#mahindarajapakshe

  • "මහින්ද සුළඟ සමග නාමල් සුවඳ" ළඟදීම

    "මහින්ද සුළඟ සමග නාමල් සුවඳ" ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය ලෙසයි.

    මෙයට පෙර ''මහින්ද සුළඟ'' ආරම්භ කළා සේ මෙම නව දේශපාලන ව්‍යාපෘතියද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ රැඳී සිටිමින් පාක්ෂික හමුවීම් ඇතුළු දේශපාලන කටයුතු පසුගියදා ආරම්භ කළේය.


  • 2000 න් පස්සෙ ඉපදුණ බල්ලොන්ට මහින්දව වටින් නෑ - STF සෙබළාගේ කථාවට බුකිය ඇවිලේ

     ඊයෙ දින නුගෝගොඩ පැවති දේශපාලන රැළියට පැමිණි තරුණයෙකු කළ ආන්දෝලනාත්මක කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ කථාබහට ලක්ව තිබේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පක්ෂයේ පරාජය 2000 න් පසු ඉපදුණ අයගේ ඡන්ද නොලැබීම නිසා සිද්ධ වූවක් ලෙස ඔහු ඇගවුම් කරමින් කතාකරයි.

  • අපේ ගෙදර ගිනි තබා රාජිත අළුවෙයි ද ?

    රාජිත දිසානයකගෙ "අපේ ගෙදර ගිනි තියයිද" බලන්න ඊයෙ ලයනල් වෙන්ඩ්ට් එකට ගියා. රාජිතගෙ කලින් වැඩක් විදිහට මම බලල තිබුණෙ "නැතුව බැරි මිනිහෙක්" විතරයි.

    නැතුව බැරි මිහිහෙක් එකේ ස්ක්‍රිප්ට් එක කලින් කියවලා තිබ්බ නිසා සෑහෙන බෝරිං වුණා බලාගෙන ඉන්න එක. ස්ක්‍රිප්ට් එක කියවගෙන යනවා විතරයි. නළු නිළියන්ට මූඩ් එකකුත් නෑ. ඔහේ තැන් තැන්වල ඉඳගෙන දෙබස් කටපාඩමෙන් කියනවා. ඒ නාට්‍යය මට දැනුණෙ ස්ක්‍රිප්ට් එක තැන් තැන්වල ඉඳගෙන කියවලා අන්තිමට ගහන අත්පුඩියට ඇවිත් ඔළුව පාත් කරලා ගියා වගේ. ස්ක්‍රිප්ට් එකෙත් ඉතින් දේශපාලන කතා ඉස්මුරුත්තාවට එනව වගේ කෑලි තැන තැන හලලා තිබුණ මිසක හරි දේශපාලන හෝ සමාජීය විවේචනයක් අරගෙන එන්නවත් උත්සාහ කරල තිබුණෙ නෑ නාට්‍ය ඇතුළෙ.

     

    drama 05නැතුව බැරි මිනිහෙක්

    දෙබසක බර නොහඳුනන නළු නිළියෝ

    රාජිත ගැන හැදිලා තිබුණු ඔය වගේ චිත්‍රයක් එක්ක තමයි මම "අපේ ගෙදර ගිනි තියයිද" බලන්න මම යන්නෙ. රාජිත කියන්නෙ මගහැරගත නොහැකි නාට්‍යකරුවෙක් කියලා කවුදෝ කියලා තියෙනව වගේ මට මතක නිසා "නැතුව බැරි මිනිහෙක්" මුද්‍රණ දෝශයක් කියලා හිතාගෙන මේක බලනව කියල මම හිතාගත්තා.

