවම තරමින් මෙරට වාණිජ බැංකු හරහා ණයවර සහතික හෝ ලබා ගැනීමට සිය සමාගම උත්සාහ දරමින් සිටින බවයි.

මේ අතර ලිට්‍රෝ ගෑස් සැපයීමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ , සිය සමාගම අඩුවකින් තොරව ගෑස් සැපයුම අඛණ්ඩව සිදුකරගෙන යන බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ තරගකාරී සමාගම වන ලාෆ්ස් සමාගමේ මතුව ඇති ගෑස් සැපයුම අඩු වීම හේතුවෙන් සිය සමාගමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව පවසා ඇත.කෙසේ වෙතත් අඩුවකින් තොරව ගෑස් සැපයුමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා ඇත.

මේ අතර ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය. එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.

සල්ලි අච්චු ගැහීම නම් හොඳටම කරලා : අවුරුදු දෙකට ට්‍රිලියන 3.6 ක් !

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි පවසයි.

ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි වැඩිදුරටත් පවසා සිටියේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී ඇති බවයි.

“2019 මාර්තු 27 වනදා සිට 2021 නොවැම්බර් 17 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේදී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වනවා.” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව මේ පොදුජන පෙරමුණ ආණ්ඩුව බලය ලබා වසර 2ක් තුළ මුද්‍රණය කර ඇති මුදල් කන්දරාවයි.

මිල ඉහළ දැම්මත් : රට පුරා ගෑස් හිඟයක් !

මේ දිනවල ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් පවතින බව වාර්තා වේ.

මෙම ගෑස් වර්ග දෙකෙන් එකක්වත් මිලදී ගැනීමට නොහැකි වීමෙන් ගෑස් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වේ.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩව්ලිව්. කේ. එච්. වෑගපිටිය පවසන්නේ ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇති වී ඇති බවත් එසේ වුවද දෛනිකව ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොලට සපයන බවත්ය.

මේ වනවිට බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් ණයවර ලිපියක් විවෘත කිරීමට බැංකුවට වැදීමට සිදුවී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ වනවිට ලාෆ් ගෑස් හිගයක් ඇතිව තිබෙන නිසා ලිට්‍රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් යම් හිගයක් ඇතිවී තිබෙන බවත් තම සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

(Lanka truth )

ගෑස් ටැංකි පිපිරීම ගැන රස පරීක්ෂක වාර්තාව මෙන්න !

තැන තැන ගෑස් ටැංකි පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් වීම බව රජයේ රස පරීක්ෂක වාර්තාවක් තහවුරු කර ඇත.

පසුගිය දිනවල කොළඹ, වැලිගම සහ මහනුවර ඇතුළු ප්‍රදේශවල සිදු වූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දු බවට තහවුරු වන බව රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පෙන්වාදී ඇත.

පිළිගත හැකි පැහැදිලි හේතුවක් නොපෙන්වා මෙරට ගෘහස්ථ භාවිතය සඳහා ගන්නා එල් පී ගෑස් සංයුතිය වෙනස් කිරීමට පළමුව ලිට්රෝ සමාගම තීරණය කළේ එහි සිලින්ඩරයේ ගෑස් පරිමාණය අඩු කර එයට නව වෙළඳ නාමයක් ද එක් කරමිනි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් විසින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින් ද තොරව සිලින්ඩරයක ගෑස් සංයුතිය බුටේන් සහ ප්‍රොපේන් 50:50 ලෙස වෙනස් කරනු ලැබිණ.

ඒ එතෙක් පැවති අඩුවෙන් ගිනි ගන්නා බුටේන් 80 සහ වැඩියෙන් ගිනිගන්නා ප්‍රොපේන් 20 පිළිවෙළ වෙනස් කරමින්ය.

මෙම පියවර සාධාරණීකරණය කිරීමට ලිට්ට්‍රෝ සමාගමේ එවක පාලනාධිකාරිය කියා සිටියේ මෙම ගෑස් සංයුති වෙනස හරහා වඩාත් අධික තාපයක් නිකුත් කිරීම හේතුවෙන් අඩු ගෑස් පරිභෝජනය කින් එදිනෙදා කටයුතු සිදුකර ගත යුතු හැකි බවයි.

කෙසේ වෙතත් මෙසේ සිදු කෙරුණු ගෑස් සංයුති වෙනස හරහා බරපතල අනතුරු දායක තත්වයක් නිර්මාණය විය හැකි බවට දිගින් දිගටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පාරිභෝගිකයින්ගෙන් පැමිනිලි සහ චෝදනා එල්ලවිය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සාධනීය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රමිති ආයතනයට ද චෝදනා එල්ලවී ඇත.

