ඔස්ට්‍රේලියාව ලංකාව සම්බන්ධ සංචාරක සීමා ලිහිල් කරයි !

ඔස්ට්‍රේලියාව ලංකාව සම්බන්ධ සංචාරක සීමා ලිහිල් කරයි !

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, සංචාරක සීමා ලිහිල් කළ ද මෙරට මාධ්‍ය වාර්තා පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බවය.

මෙරට සංචාරය කරන විට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ගැන සෑම විටම දැනුවත්ව සිටිය යුතු බව ද එම නිවේදනය හරහා ඔස්ට්‍රේලියානු රජය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් එම රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සීමා පනවනු ලැබුවේ අප්‍රේල් 21 වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කරගෙනය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න