    හැබැයි ඉතින් කියන්න වරදක් නෑ රාජිතගෙ මේ නාට්‍යය පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අර කලින් කිව්ව වගේම දෙබස් කියවගෙන කියවගෙන යන එක ගානට මිම්මට ඒ විදිහට කළා. දෙබස් මූලික නාට්‍ය ලෝකයේ නැති බව හෝ Readers' Theater ලෝකයේ පවතින්න ඕනෙ නෑ කියන එක නෙවෙයි මම අදහස් කරන්නෙ. සාමාන්‍යයෙන් දෙබසක් කියද්දි ඒකට නළු නිළියන් විසින් යම් බරක් එකතු කරනවා. ඒ දෙබස ගැන විශ්වාසයක් අපි තුළ දනවනවා. මියුසික්, ලයිට්ස්, පසුතල මුකුත් ම නැති වුණත් මනුෂ්‍ය සම්බන්ධතා, ඒ මිනිස්සුන්ගෙ ජීවිතවල ඇතුළාන්තය ඒ බරතැබීම එක්ක අපිට විවර වෙනවා.

     

     image 1a51100efe
     
     
     හැබැයි රාජිතගෙ නාට්‍යයේ නළු නිළියෝ කිසිම කෙනෙක් ඒ අවශ්‍ය බරතැබීම කරන්නෙ නෑ. රාජිත ඒක අධ්‍යක්ෂවරයෙක් විදිහට මෙහෙයවලත් නෑ. දෙබස් ගලාගෙන ගලාගෙන යනවා. ප්‍රේක්ෂකයා දිහා බලාගෙන නළුවො පිටපත කියවනවා. මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ ඔය පිටපත ප්‍රින්ට් කරලා දුන්නා නම් අපි ඒක කියවලා මනෝමය විදිහට මවාගන්න චිත්‍රය පවා මේ රාජිත මවපු දුර්වල චිත්‍රයට වඩා පොහොසත් කියලයි.
     

    කතාවේ ගලා යෑමට අදාළ නොවන සමාජ සංසිද්ධි

    රාජිතගෙ නාට්‍යය ඇතුළෙ සංගීතය, රංගාලෝකය, පසුතල නිර්මාණ වගේ දේවල් ප්‍රධාන වෙන්නෙ නෑ. ඒ ප්‍රධාන නොවීමත් එක්ක නාට්‍යය ගෙනයෑමේ සම්පූර්ණ බර පැටවෙන්නෙ අර කියන නළු නිළියන්ගේ රංගනය සහ චරිතය වෙනුවෙන් කරන බර තැබීමට වගේම ස්ක්‍රිප්ට් එකට සහ ඒකෙ තියෙන චරිත ගොඩනැංවීමට.

    රාජිතගේ නාට්‍යයේ ස්ක්‍රිප්ට් එක මට නම් සෑහෙන මදි. ඒ ස්ක්‍රිප්ට් එකේ තියෙන කතාවේ ගලා යෑමට අදාළ නැති: දාර්ශනික, LTTE එක, මහින්ද රාජපක්ෂ, දේශපාලනය වගේ දේවල් අතරින් පතර කිසිම සම්බන්ධයක් නැති උඩින් කතා පාත්වෙන දෙබස් වගේ ඔහේ පනිනවා. ඔය නාට්‍ය ඇතුළෙ දේශපාලනය කරන්න හරි රට හදන්න හරි උත්සාහ කරන්න කලින් අඩුම තමන්ගෙ අවංක ප්‍රකාශනයට තැනක් දෙන්න ඕනෙ. ඒක නොකර දේශපාලනිකව නිවැරදි වෙන්න ගියාම වෙන්නෙ ඒකෙ තියෙන ව්‍යාජය පොළා පනින එක.


    ව්‍යාජය අමු අමුවේ ම

    උදාහරණකට නාට්‍යයේ එක තැනක අරගෙන එනවා "LTTE එකට පයින් ගහලා පැන්නුවා. පස්සෙ ඒ LTTE එකට පයින් ගහපු මහින්ද රාජපක්ෂවත් පැන්නුවා" වගේ අර්ථයක් එන දෙබස් කොටසක්. මගේ ප්‍රශ්නය රාජිතට මේ දෙකම එකක් වගේ පේන්නෙ කොහොමද කියන එකයි. 
     