ප්‍රමිති ආයතනය පවසන්නේ තම නිර්නායක ගෑස් සමාගම් නොතකා ඇති බවයි.

F & G තැම්පත්කරුවන්ට ‍යළිත් බාල්දියක් !

සෙලින්කෝ සමාගම් සමූහය යටතේ පැවති දේපළ සංවර්ධන සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන පෙළේ සමාගම් ද්විත්වයක් වන F & G Real Estate Co. Ltd සහ F & G Property Developers (pvt) Ltd යන සමාගම් ද්විත්වයේ මුදල් තැන්පතුකරුවන්ට වසර 13කට පමණ පසුව යම් හෝ සාධාරණයක් ඉටුවීමට නියමිතව තිබියදී එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වන බලපෑම් හමුවේ මේ සඳහා සාධාරණයක් ඉටුවීම දිනෙන් දින කල් යන තත්වයක් උදාවී ඇත.

මේ බව සඳහන් කරමින් එහි තැම්පත්කරුවන්ගේ සංගමයේ සභාපති සී. කල්දේරා විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද දැක්වෙයි.

2008 වසරේදී සෙලින්කෝ සමාගම් සමූහයේ සිදුවූ හදිසි කඬාවැටීමත් සමඟ පෙර කී සමාගම් ද්විත්වයේ මුදල් තැන්පත් කර තිබූ තැන්පත්කරුවන් 4200කගේ රුපියල් බිලියන 07 කට අධික මුදල් ආපසු ලබාගැනීමේ දරුණු අර්බුදයකට මුහුණපෑමට අපට සිදුවිය. මෙම අර්බුදයට විසඳුමක් බලාපොරොත්තුවෙන් 2009 වසරේදී අප විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ SCFර්‍R 317/2009 අංකය යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලද අතර ගරු අධිකරණය විසින් F & G Real Estate Co. Ltd සහ F & G Property Deveopers (pvt) Ltd යන සමාගම් ද්විත්වය සතු වත්කම් කළමනාකරණය කිරීම සදහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන ලදි.

මෙම අධ්‍යක්ෂ මණ්ඩලය රොෂාන් ප්‍රනාන්දු, ලයනල් කටුවාවල, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, හිටපු යුධ හමුදා නිලධාරී රංජන් ද සිල්වා සහ මහා භාන්ඩාගාරයේ හිටපු ලේකම් ඩික්සන් නිලවීර යන මහත්වරුන්ගෙන් සමන්විත විය. ඔවුනට මෙම සමාගම් සතුව පැවති වත්කම් දෛනික ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යමින් කළමනාකරණය කිරීමේ වගකීම පවරා දෙන ලදි.

2013 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය විසින් මෙම සමාගම් ද්විත්වයේ වත්කම් සහ වගකීම් නිසි ලෙස කළමනාකරණය කල හැකි, ඒ සදහා කැමැත්තක් දක්වන ආයෝජකයෙකු සොයා මෙම සමාගම් ද්විත්වයෙහි වගකීම ඔවුනට පැවරීම සදහා පියවර ගන්නා ලෙස ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයට නියම කරන ලදි.

ඉන් අනතුරුව මෙම සමාගම් ද්විත්වය අත්පත් කරගැනීම සදහා පාර්ශව කිහිපයක් අවස්ථා කිහිපයකදී උත්සාහ කලද ඒ සදහා ඔවුන් විසින් ඉදිරිපත් කල ආයෝජන සැලසුම් කිසිවක් ඵලදායී ඒවා බවට පෙනීගියේ නැත. අනතුරුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මහබැංකුව, පලපුරුදු සහිත අන්තර්ජාතික මූල්‍ය කළමනාකරණ සමාගමක් වන KPMG සමාගමේ උපදේශක සහායද ඇතුව සුදුසු ආයෝජකයෙකු තේරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් දියත් කල අතර මේ සඳහා යෝජනා ඉදිරිපත් කල සමාගම්වල තාක්ෂණික සහ මූල්‍ය ශක්තිය සළකා බැලීමෙන් පසුව ZRA Holdings (Pvt) Ltd විසින් ඉදිරිපත් කල යෝජනාව වැඩිම ඵලදායිතාවයක් සහිත යෝජනාව ලෙස පිළිගන්නා ලදි. මෙම යෝජනාව අනුව රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම සමාගම් ද්විත්වය ZRA Holdings (Pvt) Ltd නමින් අලුතින් පිහිටවූ සමාගමක් යටතට පත් කොට සියලූම තැන්පතුකරුවන්ට සාධාරණයක් ඉටුවන පරිදි ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කරගෙන යාම සදහා විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන ලදි.