    මහින්ද රාජපක්ෂ එළවපු එක කේන්ද්‍රීය දේශපාලන මොහොතක් කියලා පෙන්නන්න එතනින් පස්සෙ මිනිස්සුන්ගෙ අදහස්වල වෙනස්වීම හෝ එතනට පත්වෙන්න බලපෑ හේතු කියන දේවල් මේ වගේ කිසිම අදාළත්වයක් නැති මෙළෝ සංසාරෙක ගළපගන්න බැරි දෙබස් හරහා අරගෙන එන එකෙන් රාජිත උත්සාහ කරන්නෙ දේශපාලන විචාරකයෙකු වෙන්න නම් හෝ දේශපාලනිකව බයියෙක් නොවන බව පෙන්නා නිවැරදි වීම නම් ඒකෙ ව්‍යාජය අමු අමුවෙම ප්‍රේක්ෂකයට පේනව කියන එකයි මගේ අදහස නම්.


    චරිතවල ගැඹුර නාට්‍යයේ කෝ...?

    ස්ක්‍රිප්ට් එකේ චරිතවල සහසම්බන්ධතා ගොඩනගද්දි, අඹු - සැමි, යහළු මිත්‍ර සම්බන්ධකම්වල තියෙන Depth එක රාජිතට අහුවෙලා තිබුණෙ නෑ. ඒ කියන්නෙ යහළුවො දෙන්නක් අතර ඇතිවන සංවාදයක් වේවා අඹු සැමියන් අතර වන සංවාදයක් වේවා ඒවගෙ තියෙන ගැඹුර සහ ඒ සම්බන්ධතාවල තත්ත්වය සම්බන්ධයෙන් අපිට කියවාගන්න පුළුවන් වෙන්නෙ රචකයා චරිත ගොඩනගන විදිහ එක්ක. හැබැයි නාට්‍යය පුරාම අපිට දකින්න ලැබෙන කිසිඳු චරිතයක එහෙම එළැඹුමක් නෑ. ඒ චරිත අතර තියෙන සම්බන්ධතා ඉතා ම ළාමකයි.
     
    9Y1A8967 P3

    උදාහරණයක් විදිහට දික්කසාද ගැහැනියක් සහ හිටපු පොලිස් නිලධාරියා අතර ඇතිවන සම්බන්ධය ගත්තොත්, ඇයි එයා ඒ වගේ සම්බන්ධයකට එළැඹෙන්නෙ? මොහොතකින් ඒ තත්ත්වයට පත්වෙන්න එයාට තිබුණ හේතුව මොකක්ද වගේ ප්‍රශ්නවලට එළැඹෙන්න තරම් ඒ චරිතවල ගැඹුර නාට්‍යයේ සටහන් වෙලා නෑ. ප්‍රධාන චරිත දෙකක් වන නිරෝෂිගේ සහ විජිත් ගේ අඹු සැමි සම්බන්ධය පවා ඒ විදිහෙ Odd සම්බන්ධ දෙකක් මිසක් ඒ දෙන්නා අතර තියෙන සම්බන්ධයේ ස්වරූපය හෝ බිඳවැටීම අපිට විශ්වාස කරන්න හේතු සාධක නාට්‍යය ඇතුළෙ නෑ.


    චරිත සහ සිදුවීම් අතර විශ්වාසය කෝ...?

    සාමාන්‍යයෙන් පතිරාජගෙ "පාරදිගේ" වගේ චිත්‍රපටියක මේ කියන Abstract චරිත සහ සිදුවීම් අපිට දැකගන්න පුළුවන්. හැබැයි චිත්‍රපටයේ කිසිඳු තැනක ඒ චරිත හෝ සිදුවීම් ඇතුළට එළඹෙන්න වචනෙකින්වත් උත්සාහ කරන්නෙත් නෑ. ඒ මුළු චිත්‍රපටය ම අපිට පේන්නෙ තුන්වන ඇසකින් මිසක් ඒ චරිත එක්ක බද්ධ වීමෙන් හෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කිරීමෙන් නෙවේ. ඒක චිත්‍රපටය ඇතුළෙ ම අපිට සන්නිවේදනය කරනවා "අපි හරියට එඬරු දඬු වගේ මුල් නෑ හැබැයි දළු දානවා" කියලා. 
     
    හැබැයි මෙතන තත්ත්වය ඊට වඩා වෙනස්. මෙතනදි අපිට ඓන්ද්‍රීය ඉඟි සහ තොරතුරු ලබා දෙනවා මේ චරිතවල මුල් විහිදිලා තියෙනව කියලා. උදාහරණයක් විදිහට පළමු ජවනිකාවේ ම යහළුවන් අතර ඇතිවන සංවාදවල දි ඒ සම්බන්ධ සිදුවීම් ප්‍රේක්ෂකයාට අහන්න දකින්න ලැබෙනව. හැබැයි ඒ මුල් මොනව ද? ඒවා මොනතරම් දුරට විහිදිලා ද? කියන එක රාජිත කියන්න උත්සාහ කරන්නෙ නෑ. අපි රාජිත කියන හැමදේම විශ්වාස කරයි කියලා පූර්ව නිගමනයකට රාජිත පත්වෙලා ඉන්න නිසා එයාට ඒ චරිත සහ සිදුවීම් අතර තියෙන විශ්වාසය මගෑරෙනවා කියලයි මට හිතෙන්නෙ.


    පෙළ පමණක් කියවීම නාට්‍යය ද...?

    ඔය ස්ක්‍රිප්ට් එකේ දි හරියට නොලියැවුණු චරිතවලට නළු නිළියන් ඉතා ම දක්ෂ විදිහට පණ පොවලා ඒ චරිතය ගොඩදාන අවස්ථා තියෙනව. මේ වෙලාවෙ ප්‍රසිද්ධ උදාහරණයක් විදිහට "නෙළුම් කුළුණ" චිත්‍රපටයෙ ප්‍රියන්ත සිරිකුමාර පෙන්වන්න පුළුවන්. ඒ කියන්නෙ ඒ අවශ්‍ය ගැඹුර සහ හැඟීම දනවන්න නළු නිළියන්ට පුළුවන් සහ මෙහෙයවන්නා හෙවත් අධ්‍යක්ෂවරයාට ඒකට මැදිහත් වෙන්න පුළුවන්. හැබැයි "අපේ ගෙදර ගිනි තියයිද" නාට්‍යයේ නළු නිළියොවත්, අධ්‍යක්ෂවරයාවත් අර දෙබස්වලින් ගේන්න හදන දේ ප්‍රේක්ෂකයට දැනවෙන විදිහට රංගනයෙන් විශේෂයෙන් ම ආංගික, සාත්වික අභිනවලින් කියන්න පුළුවන් කියන දේ අමතක කරල ඔහේ ස්ක්‍රිප්ට් එකම කියව කියව හැඟීමක් නැතුව වේදිකාවේ එහෙ මෙහෙ ඇවිද්දා කියල සිතුවිල්ල විතරයි මට ඉතුරු වුණේ.
     
    image 7485067106

    නළු නිළියන්ට සිද්ධ වෙන අසාධාරණය

    මම මේ නාට්‍යයේ බලාපොරොත්තුවක් දල්වාගෙන ගියේ තරුෂ සහ ප්‍රදීප්ගේ රඟපෑම් සම්බන්ධයෙන්. තරුෂ කියන්නෙ දෙබස් මූලික නාට්‍යයක් වුණත් රඟපෑමෙන් ගොඩ දාන්න පුළුවන් කියන කාරණය මට තේරුණේ "Run for your wife" නාට්‍යය බලපු දවසෙ. ප්‍රේමයේ කවිනළුව වගේ ඩ්‍රාමා එකක ප්‍රදීප්ගේ Act එක සම්බන්ධයෙන් මට තිබුණ අත්දැකීමත් ප්‍රදීප් සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව ඉන්න බලපෑවා. ඒත් ඒ දෙන්නම මේ නාට්‍යයේ රඟපෑව විදිහ සහ පැතලි ස්වභාවය හොඳ මෙහෙයවන්නෙක් නොමැතිකමෙන් නළුවන්ට සිද්ධ වෙන අසාධාරණය සම්බන්ධයෙන් ඉතාම හොඳ නිදර්ශනයක් බවයි මට හිතෙන්නෙ.