F & G Property Deveopers (pvt) Ltd සමාගමේ තැන්පත්කරුවන් සඳහා තැන්පත් කල මුදලින් 51% මුදලිනුත්, ඉතිරි 49% සඳහා ජන්ද බලය රහිත කොටස් හිමිකමත් ප්‍රධානය කෙරෙන අතර , F & G Real Estate Co. Ltd සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් 61%ක් මුදලිනුත්, ඉතිරි 39% ජන්ද බලය රහිත කොටස් හිමිකම් ලබාදීමෙනුත් පියවීමට යෝජනා කරන ලදි. තැන්පත්කරුවන් සදහා ගෙවිය යුතු මුදල් වසර දෙකක කාලයක් තුලදී ගෙවා අවසන් කිරීමට එමගින් සැලසුම් කර තිබුණි.

ඒ අනුව මෙම පරිවර්තනය සිදුකිරීම සදහා 2021 මාර්තු මස 24 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය සිය අවසරය ප්‍රදානය කල අතර මෙම සමාගම් ද්විත්වය කළමනාකරණය කිරීම සදහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කල අධ්‍යක්ෂ මණ්ඩලය සහ ZRA Holdings (Pvt) Ltd සමාගම මෙම ආයෝජන ගිවිසුමට 2021 අප්‍රේල් මස 30 වන දින අත්සන් කරන ලදි. එම ගිවිසුම ප්‍රකාරව දින 60ක කාලයක් තුලදී රුපියල් මිලියන 500ක මුදලට අදාළව පෙර සමාගම් ද්විත්වයෙන් නව කොටස් නිකුතුව සිදුකල යුතු අතර එම කොටස් මිලදී ගැනීමෙන් පසුව ZRA Holdings (Pvt) Ltd සමාගම පෙරකී සමාගම් ද්විත්වයේ ප්‍රධාන කොටස් හිමියා වශයෙන් මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ වේ. අනතුරුව අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙක් සහ ZRA Holdings (Pvt) Ltd සමාගමේ නියෝජිත අධ්‍යක්ෂකවරුන් විසින් විසින් කළමනාකරණ කටයුතු සිදුකරන අතර සියලු තැන්පත්කරුවන්ගේ ගෙවීම් පියවීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය ක්‍රමිකව සිය රාජකාරිවලින් බැහැරව නව කළමනාකරණයට මෙම ව්‍යාපාර කටයුතු භාර දිය යුතුය

මෙම ආයෝජන ක්‍රියාවලියේ දෙවන පියවර ලෙස ආයෝජක සමාගමට කොටස් නිකුත් කිරීම සඳහා F & G Property Deveopers (pv) Ltd සමාගමේ කොටස්කරුවන්ගේ සහ භාරකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමක් 2021 ජූලි මස 30 දින පැවති අතර එදිනට ZRA Holdings (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගිවිසුම් ප්‍රකාරව රුපියල් මිලියන 500ක බැංකු අණකර ඉදිරිපත්කර තිබුණි. නමුත් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට පහත නම් සඳහන් කොටස්කරුවන්/ අධ්‍යක්ෂකවරුන් හා අධ්‍යක්ෂවරුන්, ඔවුන්ගේ අනුමැතියලත් නියෝජිතයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර මේ සඳහා අනුමැතිය ලබාදීමට සලකා බැලීමට වෙනත් දිනයක් ඔවුන් විසින් යෝජනා කරන ලදි.

එම පිරිස නම්,

  • ලලිත් කොතලාවල
  • කේ.ඒ.එස් ජයතිස්ස
  • මර්වින් ජයසිංහ
  • මාලනී සභාරත්නම්

මෙමඟින් ආයෝජකයා හට රුපියල් මිලියන 500ක කොටස් නිකුත් කිරීම හරහා මෙම ක්‍රියාවලියට ඇතුලත්වීම සදහා වන එකඟත්වය වළක්වාලන ලදි. මෙහිදී කොටස්කරුවන්ගේ තර්කය වූයේ ඔවුන් මෙම ආයෝජන ගිවිසුම පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. ඔවුන්ගේ මෙම ආකල්පය ඉතාම හාස්‍යජනක වන්නේ ඔවුන් පෙරකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පාර්ශවකරුවන් වන හෙයින් සහ 2021 මාර්තු 24 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳව නිකුත් කල අවසන් තීන්දුව සඳහා අදාළ සියලු පාර්ශවයන් වන ශ්‍රී ලංකා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, තැන්පතුකරුවන්ගේ සංගම්, සමාගම් ද්විත්වයේ කොටස්කරුවන් සහ අධ්‍යක්ෂවරුන් විසින් ඔවුන්ගේ නීතීඥයින් මඟින් ඉහත කී ආයෝජන ගිවිසුමට හා ආයෝජන ක්‍රියාවලියට ඔවුන්ගේ එකඟතාවය/අනුමැතිය ලබාදී තිබීමයි. තවද කොටස්කරුවන්/ අධ්‍යක්ෂවරුන් හට මේ පිළිබඳව විරෝධතාවයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබුණේ නම්, ඔවුන් එය කල යුතුව තිබුණේ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර වන අතර මේ අවස්ථාවේදී ඒ සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් බලය ලබාදී ඇති මෙම ආයෝජන ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට බාධා පැමිණවීම සහ එය ප්‍රමාද කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකිය හැක.

තවද කල් දමන ලද කොටස්කරුවන්ගේ සහ භාරකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් 2021 නොවැම්බර් 02 දිනට යොදාගෙන ඇති අතර දැනාමත් කොටස්කරුවන් විසින් ඉල්ලා ඇති පරිදි අදාළ සියලුම ලිපි ලේඛන දැනටමත් ඔවුන් වෙත යොමුකර ඇත. මෙම රැස්වීමේදී අධිකරණය විසින් අනුමත කරන ලද ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සඳහා සමාගමේ සමහර කොටස්කරුවන් දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර අනිත් කොටස්කරුවන්ගේ තීරණ මේ වනවිටත් අවිනිශ්චිත තත්වයේ පවතී.

ඉහත කරුණු අනුව විවිධ පාර්ශවයන්ගේ බාධා කිරීම් හමුවේ තැන්පත්කරුවන් හට සහන සැලසීමේ ක්‍රියාවලියේ ඉදිරි ගමන 2021 න්වැම්බර් 02 දින කොටස්කරුවන්ගේ තීරණය මත රැදී පවතින අතර තමන්ට සාධාරණයක් වනතුරු තැන්පත්කරුවන් විමසිල්ලෙන් බලා සිටියි.

සී. කල්දේරා

සභාපති

සංඝරත්නයත් ගෑස් පෝලිමට වැඩි සේක !

මේ වන විට වෙළෙඳ පොළ තුළ මතුව ඇති ගෑස් හිඟය ආගමික සිද්ධස්ථාන වෙතත් පීඩනයක් යොමුකර ඇත.

සිය පන්සලේද ගෑස් ටැංකිය අවසන් වීම හේතුවෙන් ගෑස් පෝලිමේ ස්වාමීන් වහන්සේ නමක්ද සිටින ආකාරයක් ඊයේ(23) දිනයේ දැනගත හැකි විය.

මාවනැල්ල ප්‍රදේශයේ මෙම සිදුවීම දැකගන්නට ලැබුණු අතර උන්වහන්සේ කියා සිටියේ රුපියල් 4000ක් වියදම් කරගෙන සිව් වතාවක් ගෑස් ගැනීම සදහා නගරයට පැමිණියද ගෑස් ගැනීමට නොහැකි වූ බවකි.

මූඩිස්ට ලංකාවේ සංවර්ධනය තේරෙන්නේ නෑ - කබ්‍රාල්

ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටින්නේ ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තාවලට ප්‍රතිචාර දක්වමිණි.

මූඩීස් ආයතනය විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් තීරණාත්මක උත්සාහයන් අතාර්කිකව නොසලකා හැර ඇතැයිද මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවත්, ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බවත් මහ බැංකු අධිපතිවරයා සිය ට්විට්ර් සටහනේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේය.

(Lanka truth )

බත් පාර්සලය රුපියල් 20 න් ප්ලේන්ටි රුපියල් 5 න් : මිල ඉහළට !

බත් පාර්සලය සහ ප්ලේන්ටි එකක මිල හෙට (23) සිට ඉහළ දැමීමට සිදුව ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන ආකාරයට බත් පාර්සලයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20 කිනි.

ප්ලේන් ටී එකක මිල ද රුපියල් 5 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව රුපියල් 180ක් වැනි මිලකට තිබූ එළවළු බත් පාර්සලයක් රුපියල් 200.00 දක්වා මිල ඉහළ දැමීමට ලක්වෙයි.