    වැඩි දෙයක් ඕනෙ නෑ ඔය මම කියපු කරුණු ටික සංසන්දනාත්මකව බලන්න පුළුවන් මේ දවස්වල වේදිකාගත වෙන ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ "රහසිගත ලිපිගොනු" බලනවා නම්. අඩු තරමෙ කුතුහලය අවසානය වෙනකන් ම අරගෙන යන්නෙ කොහොම ද කියලවත් ඒක බලලා රාජිතට ඉගෙනගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. 
     
    මනුෂ්‍ය සම්බන්ධතා, ඒවායේ කැත යථාව, ඒ සම්බන්ධතා චරිත ගොඩගැනීමත් එක්ක කොහොමද විශ්වාසීය තැනකට අරන් යන්නෙ කියන එක වගේ ම තමාගෙ පෞද්ගලික දේශපාලන සහ සමාජීය කියවීම ඉස්මුරුත්තාවෙ යවාගන්නෙ නැතුව ශානරීය ලක්ෂණ ඇතුළෙ ඉඳගෙන කොහොමද පෙන්නන්නෙ කියන කාරණය රහසිගත ලිපිගොනු පෙන්වලා දෙනවා. අඩු තරමෙ ඒක බලලා මේ නාට්‍යය බලනවා නම් "මේවා නාට්‍ය ද ?" කියලා හිතෙන එක අරුමයක් නෙවෙයි මට අනුව නම්.
     
    9Y1A8961 P3 1


    තමන්ගෙ වැඩේ ගැන අවංක වෙන්න

    දේශපාලනික නාට්‍ය කියල කියන්නෙ නාට්‍ය ඇතුළෙ දේශපාලනඥයෝ කරපු ඒවා කිය කිය ඒක නිසා අලුත් දේශපාලන බලවේගෙකට දෙන්න ඕනෙ වගේ කතාවලින් මතුපිට කිණ්ඩි දාලා ප්‍රේක්ෂකාගාරය චූන් කරන එක කියලා මම හිතන්නෙ නෑ.

    ඒකට සජීවී උදාහරණයක් කිව්වොත් ඉතින් ආයෙමත් අරන් එන්න වෙන්නෙ රහසිගත ලිපිගොනු ම තමයි. ඒකෙ තියෙනව සමස්ත බල දේශපාලන ව්‍යුහය, ආගම, සංස්කෘතිය සහ ජීවිතය සම්බන්ධ විවේචනාත්මක කියවාගැනීමක්. ඒක මේ වගේ මතුපිටින් හලාගෙන යන "ජෝක් කිණ්ඩි" නෙවේ. ප්‍රේක්ෂකයා හිනස්සන්න අමුණගෙන යන ඒවත් නෙවේ. කැමති කෙනෙක්ට කියවාගන්නත් කැමති කෙනෙක්ට කියවා නොගන්නත් පුළුවන් විදිහට Sub - text එකක් විදිහට නාට්‍යය තුළින් අරන් එන්නක්. 
     
    රාජිතලා මේ කරන්නෙ තමන් කියන්න හදන එක තේරෙන්නෙ නැති වෙයි කියලා මතුපිටින් කිණ්ඩියක් දාලා ඒක ප්‍රේක්ෂකයාට ඒ විදිහට බාරගන්න දමලා ගැහීමක්. තමන්ගෙ වැඩේ ගැන අවංක නැති ඕනෙ කෙනෙක්ට ඔය ප්‍රශ්නෙ එන්න පුළුවන් කියලයි මම හිතන්නෙ.


    අන්තර්ගතයට නොගැළපෙන ගීත

    රාජිත කියන්නෙ හොඳ නාට්‍යකරුවෙක් ද නැද්ද කියන ප්‍රශ්නයකට උත්තර මම දන්නෙ නෑ. හැබැයි මම බලපු නාට්‍ය දෙක අනුව නම් මට තේරෙන්නෙ රාජිතගේ නාට්‍ය Script reading එකකින් වෙනස් වෙන්නෙ සෙට් එකක් දාලා ලයිට් ටිකක් අමුණලා, අදාළ නැති මියුසික් කෑලි ටිකක් අමුණපු එකෙන් විතරයි කියලා.

    (මේකෙ සින්දු දෙක තුනක් තියෙනව, ඒවගෙ Lyrics ඇහුවම හිතුණෙ චින්තන ධර්මදාස "ආයු" එකට ලිව්ව සින්දුවට චින්තාට මල් තියල කොන්ද නවල වඳින්න ඕනෙ කියල අඩු තරමෙ Context එක ගැලපෙන ඒක කියවගන්න පුළුවන් සින්දුවක් ලියපන්කො මේවට ලියද්දි.)


    (උපුටා ගැනීම Jimuth Indusara Face book පිටුවෙන්)

     
  • ආණ්ඩුව වට්ටන්න නම්...; හිතවත් විපක්ෂය වෙතට ආදරයෙනි...

    පළවැනි කාරණේ තේරුං ගන්න ඕන මාලිමා ආණ්ඩුවට මංත්‍රී ආසන 159 තියෙනව කියන කාරණාව. දෙවැනි කාරණාව තමයි මාළිමා ආණ්ඩුවට ජනතාව බලය දීල තියෙනව අවුරුදු පහකට. ඒ කියන්නෙ මාලිමා ආණ්ඩුව 2028 වෙනකම්ම ඉන්නවා.

  • චන්ඩි මල්ලී සහ මිලින්ද රාජපක්ෂගේ වෙනස; නාමල්ට මහින්ද විය නොහැකි ය - (Samabima Party)

    මහින්ද රාජපක්ෂ දකුණේ දේශපාලනය තුළ මුල් ඇදගත්තේ 1982 දී ජේ.ආර්.ගේ කුප්‍රකට ලාම්පු-කලගෙඩි සෙල්ලමේ සූදූ පිටියේ දී ය.

  • ධනවාදයේ අවසන් ප්‍රතිඵලය කුමක් ද...? - Ideas front වීඩියෝවක්

    ධනවාදය තුළ නිරන්තරයෙන් ම අතිරික්තයක් නිෂ්පාදනය වන බවත් එය බෙදාගත හැකි වන්නේ බලය පවතින පාර්ශ්වයට පමණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • නාමල්ගේ නීතිඥ උපාධිය ගැන ආණ්ඩුවට අභියෝගයක් !

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකොට එහි ප්‍රගතිය ජනතාවට ප්‍රසිද්ධි කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්සට තමන් අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

  • නීතිඥවරියක නිසා මහින්දට අපලයක්

    පොහොට්ටු පක්ෂයේ කාන්තා සංවිධානවල ප්‍රධානියා ලෙස නීතිඥවරියක පත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ දැඩි ආවේගාත්මක ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

  • බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂ

    වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

    එහිදි ඔහු මෙසේද පැවසිය.

    “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ.

    හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ?

    දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.

    මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න.

    මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා. මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”



     

  • මහින්ද සමඟ ඡායාරූපයේ ඉන්නේ මම නොවෙයි -නිලන්ති කොට්ටහච්චි

    සමාජ මාධ්‍යවල සංසරණය වන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි අවධාරණය කරයි.

  • මහින්දගෙන් මහින්දට මල් !

    ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ සමග ගිවිසුම්ගත වුණේ රනිල් වික්‍රමසිංහ රට පාවාදීමට සහ රට විකිණීමට ගෙනගිය වැඩපිළිවෙළ පරාජය කිරීමට බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

  • රනිල් සහ සංතෝෂ් ජා පමණක් දන්නා රහස කුමක් ද...?- රනිල් කොලම

    බුදුන් ලංකාදීපයට අවුත් යක්ෂ සේනාව සක්වළ ගලින් එතෙරට එළවා දැමූ බව වංශ කතාවල සඳහන් ය. නැවතත් යක්ෂ සේනා විසින් අත්පත් කරගෙන සුන්නද්දූලි කර තිබූ රට පියවරෙන් පියවර ගොඩ ගනු ලැබූයේ රනිල් ජනපති විසිනි.

  • ලංකාවේ කිසිම පොලිසියක මට කුඩු පැමිණිල්ලක් නෑ..- නිමල් ලන්සා

    හෙරොයින් හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් තමන්ට ශ්‍රී ලංකාවේ කිසිදු පොලිස් ස්ථානයක කිසිදු පැමිණිල්ලක් හෝ පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ප්‍රකාශ කරයි.

  • ශිරන්ති රාජපක්ෂ FCIDය හමුවට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණියාය.

  • සරත් ෆොන්සේකා සමස්ත හමුදාව ම පාවා දුන්නා - මනෝජ් ගමගේ

    සුදු කොඩි ඔසවාගෙන ආ පිරිසට රාජ්‍ය හමුදාව වෙඩි තැබුවා යැයි ප්‍රකාශ කරමින් සරත් ෆොන්සේකා රටේ සමස්ත හමුදාවම පාවා දුන්නා යැයි  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ නිල මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.

    එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මනෝජ් ගමගේ පැවසුවේ සරත් ෆොන්සේකා මුඛයෙන් සහ අධෝමුඛයෙන් යන මුඛ දෙකෙන් ම කතා කරන බවයි.

    මතු පළ වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ නිල මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.



  • හැමෝගේ ම කවියා "සංවේදී රත්න ශ්‍රී විජේසිංහ" සහ එතුමා ලියූ කවි

    රත්න ශ්‍රී මහත්තයා හොඳ කවියෙකි. එතුමා ගැන මා නං මුලින්ම දැන ගත්තේ මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කළ නිසා ය.

  • ෆොන්සේකාගේ මහින්ද විරෝධී ප්‍රකාශයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය.

    "මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අයි ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්. මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්... මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්.  



    sarath


    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් Prasad Munaweera සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

    ● වසර 35ක් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම යෑමට සූදානම් වූ විට සේවා දිගුවක් දී ඔබව යුද හමුදාපති කරන්නේ මහින්ද



    ● 2006 ඔබගේ මූලස්ථානයටම ඇවිත් සිදු කල මරාගෙන මැරෙන බෝම්බයෙන් අසාධ්‍ය වූ ඔබව ලොකේ කොහේ හරි ගෙනිහින් සනීප කරලා දෙන්න කිව්වේ මහින්ද



    ● ජෙනරාල් කොබ්බෑකඩුව වඩමාරච්චි මෙහෙයුමේදී යුද්ධය නිම කිරීමට ආසන්නයටම පැමිණ තිබියදී දේශපාලන නායකත්වය එම මෙහෙයුම නතර කලහ. අවසානයේ ජෙනරාල්ට තම ජීවිතයද අහිමි විය.



    ●නමුත්, සෝල්හයිම්, මිලිබෑන්ඩ් ඇතුලු බටහිර රටවල දැවැන්ත ජාත්‍යන්තර බලපෑම් වලට නතු නොවී ඔබට යුද්ධ කිරීමට සම්පූර්ණ නිදහස සහ ශක්තිය ලබා දුන්නේ මහින්ද



    ● කොටින්ම යුද ජයග්‍රහණය අරලියගහ මැදුරේ සැමරූ අවස්ථාවේදීද තම සහෝදරයා වූ ආරක්ෂක ලේකම් ගෝඨාද පසෙකලා ඔබට කේක් කපා එය සැමරීමේ ප්‍රමුඛතාවය ලබා දුන්නේ මහින්ද

    ඒ මහින්ද ඔබ වැඩ්ඩෙක් සහ දක්ෂයෙකු බව දැන සිටි නිසායි.