ගෑස් , එළවළු , සහල්, මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවත් ඒ හමුවේ විකල්පයක් නොමැති බැවින් මේ මිල ඉහළ දැමීම සිදුවන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

කාලා හමාරයි : එළවළු මිල 100% කින් ඉහළට !

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ බාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ බෙදා හරියි

පසුගිය 21 වැනි දින සිට එක වැරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.

ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් දෙසිය සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

ඒ අන් අනුව වම්බටු, මෑ කරල්,පතෝල , කැරට් ,ලීක්ස්, මාළු මිරිස්,දඹල, ලීක්ස්, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120 සිට 220 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි විය.

(Mawrata)

ඩොලර් අර්බුදය උග්‍ර අතට !

මේ වනවිට රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය තව දුරටත් තීව්‍රවී ඇති බව විදේශ රැකියා නියුක්තිකයන් මෙරට සම්ප්‍රේෂණය කරන ආදායම් සහ කෘෂිකාර්මික අපනයන යන ප්‍රධාන කරුණු දෙක මගින් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සැප්තැම්බර් මාසයට අදාළව නිකුත් කර තිබෙන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය නම් නිවේදනයේ මෙයට සම්බන්ධ දත්ත ඇතුලත් වේ. 2020 සැප්තැම්බර් මාසයේදී විදේශ රැකියා නියුක්තිකයන් ඩොලර් මිලියන 703ක් මෙරටට එවා ඇති අතර එම මෙම වසරේදි ඩොලර් මිලියන 353 දක්වා හරි අඩකින් බිඳවැටී ඇත.

මේ අතර මුල් මාස නවයේදී (9) කෘෂිකාර්මික අපනයන මගින් ඩොලර් මිලියන 1986.7ක් උපයා ඇති අතර එම කාලය තුළදී රසායනික පොහොර ආනයනය වෙනුවෙන් වැය වී ඇත්තේ ඩොලර් මිලියන 104.8ක් පමණි. ක්ෂණිකව රසායනික පොහොර තහනම් කිරීම නිසා මෙම අපනයන ආදායම් දැඩි අනතුරකට ලක්වී තිබේ. මෙම වසරේ මුල් මාස නවය තුළ රසායනික පොහොර ආනයනය වෙනුවෙන් දැරූ වියදම මෙන් 19 ගුණයක කෘෂිකාර්මික අපනයන ආදායමක් උපයා ඇත.

මෙසේ තිබියදී මේ වනවිට රසායනික පොහොර තහනමේ ප්‍රති විපාකයක් ලෙස දේශීය වෙළඳපොලේ පවා බරපතල කෘෂි නිෂ්පාදන හිඟයක් නිර්මාණය වී තිබේ.

lanka truth

ලංකාව විදෙස් ණය ගෙවීම සැකයි - ෆීච් අනතුරු ඇඟවීමක් !

ශ්‍රී ලංකාවට සිය විදෙස් ණය පැහැර හැරීමේ ‘සැබෑ හැකියාවක්’ පවතින බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච්’ අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම වෙනුවෙන් නිකුත් කෙරෙන “ආයෝඡකයින්ට දැන ගැනීමට අවශ්‍ය දේ: නැගී එන-වෙළෙඳපළේ ස්වෛරී වගකීම්-4Q21”(What Investors Want to Know: Emerging-Market Sovereigns – 4Q21) වාර්තාව ඔස්සේ ෆිච් මෙම අනතුරු ඇඟවීම කර තිබේ. “2020 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා බාහිර මූල්‍ය කටයුතු බිඳෙන සුළු මට්ටමක පවතින අතර 2021 ජූනි මාසයේදී අපගේ එම ‘CCC’ ශ්‍රේණිගත කිරීම නැවත තහවුරු කරමින් සැලකිය යුතු ණය අවදානමක් පෙන්නුම් කර තිබේ” යැයි ෆිච් රේටින්ග්ස් අධ්‍යක්‍ෂවරියක වන සාගරිකා චන්ද්‍ර අදාළ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබේ.

2021 ඉතිරි කාලය ශ්‍රී ලංකාවට ගෙවිය යුතුව ඇති විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාපෘති වෙනුවෙන් සහ බහුපාර්ශ්විය ණය වෙනුවෙන් ගෙවිය යුතුව ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් පිළිවෙළින් 2022 ජනවාරි සහ ජූලි මාසවලදී ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් බිලියන 1 ක් වශයෙන් පවතින බවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම දිගින් දිගටම බැහැර කරන බවද පවසන එම වාර්තාව 2023 වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.5 දක්වා පහත වැටෙනු ඇති බවට ද අනාවැකි පළකර ඇත.

(මව්රට )

Page 6 of 8