    අප සියලු දෙනාටද යුද ජයග්‍රහණයේ ඔබ කල විශාල සේවය කිසිවිටක ප්‍රතික්ෂේප කල නොහැක.

    නමුත් ඔබ ඉන්පසු කලේ කුමක්ද?



    *UNP සහ JVP ලණුවක් කමින් ඒ මහින්දට විරුද්ධව ජනාධිපතිවරණයට තරග කලා. නමුත්, එය ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.



    *කෙසේ වුවද ඔබට කිසිදු දිනක සමාව දිය නොහැකි වරද වන්නේ සුදු කොඩි කතාව හරහා සමස්ත හමුදාව පාවා දුන් ඒ දේශද්‍රෝහි ක්‍රියාවයි. ‍



    *එම කතාව අදටත් අපගේ වීරෝදාර රණවිරුවන්ට ඉදිරිපත් කරන අභූත යුද අපරාධ චෝදනා සඳහා ජාත්‍යන්තරය ප්‍රබලව යොදා ගන්නවා.



    එම පාවාදීම, හමුදාවේ සිටියදී දේශපාලනය කිරීම සහ අවි ගණුදෙනුවක් සම්බන්ධව ඔබ යුද නීතිය යටතේ සිරගත වෙනවා.



    ඔබ කල සේවය සලකා බැලීමෙදී දෙවන සහ තෙවන වරදට ඔබ සිරගත කිරීමට මම එකඟ වන්නේ නැත.



    නමුත්, හමුදාව පාවා දීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරගත කලද කමක් නැත.



    එසේ තිබියදීත්, එදා ඔබ සිරගත කිරීම සිදු නොකර සිටියානම් හොඳයි කියා අද නාමල් කියනවා. ඒ මහින්දගේ පුතා.



    ඔබ ඔබ ගැන පෞද්ගලිකව සිතූ විට ඔබ කල පාවා දීම 100% නිවැරදි බව අද ඔබට පුන පුනා වැටහෙනවා ඇත.



    මන්ද, ආරක්ෂිත නිවසේ සිට වෙඩි නොවදින රථය දක්වා අහිමි කරමින් මහින්ද පස්සේ පන්න පන්නා පලිගන්නා විට,



    ඔබ තනියෙන් යුද්ධ කල ලෙසට ඔබ හැසිරුණද, ඔබ හැර අන් සියලු රණවිරු නායකයින්ට ජාත්‍යන්තර සම්බාධක පනවන විට,



    හිටපු නාවික හමුදාපතිගේ සිට ත්‍රස්තවාදීන් පාවා දී රජයට සහය වූ පිල්ලෙයාන් දක්වා පලිගන්නා විට,



    ඔබට මේ කිසිදු පලිගැනීමකට, වෛරයකට ලක් වන්නේ නැත.



    ඒ ඔබ සතුරන් සතුටු වන ලෙස කටයුතු කර, ඔබ ඔබට ලබාගත් රක්ෂණය නිසාය.



    නමුත්, ඔබ ඔබ ගැන සිතා කටයුතු කල විට මහින්ද කුමන බලපෑම් මධ්‍යයේ වුවත් අදටත් රට සහ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බව අප මෙන්ම ඔබත් හොදින්ම දන්නවා.



    එය ඔබ මේ කරනා කුහක, ඉරිසියාකාර, වෛරී, අපහාසාත්මක ප්‍රකාශ තුලින් රටේ ජනතාවට මැනවින් ප්‍රදර්ශනය කරයි.



    කෙසේ වුවත් මේ වම්පස සිටින ෆොන්සේකාට අප අදටත් ආදරෙයි, ණයගැතියි. 



    නමුත්, දකුණු පස සිටිනා පුද්ගලයා ගැනනම් ඇත්තේ අප්‍රසාදයක් මෙන්ම මහත් කණගාටුවක් පමණි. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න